Local News

හිටපු ජනාධිපති ඇතුළු ආණ්ඩුවේ ස්වාධීන මන්ත්‍රීවරු විපක්ෂයේ අසුන් ගනිති

ආණ්ඩුවෙන් ඉවත්වී ස්වාධීන වන බවට ප්‍රකාශ කළ මන්ත්‍රීවරුන් 42 දෙනා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ආසනවල අද පෙරවරුවේ (19) අසුන් ගත්හ. තමන්ට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ආසන අවශ්‍ය බවට ඔවුන් කතානායකවරයා වෙත ඊයේ (18) දැනුම් දී තිබූ අතර ඒ අනුව ඔවුන්ට විපක්ෂයේ අසුන් පනවා තිබුනි. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට විපක්ෂයේ ඉදිරිපෙළ ආසනයක් වෙන් කර තිබූ අතර ඔහු එහි සිට ප්‍රකාශයක් ද Read More

රටේ අර්බුදයට විසදුම් සොයන්න පාර්ලිමේන්තුවට මේ සතියේත් ඉඩ – කථානායක

රටේ පවති අර්බුදයට විසදුම් සෙවීම සඳහා පක්ෂ නායකයන් සමග තවදුරටත් සාකච්ඡා කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවේදි අද (19) ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තු ආරම්භයේදි ප්‍රකාශයක් කරමින්  කථානායකවරයා වැඩිදුරටත් මෙසේද කීය. අප රට තුළ දැනට පවතින අර්බුදකාරී තත්ත්වයට පාර්ලිමේන්තුව තුළින් කෙටි කාලීන සහ දීර්ඝ කාලීන විසදුම් සෙවීම සදහා 2022 අප්‍රේල්  05, 06 සහ 07 දිනයන් හි Read More

හෙට පාසල් පටන් ගැනීම ගැන විශේෂ නිවේදනයක්

සියලුම රජයේ පාසල්වල 2022 පළමු වාරය හෙට අප්‍රේල් 18 වැනිදා නැවත ආරම්භ වීමට නියමිතව තිබෙනවා. මෙහිදී අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ, පාසල් වේලාව පැයකින් දීර්ඝ කිරීමට ගත් තීරණය තාවකාලිකව අත්හිටවූ බවයි.

ගාල්ල ගෝටාගෝගමට පොලිසිය පනී

ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත්වන ලෙස බල කරගෙන ගාල්ලේදී පැවති විරෝධතාවයට පොලීසිය විසින් බාධා පමුණුවා ඇත. අද උදෑසන පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ එහි තිබූ කූඩාරම් ගලවා ඉවත් කර තිබේ.

රිජ්වේ රෝහලේ ඉන්සියුලින් නෑ

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ රෝගී දරුවන්ට ලබාදෙන විශේෂිත ඉන්සියුලින් වර්ගයක් දින කිහිපයක දැඩි හිඟයක් පවතී. එනිසා එම ඉන්සියුලින් වර්ගය ලබා දෙන්නැයි පරිත්‍යාගශීලීන් ගෙන් ඉල්ලා සිටින බවත් වෛද්‍යවරු කියති.

අද සිට කෑන්වලට ඉන්ධන නෑ

ඩීසල් සහ පෙට්‍රල් පිරවුම්හල්වලින් කෑන් සහ බූලිවලට නිකුත් කිරීම අද (12) සිට 14 වැනිදා දක්වා දින තුන තුළ අත්හිටුවන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසනවා. භූමිතෙල් කෑන්වලට ලබාගැනීමට බාධාවක් නොමැති බවයි ඔහු කියා සිටියේ. කෘෂිකර්මාන්තයට අවශ්‍ය ඩීසල් සහ පෙට්‍රල් අදාල ප්‍රදේශයේ කෘෂි පරීක්‍ෂණ නිලධාරියා හෝ ග්‍රාම නිලධාරීවරයාගේ සහතික සමඟ ඉන්ධන පිරවුම්හලට Read More

කලාකරුවොත් අරගලයට එති

ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව තරුණ පිරිස් ඇතුළු ජනතාව ගාලු මුවදොර පිටියෙහි ආරම්භ කළ විරෝධතාවයට අද (12)කලාකරුවන් එක්වූහ. එහිදී ඔවුන් කියා සිටියේ 20 හකුළා ගන්නා ලෙසත් ,විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙසත් ,සැමට එක නීතියක් ස්ථාපිත කරන ලෙසත්ය.

අවුරුද්දට සුරාසැල් වැසේ

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් මේ මස 13 සහ14 දිනවල දිවයිනේ පිහිටි සියලුම සුරාසල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ පිලිබදව සියලුම සුරාසල් හිමියන් දැනුවත් කර ඇති බවත් එම නියෝග නොතකා ක්‍රියා කරන සුරාසල් වලට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

ජලාශ කීපයක වාන් දොරටු විවෘත කෙරේ

දිවයිනට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ජලාශ කීපයක වාන් දොරටු විවෘත කර ඇත. අනුරාධපුර දිස්ත්‍රික්කයට ද අධික වර්ෂාවක් ලැබෙමින් පවතිනවා. ඒ හේතුවෙන් රාජාංගනය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කර ඇති අතර වාන් දොරටු දෙකක් අඩි 4ක් බැගින් විවෘත කර තිබෙනවා. මධ්‍යම කදුකරයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ යමින් පවතිනවා. කාසල්රී , කැනියොන් Read More

t

o

p