Local News

ඇතැමුන් ජනාධිපති ධූරය වෙනුවෙන් වෙහෙසෙද්දී මම වෙහෙසෙන්නේ රට වෙනුවෙන්

අද (26) පෙරවරුවේ පැරිස් නුවරදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අවසන් කරමින් නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ අවසන් එකඟත්වයට එළැඹුණු බවත්, එමෙන්ම චීනයේ එක්සිම් බැංකුව සමඟ ද අද බෙයිජිං නුවරදී අවසන් එකඟත්වයට පැමිණි අතර ඊට අදාළ වන විධිමත් ක්‍රියා පටිපාටීන් මේ වන විට සිදුකෙරෙමින් පවතින බවත් ජනාධිපති රනිල් Read More

වසර 7ක් අඩපණව තිබූ කෘෂිකාර්මික පුස්තකාල තොරතුරු ජාලය යාවත්කාලීන කිරීමට යයි

ශ්‍රී ලංකා කෘෂිකාර්මික ප්‍රතිපත්ති සහාවේ කේන්ද්‍රස්ථානය ලෙස ක්‍රියාත්මක දැනට වසර 7ක් තිස්සේ අඩපණ වී තිබූ කෘෂිකාර්මික පුස්තකාල තොරතුරු ජාලය (AGRINET) යාවත්කාලීන කිරීමට පියවර ගැනේ.ශ්‍රී ලංකා කෘෂිකාර්මික ප්‍රතිපත්ති සහාව මගින් මෙරට සමාජ,ආර්ථික,සංවර්ධනය සඳහා කෘෂිකර්මයට අදාළ තොරතුරු භාවිතය,ප්‍රවර්ධනය කිරීමේ විශිෂ්ට ජාලයක් ලෙස ක්‍රියාත්මක වන මේ ආයතනය,කෘෂිකාර්මික විද්‍යාඥයන්ට අවශ්‍ය තොරතුරු ඉක්මන් ප්‍රවේශය,බෙදාහැරීම,හුවමාරුව යන ක්‍රියාවලිය සඳහා කෘෂිකාර්මික පුස්තකාල ධාරිතාව Read More

සීෂෙල්ස් හී දී වැඩපෙන්නූ අපේ බොක්සින් සූරයෝ

සීෂෙල්ස් හි වික්ටෝරියා හිදී අවසන් වූ සීෂෙල්ස් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දින බොක්සිං තරඟාවලියේදී ශ්‍රී ලංකාවේ හය දෙනෙකුගෙන් යුත් බොක්සිං කණ්ඩායම ඔවුන්ගේ ආරාධිත සංචාරයේදී පදක්කම් හයක් දිනා ගැනීමට සමත් විය. රටවල් පහකින් සමන්විත මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව රන් පදක්කම් දෙකක්, රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් 2ක් දිනා ගත්හ.

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

කැලණිවැලි මාර්ගයේ අද (26) උදෑසන දුම්රිය ප්‍රමාද වී ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් බවයි වාර්තා වෙයි. පාදුක්ක දුම්රිය ස්ථානය ආසන්නයේදී මෙම ගස කඩා වැටීම සිදු වී තිබේ.

ජනපති අද ජාතිය අමතයි

රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ හා විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා ජනතාව දැනුම්වත් කිරීමට නියමිතව තිබෙන අතර එය රාත්‍රී 8.00ට විදත් මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමට කටයුතු යොදා ඇත. ආර්ථික ප්‍රතිසංස්කරණ, ණය ප්‍රතිව්‍යුහගත කිරීම මෙන්ම රටේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා රජය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග ආදිය සම්බන්ධයෙන් මෙහිදී ජනතාව දැනුවත් Read More

ජුලි 01 සිට කල් ඉකුත් වන විදෙස් ගමන් බලපත්‍ර කාලය වසරකින් දීර්ඝ කෙරේ

ජුලි 01 වැනිදා සිට කල් ඉකුත් වන විදෙස් ගමන් බලපත්‍ර වල කාලය වසරකින් දීර්ඝ කර තිබේ. ඊ පාස්පෝර්ට් ලබාදිමේ අරමුණින් එම තීරණය ගත් බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේ ය. කිසියම් විදෙස් ගමන් බලපත්‍රයක් වලංගු වසර 10ක කාලසිමාව ඉක්මවීමෙන් පසුව ඊට තවත් වසරක කාලයක් ලබා දෙන්නේ ඊ පාස්පෝර්ට් නිකුත් කරන තුරු Read More

සමස්ත ජනතාවට ජයග්‍රහණයේ සුබ ආරංචිය හෙට ලබා දෙනවා – ඇමැති බන්දුල

ද්වී පාර්ශවික ණය හිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම්වලට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය හිමි වූ බවත් ඒ අනුව හෙට(26) දිනයේ අදාළ ගිවිසුම් වලට අත්සන් තැබීම සිදු වන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිණි. අත්සන් තබන ලබන Read More

වාර්ෂික බෝරා සම්මේලනය සාර්ථක කර ගැනීමට රජයේ උපරිම සහාය

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත බෝරා ප්‍රජාවගේ වාර්ෂික සම්මේලනය සාර්ථක කර ගැනීමට අවශ්‍ය උපරිම සහාය ලබා දෙන ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. සාගල රත්නායක මහතා මෙම උපදෙස් ලබා දෙනු ලැබුවේ වාර්ෂික බෝරා සම්මේලනය පිළිබඳ ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාවේදීය. පාකිස්තානයේ කරච්චි Read More

බස්නාහිරට මී.මී 100 ඉක්ම වූ තද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ක පමණ තද වැසි ඇතිවිය හැක. මාතලේ දිස්ත්‍රික්කයේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු–මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, Read More

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150ක මූල්‍යාධාරයක්

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 150ක මූල්‍යාධාරයක් ලබාදීමට අනුමත කර තිබේ. ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එම මූල්‍යාධාරය අනුමත කර ඇත්තේ, මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාවල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහාය.

t

o

p