රනිල්ට බැරි නම් රුවන් මැති සබයට

November 26, 2020

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම පක්ෂයට හිමි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට පත් කළ යුතු බවට වන යෝජනාවක් පක්ෂයේ සියලු දිස්ත්‍රික් කළමනාකරුවන් විසින් ඒකමතිකව ඊයේ (25) සම්මත කරන ලදි.

එක්සත් ජාතික පක්ෂයේ දිස්ත්‍රික්ක සහ කලාප සංවිධායකවරුන්ගේ විශේෂ හමුවක් පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන සහ හිටපු ඇමැති සාගල රත්නායක මහත්වරුන්ගේ මූලිකත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණි.

සියලු දිස්ත්‍රික්ක නියෝජනය කරමින් කළමනාකරුවන් මේ අවස්ථාවට සහභාගිවූ අතර, මෙහිදී පක්ෂයේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කළ අතර, ඡන්ද පොළ මට්ටමින් පක්ෂ යාන්ත්‍රණය ක්‍රියාත්මක කළ යුතු ආකාරය රුවන් විජේවර්ධන මහතා විසින් පැහැදිලි කර දෙන ලදි. දිස්ත්‍රික්ක මට්ටමින් පක්ෂ ක්‍රියාකාරීන් හමුවීම මේ මාසය තුළදී අවසන් කිරීමටද මෙහිදී තීරණය විය.

එහිදි ඉහත යෝජනාව සම්මත වී ඇති අතර පක්ෂ නායකයා මැති සබයට නොයන්නේ නම් රුවන් විජයවර්ධන මහතා අනිවාර්්‍යයෙන්ම ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයෙන් පාර්ලිමේන්තු යා යුතු බවට ද යෝජනා සම්මත වී ඇත.

ඉදිරි දින කිහිපය තුළ පක්ෂ යාන්ත්‍රණය පණ ගැන්වීමට ගත යුතු ක්‍රියාමාර්ග රැසක් ද මෙහිදී තීරණය විය.

t

o

p