Local News

පාස්කු ප්‍රහාරයෙන් පසු රට නොසන්සුන් තත්ත්වයකට ගමන් කරනවා

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව රට තුළ හටගත් නොසන්සුන් ස්වභාවය මේ වන විට බරපතළ අර්බුදයක් කරා ගමන් කරන බවක් පෙනෙන්නට තිබේන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ප්‍රසන්න රණතුංග පවසයි. මන්ත්‍රිවරයා නිකුත් කළ නිවේදනයේ මෙසේද සදහන්වේ. ත්‍රස්ත ප්‍රහාරයෙන් රිදුණු සිත් සුවපත් කරනු වෙනුවට ජාතීන් අතර වෛරය තව තවත් ඇවිලෙන ආකාරයට කටයුතු කිරීමේ රජයේ ප්‍රතිපත්තිය මෙම තත්ත්වයට Read More

ජනතාව අතර භීතිය හා ප්‍රචණ්ඩත්වය නැති කරන්න ආණ්ඩුව අසමත්

අප්‍රේල් 21 අන්තවාදී ප්‍රහාරයෙන් පසුව තවදුරටත් ජනතාව අතර භීතිය හා ප්‍රචණ්ඩත්වය ව්‍යාප්තවීමේ අවදානම වැළැක්වීමේ වගකීම දේශපාලන නායකයන්ට හා ජනමාධ්‍ය වෙත පැවරී ඇති නමුත් එවැනි වගකීම් සහගත ක්‍රියාදාමයක් දක්නට නොලැබෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් සිය ගණනක් මිය ගියද ප්‍රති-ප්‍රචණ්ඩ ක්‍රියාවලට යාමේ තත්වයක් නොතිබූ අතර එහෙත් එම විනාශයේ වගකීස එකිනෙකාට පවරමින් තවදුරටත් විනාශකාරී Read More

මුළු වයඹ පළාතටම නැවත දැනුම් දෙන තුරු ඇදිරි නීතිය

වහාම ක්‍රියාත්මක වන පරිදි යලි දැනුම් දෙන තෙක් වයඹ පළාතටම බල පැවැත්වෙන ලෙස පොලිස් ඇඳිරි නිතිය පැනවීමට තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කර සිටිනවා. මීට පෙර කුලියාපිටිය, බිංගිරිය, හෙට්ටිපොල, රස්නායකපුර, කොබෙයිගනේ සහ දුම්මලසුරිය යන ප්‍රදේශයන්ට මෙලෙස ඇඳිරි නිතිය පැනවීමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරනවා.

මහින්ද ප්‍රතිත්‍රස්ත පනතට විරුද්ධ ඇයි කිරිඇල්ල සියල්ල හෙළි කරයි

ත‍්‍රස්තවාදීන්ටමරණද`ඩුවමනියමකරනවාට, හමුදාවට සෝදිසි කිරිම් හා අත්අඩංගුවට ගැනීමේ බලය දෙනවාට, ගෝලීය ත‍්‍රස්තවාදයට සම්බන්ද පුද්ගලයන්ට නීතිය කි‍්‍රයාත්මක කරනවාට විපක්ෂය විරුද්ධ ඇයි ? දැයි සභානායක රාජ්‍ය ව්‍යවසාය කන්දඋඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍ය අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල විමසීය. අමාත්‍යවරයා මේ බව විමසා සිටියේ ප‍්‍රතිත‍්‍රස්ත පනත පිලිබදව දැනුවත් කිරිමේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී අදහස්ප‍්‍රකාශ කල අමාත්‍යවරයා, සෑම රටක්ම වෙනස්වන ගෝලීය ත‍්‍රස්තවාදයට මුහුණදීම උදෙසා Read More

ආණ්ඩුව ආරක්ෂාව හොයනවා වෙනුවට මාධ්‍ය තහනම් කරනවා

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් රට තුළ මතුව ඇති අනාරක්ෂිත තත්ත්වය පාලනය කරනු වෙනුවට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වෙත සීමා පැනවීම තුළින් ආණ්ඩුව ජනතාව හමුවේ නිරුවත් වී තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය. තරු පහේ ප්‍රජාත්‍රක්තවාදය හා මාධ්‍ය නිදහස පිළිබද කිඹුල් කදුලු හෙලමින්  බියට පත්වූ ආණ්ඩුවේ Read More

