සහරාන් ගේ V8 එක “සරත් වීරසේකරට ලැබුණු හැටි පාර්ලිමේන්තුවේදි හෙළිවෙයි

April 19, 2022

පාස්කු ප්‍රහාර මාලාවේ ප්‍රධාන බෝම්බකරු ලෙස හදුනාගත් සහරාන් හෂීම්ගේ බව කියන Toyota Land Cruiser V8 රථයක් හිටපු මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර භාවිතා කරන්නේ ද යන්න ගැන හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී අද (19) විමසා සිටියේය.

මන්ත්‍රීවරයා මේ ප්‍රශ්නය යොමු කළේ මෙම කාරණය ගැන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රංග සිරිලාල් තබා ඇති ටුවිටර් පණිවුඩයක් ගැන පෙන්වා දෙමිනි. “පාස්කු  බෝම්බ ප්‍රහාරයට නායකත්වය දුන් NTJ නායක සහරාන් හෂීම් භාවිතා කළ Toyota Land Cruiser V8 රථය යි. මෙය රියර් අද්මිරාල් සරත් වීරසේකර භාවිතා කරන බවට වාර්තා වෙයි. නඩු භාණ්ඩයක් දේශපාලනඥයෙකුට භාවිතා කළ හැකිද?” යනුවෙන් රංග සිරිලාල් සිය පණිවුඩයේ සඳහන් කර ඇති බව ද මන්ත්‍රීවරයා කීවේය.

ඊට පිළිතුරු දුන් වීරසේකර මන්ත්‍රීවරයා කීවේ තමන් එය භාවිත කර නොමැති බවත් විශේෂ කාර්ය බලකායේ සිය ආරක්ෂකයන් වෙනුවෙන් අනුයුක්ත කළ එකක් බවත් ය. තමන් මේ ගැන සොයා බලද්දී අමාත්‍යාංශයේ ලේකම් එය අධිකරණයෙන් නිත්‍යානුකූලව මුදා හැරි රාජසන්තක කළ වාහනයක් බව දැනුම් දුන්නේ යැයි ද ඔහු කීවේය.

ජාතික ජන බලවේගයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක කීවේ නඩු භාණ්ඩයක් වන වාහනයක් ඇමැතිවරයෙකු භාවිතා කිරීම ගැටලුවක් බවයි.

t

o

p