වැබ බලන සෞඛ්‍ය ඇමති ලෙස මහාචාර්ය චන්න ජයසුමන. රොෂාන් රණසිංහගේ රාජ්‍ය අමාත්‍යධූරය වෙනස්වේ

February 16, 2021

වැඩබලන සෞඛ්‍ය කැබිනට් අමාත්‍යවරයා ලෙස මහාචාර්ය චන්න ජයසුමන මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

මහාචාර්ය චන්න ජයසුමන මහතා ඖෂධ නිෂ්පාදනය සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටින්නේ ද

කොවිඩ් ආසාදිතවූ විෂයභාර අමාත්‍යවරිය වන පව්ත්‍රා වන්නිආරච්චි මහත්මිය යළි සේවයට වාර්තා කරන තෙක් සෞඛ්‍ය අමාත්‍ය ධූරයෙහි වැඩ බැලීමට මහාචාර්ය චන්න ජයසුමන මහතා පත් කරන ලද බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. 

මේ අතර රොෂාන් රණසිංහ මහතා පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයට පත්කර තිබේ. 

ඔහු මීටපෙර ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරය හෙබවීය. 

රණසිංහ මහතා ද අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා ඉදිරියේ නව රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දී ඇත. 

t

o

p