Local News

මාධ්‍යවේදීන්ට කොවිඩ් එන්නත කඩිනමින්

මාධ්‍යවේදීන් සඳහා ද කොවිඩ් එන්නත ලබා දීමට කඩිනමින් කටයුතු කරන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා සදහන් කරයි. මේ වනවිට ඇණවුම් කර ඇති ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලක්ෂ පහ දිවයිනට ළගා වීමත් සමඟ මේ පියවර ගන්නා බව ලේකම්වරයා කියා සිටියේය. ජනතාව සමඟ Read More

රුපියල් කොටි 10 අධික වටිනාකමින් යුතු හෙරොයින් සහ අයිස් මත් ද්‍රව්‍ය නුගේගොඩින් අල්ලයි

හෙරොයින් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ 5 ක් සහ අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ 5 ක් නුගේගොඩ නවාතැන් පොලක තිබී සංවිධානත්මක අපරාධ කොට්ඨාසයේ නිලාධාරීන් විසින් අද (16) දහවල් අත්අඩංගුවට ගෙන ඇත. මෙම හෙරොයින් හා අයිස් තොගයේ වටිනාකම රුපියල් කෝටි 10 ක් පමණ වන බව පොලිසිය පවසයි. නුගේගොඩ ගන්සභා හන්දියේ පිහිටි කාමර 7 කින් යුතු නවාතැන් පොලක තිබී මෙම Read More

වැබ බලන සෞඛ්‍ය ඇමති ලෙස මහාචාර්ය චන්න ජයසුමන. රොෂාන් රණසිංහගේ රාජ්‍ය අමාත්‍යධූරය වෙනස්වේ

වැඩබලන සෞඛ්‍ය කැබිනට් අමාත්‍යවරයා ලෙස මහාචාර්ය චන්න ජයසුමන මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ. මහාචාර්ය චන්න ජයසුමන මහතා ඖෂධ නිෂ්පාදනය සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටින්නේ ද කොවිඩ් ආසාදිතවූ විෂයභාර අමාත්‍යවරිය වන පව්ත්‍රා වන්නිආරච්චි මහත්මිය යළි සේවයට වාර්තා කරන තෙක් සෞඛ්‍ය අමාත්‍ය ධූරයෙහි වැඩ බැලීමට මහාචාර්ය චන්න ජයසුමන මහතා පත් කරන Read More

කෙරවලපිටිය එල් එන් ජී බලාගාරය සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය

මෙගාවොට් 300 කෙරවලපිටිය එල් එන් ජී බලාගාරය සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය දුන් බව සභාපති ජනක රත්නායක මහතා පවසයි මෙගා වොට් 300 එල් එන් ජී බලාගාරයේ විදුලි ගිවිසුම සදහා අනුමැතිය ලබාදුන් බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කලේය. පසුගිය 13 වැනි දින රැස්වු ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් Read More

අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීම අධිකරණ 42 කින් ආරම්භ කර අදියර හතරක් යටතේ සියලු අධිකරණ වෙත හදුන්වා දීමට කටයුතු කරනවා.

නඩු ප්‍රමාදය අවම කරමින් පවතින නඩු කඩිනමින් විසදමින්  ජනතාවට අධිකරණය මගින් ලබා දිය හැකි උපරීම සහන සැලසීම වත්මන් රජයේ මුලික අරමුණ වන බැවින් ඒ සදහා අවශ්‍ය උපදෙස්  ජනාධිපතිතුමා විසින් ලබා දී ඇති බවත්, අධිකරණ පද්ධතිය තුළ සිදු වන සියලු ප්‍රතිසංස්කරණ යටිතල පහසුකම් සැපයීම වැනි කටයුතු වල වාසිය සාමාන්‍ය ජනතාව වෙත ගලා යා යුතු බවත් අධිකරණ Read More

වසර 21 ක් ප්‍රමාද වූ ළමා ආරක්ෂක ජාතික ප්‍රතිපත්තිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කෝප් කමිටුවෙන් නිර්දේශ

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රමුඛතම වගකීමක් වන ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම කඩිනමින් සිදුකරන ලෙස රජයේ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ ( කෝප් කමිටුව) සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පසුගිය 12 වනදින පැවති කෝප් කමිටු රැස්වීමේදී එම අධිකාරිය අයත්වන අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු  අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. ළමා   අපචාර වැළැක්වීම සහ එවැනි අපචාරවලට ගොදුරුවූ ළමුන් Read More

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 74000 ඉක්මවයි

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදිතයින් ගණන ඊයේ රාත්‍රිය වනවිට 74000 සීමාව පසුකළා. ඒ ඊයේ දිනයේදී තවත් ආසාදිතයින් 940 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි. ඊයේ දින හඳුනාගත් ආසාදිතයින් අතරින් 632 දෙනෙකු පෑලියගොඩ කොරෝනා පොකුරෙන් වන අතර 4 දෙනෙකු බන්ධනාගාර පොකුරෙන් වනවා. තවත් ආසාදිතයින් 4දෙනෙකු විදේශයන්හී සිට පැමිණි අයයි මේ අතර ඊයේ තවත් මරණ 5ක් වාර්තාවීමත් සමග මෙරට මුලු Read More

ප්‍රේමලාල් ජයසේකර ට මෙන් රන්ජන් රාමනායකට ද පාර්ලිමේන්තුවට පැමිණීමට අවසර ලබාදෙන්න

ප්‍රේමලාල් ජයසේකර ට මෙන් රන්ජන් රාමනායකට ද පාර්ලිමේන්තුවට පැමිණීමට අවසර ලබාදෙන ලෙස අද (12) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලා සිටියේය. සිය  සහෝදර මන්ත්‍රිවරයෙකු වන  රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රි වරප්‍රසාද අනුව  ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය  එලෙසම පවත්වාගෙන යා යුතු බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කතානායක Read More

බ්‍රිතාන්‍යයේ පැතිර යන කොවිඩ් නව ප්‍රභේදය ලංකාවේ ප්‍රදේශ කිහිපයකත්

මහා බ්‍රිතාන්‍යයේ පැතිර යන කොවිඩ් නව වෛරස ප්‍රබේදය වන B 1.1.7 UK ප්‍රභේදය ලංකාවේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වන බව සෞඛ්‍ය අංශ සදහන් කරයි. නව වෛරස ප්‍රබේදය ආසාදනය වූ රෝගීන් කොළඹ, අවිස්සාවේල්ල, බියගම හා වව්නියාව යන ප්‍රදේශවලින් හදුනාගෙන ඇත. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව හා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය, ආචාර්ය චන්දිම ජීවන්දර Read More

වැලන්ටයින් කාලයේ එන වංචනික සමාජ මාධ්‍ය පණිවුඩ ගැන සැලකිලිමත් වන්න – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

ආදරවන්තයන්ගේ දිනය හෙවත් වැලන්ටයින් දින සැමරුම් වෙනුවෙන් විවිධ වංචනික කටයුතු කිරීමට පිරිසක් කටයුතු කරමින් සිටින බවට පොලිසියට වාර්තා වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය. ඔබේ දුරකතනයට, සමාජ මාධ්‍ය ගිණුමට යම් පණිවුඩයක් එවමින් ආදරවන්තයෙකු හෝ ආදරවන්තියක විසින් වටිනා ත්‍යාගයක් එවා ඇති බවට පවසා එය ලබා ගැනීමට යම් මුදලක් තැන්පත් කරන Read More

t

o

p