Local News

බේකරි නිෂ්පාදන ජංගම රථවලින් නිවෙස් වෙත යෑම දැඩි අවධානමක්

ඇඳිරි නීතිය පනවා ඇති වේලාවේදී බේකරි නිෂ්පාදන රැගෙන යන ජංගම රථ සඳහා අවසර ලබාදීමටද පොලිසිය තීරණය කර තිබුණද මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් පවසන්නේ එය අවදානම් කි‍්‍රයාවක් බවයි. ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පෙන්වා දෙන්නේ මෙම සංචාරක වෙළෙන්දන් නොදැනුවත්කමින් නිරෝධායනයට ලක් කර ඇති නිවෙස්වලටත් මෙම බේකරි නිෂ්පාදන අලෙවි කිරීමෙන් දැඩි අවධානම් තත්ත්වයක් මතු Read More

ඇඳිරිනීතිය ඉවත් කළ ප්‍රදේශවල බැංකු විවෘතව තබන ලෙස රජය දැනුම් දෙයි

ඇඳිරිනීතිය ඉවත් කළ ප්‍රදේශවල බැංකු විවෘතව තබන ලෙස රජය දැනුම් දෙයි. අද උදෑසන 6 ට ඇඳිරිනීතිය ඉවත් කළ ප්‍රදේශවල සියලු බැංකු ශාඛා විවෘතව තබන්නැයි ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර මහතා ඉල්ලා සිටී. මේ සඳහා කළමනාකරු ඇතුළු සීමිත කාර්ය මණ්ඩලයක් යොදා ගත යුතුයි. මෙම කාර්යයට සහාය වන්නැයි ජනාධිපති ලේකම්වරයා ලංකා බැංකු සේවක සංගමයෙන්ද ඉල්ලා සිටී.

මෙරටින් හදුනාගත් කොරෝනා රෝගීන් ගණන 86ක් දක්වා ඉහළට

මෙරටින් හඳුනාගත් නව කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 86 දක්වා ඉහළ ගොස් ඇති බව බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.

ඇඳිරි නීතියෙන් වීදි සුනඛයන් හාමතේ.

මේ දිනවල ක්‍රියාත්මක වන ඇදිරි නීතිය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශ වල වෙසෙන නිවාස අහිමි සුනඛාදී සතුන් දැඩි ආහාර අහේනියකින් පෙළෙන අතර ඉන් ඔවුන්ගේ ජිවිතවදානමක් පවා එල්ල වී ඇති බව “අහිංසා ශ්‍රී ලංකා” සත්ව හිමිකම් සහ සුභ සාධන සංවිධානය කියයි. විශේෂයෙන් අප රටේ නාගරික සහ පූජාභූමි ආශ්‍රිතව දිවි ගෙවන නිවාස අහිමි සුනඛයන්ගේ සුපුරුදු ආහාර රටා අහිමි Read More

මහ මැතිවරණය ගැන ගැසට් නිවේදනයක්

මහ මැතිවරණය අපේ‍්‍රල් මස 25 වන දින පැවැත්වීමට නොහැකි බව දන්වමින් ඇතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ශී‍්‍ර ලංකාව තුළ ව්‍යප්ත වී ඇති කොරෝනා වෛරසය හේතුවෙන් මහ මැතිවරණය එම දිනයේදී පැවැත්වීමට හැකියාවක් නොමැති බවයි.

ලොව පුරා කොරෝනා ආසාධිත රෝගීන් ගණන තුන් ලක්ෂය ඉක්මවයි

මාරාන්තික කොරෝනා වෛරසයට මේ වන විට ගොදුරු වී ඇති පුදගලයින් ගණන තුන් ලක්ෂය ඉක්මවන බව වාර්තා වෙනවා. එම ගණන තුන් ලක්ෂ හත් දහස් දෙසිය හැත්ත හතක් ලෙස සදහන් වෙනවා. ලොව පුරා රටවල් 188 ක් මෙම වෛරසයේ බලපෑමට ලක්ව තිබෙනවා.

කොළඹ, ගම්පහ සහ පුත්තලමට අඟහැරුවාදා තෙක් ඇඳිරි නිතිය

කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක සඳහා දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය ලබන අඟහැරුවාදා උදේ 6.00 දක්වා දීර්ඝ කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කර සිටිනවා. එදිනම, එනම් 24 අඟහරුවාදා දහවල් 2.00 ට ඒ දිස්ත්‍රික්ක වෙත  නැවත ඇඳිරි නීතිය පනවනු ලැබේ.  සෙසු දිස්ත්‍රික්ක සඳහා වන ඇඳිරි නීතිය මාර්තු 23 වන සඳුදා උදේ 6.00 ට ඉවත් කෙරෙන Read More

වෛරසය ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 77 දක්වා ඉහළට

නව කොරෝනා වෛරසය ආසාදිත මෙරට පුද්ගලයින් සංඛ්‍යාව 77 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 05 ක්. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව තහවුරු කළා.

වරාය පරිශ්‍රය කෝවිඞ් 19 පැතිරීම වැලැක්වීමට පියවර

සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නාවික කොට්ඨාශයේ හා ක්‍රියාකරවන කොට්ඨාශයේ සේවකයින් කෝවිඞ් 19 වෛරසයෙන් ආරක්‍ෂා කිරීම සඳහා වැඩපිළිවෙළක් නොමැති බව සඳහන් කරමින්, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සභාපතිවරයා වෙත යොමු කොට ඇති ලිපියක කරුණු පදනම් කර ගනිමින් එම සංගමය විසින් මාධ්‍ය වෙත යොමු කොට ඇති ප්‍රවෘත්තියේ කරුණු සාවද්‍ය හා පදනම් Read More

කෝවිඩ් -19 බියකරු තත්වයකට

කෝවිඩ් -19 හෙවත් කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ක්‍රමයෙන් බියකරු තත්වයකට පත්වෙමින් දිනෙන් දින ආසාදිතයන් සංඛ්‍යාව ඉහළයාම සමස්ත රට වැසියන් මුහුණදෙන බලවත් අවදානමකි. මෙම අවස්ථාවේදී සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවාවන් සැලසීමෙහිලා නිරත වී සිටින සියළු අංශ වෙත සමස්ත ජාතියේ ගෞරවය, කෘතඥතාවය හා පූර්ණ සහය හිමිවිය යුතුය. එම සියළු අංශ මැනවින් කළමණාකරණය කීරිමට රජය Read More

t

o

p