Local News

ගැබිණි මව්වරුන්ට විශේෂ දැනුම් දීමක්

වර්තමානයේ පැතිර යන කොවිඩ් 19 වයිරසය ගැබිණි මවුවරුන්ට වැළදීමේ දැඩි අවදානමක් ඇති බැවින් ඔවුන් අතිශය ප්‍රවේශම් විය යුතු බව ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය පවසනවා. කොවිඩ් වැළඳුණු ගැබිණි මවුවරුන් තිදෙනෙක් මේ වන විටත් දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බව එම විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා Read More

සතොස සහන මල්ල දෙවන අදියර මැයි 02 වෙනිදා සිට

රට තුළ ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන වසංගත රෝග තත්වය හමුවේ පාරිභෝගික ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමේ අපහසුතා මඟහරවමින් ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ අවම මිළ ගණන් වලට ලබා ගැනීමේ අවස්ථාව සැලසීම සඳහා වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ගේ සංකල්පයක් මත සතොස සහන මල්ල-2 වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන බව අද දින වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා ප්‍රකාශ Read More

උත්සව ඇතුළු සියලු මහජන ඒකරාශිවීම් සති 02කට තහනම්

ලබන සඳුදා සිට ක්‍රියාත්මක වන පරිදි විවාහ මංගල උත්සව ඇතුළු සියලු මහජන ඒකරාශීවීම් සහ උත්සව සති දෙකකට තහනම් කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා. වත්මන් කොවිඩ් වසංගත ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇත.

තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා වෙයි

තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කර තිබෙන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කරයි . එලෙස හුදෙකලා කර ඇත්තේ වැල්ලවාය නගර සභා සීමාව, වැල්ලවාය වෙහෙරයාය සහ කොට්ටන්ගහපොකුණ, බුත්තල, රත්දලගම, අම්පාර, උහන, කුමාරිගම, මාතලේ, නාවුල, අළුගොල්ල යන ග්‍රාම නිලධාරී වසම් වේ.   මේ අනුව අද(28) උදෑසන 6.00 සිට එම ග්‍රාම නිලධාරී වසම් හුදකලා Read More

කොට්ටාව හුවමාරුව ගැන විශේෂ දැනුම්දීමක්

දක්ෂිණ අධිවේග මාර්ගයේ ගමන් ගන්නා වාහන වලින් කොට්ටාවෙන් පිටතට යා හැක්කේ බස්රථ සහ ගිලන් රථවලට පමණක් බව බලධාරීන් පවසයි. කොට්ටාව පිටවීමේ ස්ථානයේ සේවය කළ තිදෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බැවින් එම තීරණය ගෙන තිබේ. දක්ෂිණ අධිවේග මාර්ගයෙන් පිටතට යන වාහන සඳහා අතුරුගිරිය සහ කහතුඩුව භාවිත කළ හැකිය. එසේම කොට්ටාවෙන් අධිවේගයට ඇතුළු වන වාහන සඳහා ප්‍රවේශපත්‍ර Read More

මෙරට දිනක් තුළ හඳුනා ගත් වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන වාර්තා වෙයි

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 103,487 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ, ඊයේ දිනයේ නව කොරෝනා ආසාදිතයින් 1111 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. එම සංඛ්‍යව දිනක් තුළ මෙරටින් වාර්තා වූ ඉහළම ආසාදිතයින් සංඛ්‍යාව වේ. මෙරට කොරොනා ආසාදනය වීමෙන් මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 655 ක් දක්වා ඉහළ ගියේය. ඒ, ඊයේ තවත් මරණ 8ක් වාර්තා වීමත් සමගිනි.

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්න

කොරෝනා වෛරස ව්‍යාප්තියේ තුන්වෙනි අවදානම් මට්ටම මත පදනම්ව පොදු ක්‍රියාකාරකම් සිදු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය මාර්පගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ. මැයි මස 31 වැනි දින දක්වා මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කළ යුතු කළ යුතු යැයි ද අමාත්‍යාංශය නිවේදනය කරයි.

නුවරඑලිය සංචාරකයන්ගෙන් පිරේ

කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමක් පවතින නිසා විනෝද චාරිකා සදහා නොයන ලෙස සෞඛ්‍යය අංශ විසින් කල ඉල්ලිම නොතකා නුවරඑලිය විශාල ලෙස සංචාරකයන් පිරිසක් පැමිණ සිටි. නුවරඑලිය මහ නගර සභාව විසින් මේ මස 30 දින දක්වා පවත්වන වසන්ත උදානයට සමගාමිව තරග රැසක් පැවැත් වු අතර එම තරග නැරඹිමට විශාල පිරිසක් පැමිණ සිටිහ. නුවරඑලිය ග්‍රෙගරි වැව Read More

සුපිරි වෙළෙඳසැලෙනුත් කොරෝනා මතුවෙයි

රජයේ සුපිරි වෙළෙඳසැළක රෝගීන් දෙදෙනකු ද පෞද්ගලික සුපිරි වෙළෙඳසැළක රෝගීන්  8 දෙනෙකු ද වාර්තා වී තිබේ. එම සුපිරි වෙළෙඳසැළ් 2 වසාදමා ඇති අතර වාර්තා වූ රෝගීන් 97 දෙනාට සම්බන්ධ ආශ්‍රිතයින් 300 දෙනෙකු මේ වනවිට ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සමන්තිකා විජේසුන්දර මහත්මිය පැවසුවාය. මෙම ආශ්‍රිතයින් ලබන අඟහරුවාදා  PCR පරීක්ෂණ සඳහා Read More

මෙරට කොරෝනා ආසාදිතයෝ ලක්ෂය ඉක්මවයි

කොවිඩ් -19 වයිරස ආසාදිතයින් 826 දෙනෙකු ගත වූ පැය 24 තුල හඳුනාගෙන ඇත. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව ලක්ෂයේ සීමාව පසුකර ඇති අතර ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති ආසාදිත සංඛ්‍යාව 100,517කි.

t

o

p