Local News

අධිකරණ ඇමති හා එක්සත් අරාබි එමීර් තානාපතිවරයා අතර හමුවක්

අධිකරණ ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා හා ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් තනාපති Ahmed Ali Almulla අතර හමුවක් අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ දී  පැවැත්විනි. මෙහිදී දෙරට අතර අධිකරණ ක්ෂේත්‍රයේ සම්බන්ධතා පුළුල් කිරීම පිළිබඳව සාකච්ඡා කළ අතර විශේෂයෙන් උදර්පණ පනත යටතේ වැරදිකරුවන් හා චූදිතයන් දෙරට අතර හුවමාරු කරගැනීම පිළිබඳව ඇති ගැටළු නිරාකරණය Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා අභාවප්‍රාප්ත වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධාන රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද  සොයිසා මහතා ඊයේ උදෑසන (04) අභාවප්‍රාප්ත විය.රෝගී තත්ත්වයක් සදහා සිංගප්පූරුවේදී ප්‍රතිකාර ලබමින් සිටියදී ඒමහතා අභාවප්‍රාප්ත වී තිබේ.ඒ මහතාගේ දේහය මෙරටට රැගෙන එමට කටයුතු කෙරෙමින් පවතින අතර අවසන් කටයුතු සිදුවන දිනය පසුව දැනුම් දෙනු ඇත. මිය යන විට 57 වැනි වියේ පසුවු ඒ මහතා 2010 වසරේදී Read More

බ්‍රිතාන්‍යයේ සිටින 6 හැවිරිදි දරුවකුගෙන් අගමැතිට ලිපියක්

මෙරට සම්භවයක් සහිත බ්‍රිතාන්‍යයේ සිටින සය හැවිරිදි දරුවෙකු එවූ ලිපියක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමේ ප්‍රසිද්ධ කර තිබේ. පරිසරය ආරක්ෂා කිරීමට ප්‍රමුඛතාව දිය හැකි දැයි, අබ්දුල්ලා අබූ බායිද් නමැති මෙම දරුවා අග්‍රාමාත්‍යවරයාගෙන් විමසා තිබේ. ඔහු සිය ලිපියේ පවසා ඇත්තේ, අපගේ අනාගතය දැන් ඔබගේ දෑත් මත ඇති බවයි. ශ්‍රී ලංකාවේ දැකුම්කළු වෙරළ හා සාගරය Read More

එක්සත් ජාතික පාක්ෂිකයෝ අසරණව සිටියදී සජිත් රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වයි

නව ජනාධිපතිවරයෙකු පත්වී ආණ්ඩු මාරුවීමත් සමග එක්සත් ජාතික පාක්ෂිකයෝ අසරණව සිටියදී සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම රාත්‍රී භෝජන සංග්‍රහ පවත්වමින් විනෝද වෙමින් සිටියි. පරාජයත් සමග ගොළු බෙල්ලා කටුව තුලට වී සැග‌ෙවෙන්නාසේ සැගව සිටි සජිත් ප්‍රේමදාස මහතා මේ වන විට රාත්‍රී භෝජන සංග්‍රහවලට සහභාගී වෙමින් සිටියි කඩා වැටුනු ඔහුගේ මානසිකත්වය යථා තත්ත්වයට පත් කර ගැනීම වෙනුවෙන් Read More

විශේෂ සාකච්ඡාවකට සියලු පක්ෂ ලේකම්වරුන් මැතිවරණ කොමිසමට

විශේෂ සාකච්ඡාවක් සදහා සියලු දේශපාලන පක්ෂ ලේකම්වරුන් අද (04) මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ. ඉදිරියේදි පැවැත්වෙන මහා මැතිවරණය සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු වනු ඇති බව සදහන්. එමෙන්ම නව මැතිවරණ නීති සම්බන්ධයෙන් හා දැනට පවතින මැතිවරණ නීති රෙගුලාසි කාලීන අවශ්‍යතා මත සංශෝධනය කිරිම සම්බන්ධයෙන් ද  අවධානය යොමු කිරිමට නියමිතයි.

එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා අභාවප්‍රාප්ත වෙයි

රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ, සිංගප්පුරු රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ය. මිය යනවිට ඒ මහතාගේ වයස අවුරුදු 57 කි.

මහ බැංකු බැඳුම්කර වෝහාරික විගණන වාර්තාව පිලිබඳ කෝප් කමිටුවේ විශේෂ රැස්වීමක්

මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකරන ලද වෝහාරික විගණනයේ  අවසාන වාර්තාව පිලිබඳව ඉදිරියට ගැනීමට අපේක්ෂා කරන ක්‍රියාමාර්ග සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා කෝප් කමිටුවේ විශේෂ රැස්වීමක් අද(03) පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන බව කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය. මෙම රැස්වීමට පැමිණෙන ලෙස කෝප් කමිටුවේ සියළු සාමාජිකයන්ට දැනුම් දුන් බවද සුනිල් හඳුන්නෙත්ති මහතා Read More

LNG ගනුදෙනුව සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ඉල්ලයි

රු. බිලියන 90 කට අධික මුදලක් රජයට අහිමි කර ඇතැයි පැවසෙන එල්.එන්.ජී. ගනුදෙනුව සම්බන්ධව වහාම තමන්ට වාර්තාවක් ලබාදෙන්නැයි මගී ප්‍රවාහන කලමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. පසුගිය රජය යටතේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිතව තිබූ එල්.එන්.ජී. (ස්වභාවික ද්‍රව වායු)  ව්‍යාපෘතිය පිළිබදව සාකච්ඡාවක් අද (02) පෙරවරුවේ  ඛනිජතෙල් අමාත්‍යාංශ Read More

සජිත් සැගවී ඇත්තේ රුපියල් මිලියන 700 ක ණය ගෙවා ගත නොහැකිවයි

ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සිය මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රබලයන්ගෙන් රුපියල් මිලියන 700 ක ණයක් ගෙන ඇති බව වාර්තා වේ. මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ලබා ගත ණය ගෙවන ලෙස ව්‍යාපාරිකයන් ඉල්ලා ඇති අතර එම ණය ගෙවිමට ක්‍රමයක් නැතැයි පැවැසීම නිසා ව්‍යාපාරිකයන් ඊට එරෙහිව නිතිමය පියවර ගන්නා බවට සජිත් ප්‍රේමදාසට දැනුම් දී තිබේ. Read More

සාමාන්‍ය පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වාගැනීම සදහා වැඩපිළිවෙළක්

සාමාන්‍ය පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වාගැනීම සදහා විශේෂ ඒකාබද්ධ වැඩපිළිවළක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ක්‍රියාත්මක කෙරේ.  ඒ අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව ආපදා නිසා ඇතිවිය හැකි බාධා අවම කරගැනීමට අවශ්‍ය සැළසුම් සකස් කර ඇත. යම් ආපදාවතත්වයක් නිසා විභාගයට පෙනී සිටීමට බාධාවක් ඇති වී ඇති Read More

t

o

p