කොළඹ, ගම්පහ සහ පුත්තලමට අඟහැරුවාදා තෙක් ඇඳිරි නිතිය

March 21, 2020

කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක සඳහා දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය ලබන අඟහැරුවාදා උදේ 6.00 දක්වා දීර්ඝ කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කර සිටිනවා. එදිනම, එනම් 24 අඟහරුවාදා දහවල් 2.00 ට ඒ දිස්ත්‍රික්ක වෙත  නැවත ඇඳිරි නීතිය පනවනු ලැබේ. 

සෙසු දිස්ත්‍රික්ක සඳහා වන ඇඳිරි නීතිය මාර්තු 23 වන සඳුදා උදේ 6.00 ට ඉවත් කෙරෙන අතර, නැවත එදිනම දහවල් 2.00 සිට ක්‍රියාත්මක වෙයි. මේ දිස්ත්‍රික්ක සඳහා පනවනු ලබන ඇඳිරි නීතිය ලබන අඟහරුවාදා උදේ 6.00 දක්වා බලපැවැත්වෙයි.

සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත පැනවීම ගැන පසුව දැනුම් දෙනු ලබන බවයි ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කර සිටින්නේ.

ඇඳිරි නීතිය ඉවත් කෙරෙන සෑම අවස්ථාවකම දිවයින පුරා සියලු මත්පැන් අළෙවි සැල් වසා තැබිය යුතු බව රජය දැනුම් දෙයි.

ගොවිතැන් කටයුතු සිදු කෙරෙන දිස්ත්‍රික්කවල ගොවි ජනතාවට සිය කාර්යයන් බාධාවකින් තොරව කරගෙන යාමට ඉඩ දෙන ලෙස රජය පොලීසියට උපදෙස් දී ඇත. 

අත්‍යාවශය ආහාර ද්‍රව්‍ය සහ සෙසු භාණ්ඩ තොග ප්‍රමාණවත් තරම් ගබඩා කර ඇති බැවින් අනවශ්‍ය ලෙස භාණ්ඩ රැස් කිරීමට කලබල නොවන ලෙස රජය ජනතාවට දැනුම් දෙයි. එළවළු ඇතුලු අත්‍යාවශය ද්‍රව්‍ය ප්‍රවාහනයටද ඉඩ සලසා තිබේ.

එසේම අත්‍යාවශය ආහාර ද්‍රව්‍ය බාධාවකින් තොරව අවශ්‍ය ස්ථාන වෙත ප්‍රවාහනය කිරීමට විධිවිධාන සලසා ඇත.

t

o

p