ප්‍රදේශ ගණනාවකට හෙට අලුයම 4 දක්වා ඇදිරි නීතිය

වහාම ක්‍රියාත්මක වන පරිදි කුලියාපිටිය,බිංගිරිය, දුම්මලසූරිය, හෙට්ටිපොල පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ. මීට අමතරව වහාම ක්‍රියාත්මක වන පරිදි කොබෙයිගනේ හා රස්නායකපුර යන පොලිස් බල ප්‍රදේශවලටත් පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසා සිටියේ අද(13)සවස 2 සිට හෙට (14)උදෑසන 4 දක්වා එම ප්‍රදේශයන්ට ඇඳිරි නීතිය පනවා ඇති Read More

වැඩබලන පොලිස්පතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (2019.05.13) පස්වරුවේ  කථානායක කරු ජයසූරිය මහතාගේ  ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී  රැස්විය. එහිදී, වැඩ බලන පොලිස්පති ධුරය  සඳහා චන්දන  දීපාල් වික්‍රමරත්න මහතා පත්කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා  විසින්  යොමුකර තිබූ නිර්දේශයට  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ  අනුමැතිය හිමි  විය.  

තව්හිද් ජමාද් සංවිධානය හැදුවේ කව්ද කියා අපි ලගදීම හෙළි කරනවා

මේ බෝම්බ පුපුරවන ජාතික තව්හිද් ජමාද් සංවිධානය හැදුවෙ කව්ද? මේවාට මුදල් දුන්නේ කව්ද? මේවා නියම දවසට එළි කරනවා. පහුගිය කාලේ මාධ්‍යවේදීන් උස්සන් ගියා. මාධ්‍යවේදීන් රට හැර ගියා. යැයි අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සදහන් කළාය. අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය මෙම අදහස් පළ කලේ රන් මාවත් සංවර්ධන වැඩසටහන යටතේ සංවර්ධනය කිරීමට නියමිත රත්නපුර දිස්ත්‍රික්කයේ ගබ්බෙල සිට  Read More

මැතිවරණය වෙනුවෙන් අාබාධිතයින්ගේ හා තරුණයින්ගේ තොරතුරු ඉල්ලයි

2019 ඡන්දහිමි නාම ලේඛන බී ආකෘති පත්‍ර බෙදා හැරීමේ කටයුතු ලබන 15 වනදා සිට ආරම්භ කරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි. ඒ සම්බන්ධයෙන් දිවයින පුරා ග්‍රාම නිලධාරීවරුන් දැනුවත් කිරීමේ කටයුතු මේ වන විට අවසන් කර ඇති බව එහි අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේය. මෙවර ඡන්ද හිමි නාම ලේඛන ආකෘති පත්‍රය සමඟ තවත් ලේඛනයක් Read More

නීතිය රටේ පොදු නීතියක් බවට පත් කරන්න ගන්න සියලු ජාතීන්ගේ සහාය අවශ්‍යයි

    නීතිය රටේ පොදු නීතියක් බවට පත් කරන්න අපි හැම කෙනෙක්ම නායකත්වය ගන්න කොට ඒ සදහා සියලු ජාතීන්ගේ සහාය අපිට අවශ්‍ය වෙනවා. සිංහල  දෙමළ කියලා අධ්‍යාපනය වෙනස් නොකළ යුතුයි. අපි වගකීමක් ඇති කියනවා මොනම හේතුවකටවත් කිසිම ජාතියක් බෙදලා වෙන් කරන්න රජය සුදානම් නැහැ. හැම මනුෂ්‍ය යෙකුටම ජීවත් වීමේ අයිතිය අපේ ව්‍යවස්ථාවෙන් ලබාදීලා තියෙනවා යැයි අමාත්‍ය තලතා අතුකෝරළ පවසයි. Read More

t

o

p