හිටපු ජනාධිපති ඇතුළු ආණ්ඩුවේ ස්වාධීන මන්ත්‍රීවරු විපක්ෂයේ අසුන් ගනිති

April 19, 2022

ආණ්ඩුවෙන් ඉවත්වී ස්වාධීන වන බවට ප්‍රකාශ කළ මන්ත්‍රීවරුන් 42 දෙනා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ආසනවල අද පෙරවරුවේ (19) අසුන් ගත්හ.

තමන්ට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ආසන අවශ්‍ය බවට ඔවුන් කතානායකවරයා වෙත ඊයේ (18) දැනුම් දී තිබූ අතර ඒ අනුව ඔවුන්ට විපක්ෂයේ අසුන් පනවා තිබුනි. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට විපක්ෂයේ ඉදිරිපෙළ ආසනයක් වෙන් කර තිබූ අතර ඔහු එහි සිට ප්‍රකාශයක් ද කරනු ලැබීය.

විමල් වීරවංශ මන්ත්‍රීවරයා එහි සිට ප්‍රකාශයක් කිරීමට සුදානම් වෙද්දී සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් මෙම මන්ත්‍රීවරුන්ට විවිධ දේ ප්‍රකාශ කරමින් චෝදනා කළහ.

අපේ ජනබල පක්ෂයේ අතුරලියේ රතන හිමියන්ට ද විපක්ෂයේ ඉදිරි පෙළ ආසනයක් වෙන් කර තිබුනි. විපක්ෂයේ අවසාන කොටසේ පේලිවල ආසන ඔවුන්ට වෙන් කර තිබුනි.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විමල් වීරවංශ යන මහත්වරු  සහ අතුරලියේ රතන හිමියෝ සභාවේ කටයුතු ආරම්භයේදී අදහස් දැක්වූහ.

අගමැති ඇතුළු ආණ්ඩුව ඉවත්වී අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කළ යුතු බව විමල් වීරවංශ මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.

t

o

p