Local News

යාපනයේ කඩු කල්ලි නැවත හිස ඔසවයි

යාපනයේ නීර්වේලී ප‍්‍රදේශයේ නිවසකට ඇතුලූ වූ කඩු පොලූ රැගත් පිරිසක් එම නිවසේ භාණ්ඩවලට අලාභහානි කොට නිවසේ සිටි දෙදෙනකුට කඩු ප‍්‍රහාර එල්ලකොට තුවාල සිදුකොට පලාගොස් තිබේ. තුවාලකරුවන් දෙදෙනා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ. යාපනය පොලිසිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වයි.

ප්‍රාථමික අංශ ලබන 25 සඳුදා සිට ඇරඹේ

රජයේ සියලුම පාසල්වල ප්‍රාථමික අංශ (1 සිට 5 දක්වා ශ්‍රේණි) එළඹෙන 25 වන සඳුදා සිට ආරම්භ කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවසර ලබාදී තිබේ. පළමු අදියර යටතේ සිසුන් 200ට අඩු පාසල් හි ප්‍රාථමික අංශ පසුගිය ඔක්තෝබර් 21 දින සිට ආරම්භ වූ බවත් අනතුරුව ලබන සඳුදා දෙවන අදියර යටතේ ශිෂ්‍ය සංඛ්‍යාව 200ට වැඩි පාසල් හි Read More

වප් පුර පසළොස්වක පෝය දිනය අදයි

වප් පුර පසළොස්වක පෝය දිනය අදට(20) යෙදී තිබේ. පුරා තුන්මසක් තවුතිසා දෙව්ලොව වස් විසූ බුදුරජාණන් වහන්සේ වස් පවාරණය කර දඹදිව සංකස්ස පුරයට වැඩම කළේ , අද වැනි පොහෝ දිනකදී ය. සැරියුත් හිමියන් ප්‍රඥාලාභී භික්‍ෂූන් අතර අග්‍රස්ථානය ලැබීම, කල්ප ලක්‍ෂයකින් මතුයෙහි බුදුවීමට සිටින මෛත්‍රී බෝසතාණන් ගෞතම බුදුරදුන්ගේ ශාසනයෙහි පැවිදි වීම, අනුලා දේවිය ඇතුළු කුල කතුන් සසුන්ගත Read More

මෙරටට නැනෝ නයිට්‍රජන් දියර පොහොර රැගෙන එයි

මෙවර මහ කන්නයේ කෘෂිකාර්මික කටයුතු සදහා භාවිත කිරීමට, ඉන්දියාවෙන් ඇණවුම් කළ නැනෝ නයිට්‍රජන් දියර පොහොර පළමු තොගය අද අලුයම ගුවන් මඟින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ලැබුවා. ඒ, ඉන්දියාවේ හයිද්‍රාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. – 1156 දරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන්. මෙවර මහ කන්නය වෙනුවෙන් නැනෝ නයිට්‍රජන් Read More

උපකාරක පන්ති ආරම්භ කිරීමට තීරණයක්

ලබන මස පළමුවනදා සිට උපකාරක පන්ති නැවත ආරම්භ කිරීමට තීරණය කෙරුණු බව ශ්‍රී ලංකා පොදුජන වෘත්තීය දේශකවරුන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් සුදත් දියගුආරච්චි මහතා සඳහන් කළේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවකදී ඊට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවයි.

පාර හදා දෙන්නැයි ගම්මු පාරට බසිති

අබලන්ව ඇති හොරණ – වගවත්ත මාර්ගය සංවර්ධනය කර දෙන ලෙස ඉල්ලා මාර්ගය හරහා ලී කොට යොදා හරස් කරමින් පසුගියදා උදෑසන වගවත්ත ප්‍රදේශවාසීහු උද්ඝෝෂණයක නිරත වූහ. හොරණ ආයෝජන මණ්ඩලයේ කර්මාන්තපුරයට හා තවත් ගම් කිහිපයකට ගමන් කරනා ප්‍රධාන මාර්ගය මෙය වන අතර මේ හේතුවෙන් කර්මාන්තශාලාවල සේවයට පැමිණි සේවකයන් 500කට ආසන්න පිරිසක් සහ වාහන විශාල ප්‍රමාණයක් ගමන් කළ Read More

සහල් මිල වැඩිවෙයි

පොළොන්නරුවේ මහා පරිමාණ වී මෝල් හිමියන් ලබා දෙන බව කියූ මිලට නාඩු, සම්බා සහ කීරි සම්බා වෙළෙඳ පොළට නොලැබෙන බව තොග වෙළෙන්දෝ පවසති. සහල් පාලන මිල ඉවත් කිරීමත් සමගම මහා පරිමාණ වී මෝල් හිමියන් මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ නාඩු සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 115කටද, සම්බා සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 140කටද, කීරි සම්බා සහල් කිලෝ Read More

රතන හිමිගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරයි

අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර තිබෙනවා. ඒ බව පක්ෂ ලේකම්වරයා විසින් මැතිවරණ කොමිසම් සභාවට දැනුම් දී ඇති බව සඳහන්. කොමිසමේ සභාපති ජ්‍යේෂ්ඨ නිතීඥ නිමල් පුංචිහේවා සඳහන් කළේ, ඊයේ දිනයේදී කොමිසම් සභාවට මේ බව දැනුම් දුන් බවයි.

කළු කඩ මුදලාලිලාට ආණ්ඩුව පාලනය භාර දීලා

කිරි පිටි, ගෑස්, පාන් පිටි හා සිමෙන්ති මිල පාලනයෙන් රජය ඉවත් වී භාණ්ඩ මිල තීරණය කිරීමේ අයිතිය සමාගම් වෙත පවරා දෙමින් අහස උසට මිල වැඩිකිරීමට ඉඩ දී කළු කඩ මුදලාලිලාට ආණ්ඩුව පාලනය කිරීමට භාරදී ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඉකුත් දා පැවැති එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන්ගේ හමුවකට Read More

තවත් සීනි සහ සැමන් වංචාවක්

මෙරටට ආනයනය කරනු ලබන සීනි සහ සැමන් සඳහා ප්‍රමිති ආයතනයේ ලියාපදිංචිවී අනුකූලතා සහතිකය ලබා ගැනීම අනිවාර්ය වුව ද, එම කොන්දේසිය සපුරාම බිඳ දමා ඇති බව අනාවරණය වේ. දුඹුරු සීනි ආනයනය සම්බන්ධයෙන් කටයුතු කරන ආයතන 72ක් අදාළ අනුකූලතා සහතික ලබාගෙන නොතිබිණි. 2019 ජනවාරි සිට 2021 ජූනි දක්වා මොවුන් අවස්ථා 942දී සීනි ගෙන්වා තිබූ අතර එයින් පරීක්ෂාවට Read More

t

o

p