Local News

අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

ඌව සහ නැගෙනහිර පළාත් වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව සදහන් කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට Read More

රනිල්ට බැරි නම් රුවන් මැති සබයට

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම පක්ෂයට හිමි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට පත් කළ යුතු බවට වන යෝජනාවක් පක්ෂයේ සියලු දිස්ත්‍රික් කළමනාකරුවන් විසින් ඒකමතිකව ඊයේ (25) සම්මත කරන ලදි. එක්සත් ජාතික පක්ෂයේ දිස්ත්‍රික්ක සහ කලාප සංවිධායකවරුන්ගේ විශේෂ හමුවක් පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන සහ හිටපු ඇමැති සාගල රත්නායක මහත්වරුන්ගේ මූලිකත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණි. Read More

ලක්විජය බලාගාරයේ පාරිසරික ඇගයීම් සඳහා මධ්‍යම පරිසර අධිකාරිය සම්බන්ධ කරගන්න

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ පාරිසරික ඇගයීම් සිදුකිරීම වයඔ පළාත් සභාවේ පරිසර අධිකාරිය මගින් පමණක් සිදුකිරීම ප්‍රමාණවත් නොවන බවත්  අහසට දූවිලි එක් වීම වැනි කාරණා රටටම බලපාන බැවින් මෙවැනි වැදගත් පාරිසරික ඇගයීම් සඳහා මධ්‍යම පරිසර අධිකාරීය සම්බන්ධ වීම ඉතා වැදගත් බවත් කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා නිර්දේශ කළේය. ලක්විජය බලාගාරයේ දීර්ඝකාලීන සැලැස්ම යටතේ ඉදිරියට විදුලි Read More

ලොව පුරා කොවිඩ් මරණ ගණන ලක්ෂ 14 ඉක්මවා යයි

ලොව පුරා සිදුව ඇති කොවිඩ් නයින්ටීන් මරණ ගණන ලක්ෂ 14 ඉක්මවා ගොස් තිබේ. ලෝකයේ රටවල් 218 කින් කොවිඩ් මරණ වාර්තා වන බව දත්ත අනුව පැහැදිලි වේ. මේ අතර වැඩිම මරණ සංඛ්‍යාවක් අමෙරිකාවෙන් වාර්තා වන අතර එය 263,687 කි. මීට අමතරව ඉන්දියාව, බ්‍රසීලය සහ මෙක්සිකෝව යන රටවලින් ලක්ෂය ඉක්මවූ මරණ ගණනක් මේ වනවිට වාර්තා වී ඇති Read More

අවවාද, අනතුරු ඇගවිම් කළ හැකි වරදවලට සමාජ මාධ්‍ය පුරවැසියන්ට දඩුවම් නොකරන්න – අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ

අවවාද කිරීම්, අනතුරු ඇඟවීම් කළ හැකි වරදවලට පවා සමාජ මාධ්‍ය භාවිතා කරන පුරවැසියන් අත්අඩංගුවටගෙන රිමාන්ඩ්  නොකරන්නැයි අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය ඉල්ලා සිටියි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය වැඩිදුරටත් මෙසේද සදහන් කරයි. සමාජ මාධ්‍ය භාවිතා කරන සාමාන්‍ය ජනයා පවා මාධ්‍ය භාවිතය පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු කළ යුතු බව අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය ලෙස අපි අවධාරණය කරන්නෙමු. Read More

සුද්දා ඇඟ බද්ද ගැහුවා, ආණ්ඩුව 15% ක “මෙන්සස් බද්ද” ක් ගැහුවා – පා. ම රෝහිණී කවිරත්න

 බ්‍රිතාන්‍ය ජාතිකයින් ඇඟ බද්ද ගැහුවා වගේ මේ ආණ්ඩුව දැන් 15% ක ‘මෙන්සස් බද්දක්‘ ගහලා, කාන්තාවන්ගෙන් මාස් ශුද්ධියෙනුත් ආදායම් උපයන්න හදනවා යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.    1848 දී එංගලන්තයේ ටොරින්ටන් ආණ්ඩුකාරයා ඇඟ බද්ද, බලු බද්ද ඇතුළු බදු 7 ක් ගැහුවා.  මේ ආණ්ඩුව කාන්තාවන්ගේ ‘මාස් ශුද්ධියට බදු ගහපු ආණ්ඩුවක්‘ ලෙස ඉතිහාසගත Read More

ව්‍යාජ ඩොලර් 100 මුදල් නෝට්ටු මුද්‍රණයේ පරීක්ෂණ CID ට

ඇමරිකානු ඩොලර් 100 මුදල් නෝට්ටු ව්‍යාජ ලෙස මුද්‍රණය කළ පුද්ගලයන් දෙදෙනෙකු උපකරණත් සමග කන්තලෙන් හා ඉබ්බාගමුවෙන් ඊයේ (23) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය. කන්තලේදි අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබි ඇමරිකානු ඩොලර් 100 ව්‍යාජ මුදල් නෝට්ටු 341 ක් ද, ඉබ්බාගමුව ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබි ඇමරිකානු ඩොලර් Read More

සනීපාරක්ෂක තුවාවලටත් බදු

2021 අයවැය යෝජනාවලින් පසු ආණ්ඩුව සනීපාරක්ෂක තුවාවලට තවත් 15%ක බදු පණවලා. සනීපාරක්ෂක තුවායක් මිලදීගැනීමේදී ලාංකික කාන්තාවක් විසින් විශාල බදු ප්‍රමාණයක් ගෙවිය යුතු බව පැහැදිලියි.   සාමාන්‍යයෙන් ගත් කල කාන්තාවන් සිය ජීවිත කාලය තුළදී දින 2500 – 3000 අතර කාලයක් ඔසප් වීම සමඟ ගත කරන බවට තක්සේරු කර තිබෙනවා.  එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ අධ්‍යයනයක් අනුව, ශ්‍රී Read More

කොරෝනා නීති කඩ කළ 62ක් අත්අඩංගුවට

මුහුණු ආවරණ නොපැලදීම සහ පුද්ගල දුරස්ථභාවය තබා නොගත් පුද්ගලයින් 62ක් ගෙවුණු පැය 24 කාලය තුළදී අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා. මේ අනුව ඔක්තෝබර් 30 දින සිට අත්අඩංගුවට පත් ගණන 527ක් බවද ඒ මහතා සඳහන් කළේ. මොවුන්ට එරෙහිව නිරෝධායන නීතිය යටතේ ක්‍රියාමාර්ග ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා Read More

t

o

p