Local News

මත්පැන් ගැන රජයෙන් තීරණයක්

මෙරට නිෂ්පාදිත මත්පැන්වලට අදාළ සංශෝධිත මිල ගණන් අලෙවි ස්ථානවල වහාම ප්‍රදර්ශනය කිරීමට පියවර ගන්නා ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව මත්පැන් අලෙවිසැල් හිමියන්ගෙන් ඉල්ලා සිටියි. එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේ ඇතැම් පුද්ගලයින් නියමිත මිලට වඩා වැඩි මිලට මත්පැන් අලෙවි කරන බවට පැමිණිලි ලැබී ඇති බවයි.

කථානායක හදිසියේම පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (28) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී එම රැස්වීම පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ. 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වී තිබේ.

හෙට(28) දිවයින පුරා වැඩවර්ජන

ආණ්ඩුවට විරෝධය පළ කරමින් හෙට (28)දිනයේ “සමස්ත මහා වැඩවර්ජනය” නමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක වසන්ත සමරසිංහ මහතා පවසයි. ඔහු පැවසුවේ රාජ්‍ය, අර්ධ රාජ්‍ය, වතු සහ පෞද්ගලික අංශයේ ක්ෂේත්‍ර සියල්ල ඒකාබද්ධව එම එක් දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවය. හෙට පැවැත්වෙන වර්ජනයට සහ ඒකාබද්ධ හර්තාලයකට Read More

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිළිබඳව ජනපති තීරණයක් ගනියි

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂවල සහභාගීත්වයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වී ඇති අතර නව රජයේ ව්‍යුහය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සිකුරාදා රැස්වීමක් කැඳවා ඇති බව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ආණ්ඩුවේ සර්ව පාක්ෂික නායකයින්ට ලිපියක් යවමින් ප්‍රකාශ කළේය. වත්මන් අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් පසුව පිහිටුවීමට නියමිතයි.

විදෙස් සංචාරකයන්ගේ පැමිණීම 50%කින් පහළට

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පසුබෑමට ලක්ව තිබූ මෙරට සංචාරක ක්ෂේත්‍රය ක්‍රමයෙන් යථා තත්ත්වයට පැමිණෙමින් පැවතිය ද රට පුරා කරන උද්ඝෝෂණ හා පෙළපාළි හේතුවෙන් විදෙස් සංචාරකයන්ගේ පැමිණීම සියයට 50කින් පමණ පහත වැටී තිබේ. පසුගිය මාර්තු මාසයේ දී පමණක් විදෙස් සංචාරකයන් 106,500 දෙනකු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන නමුත් ඊට සාපේක්ෂව අප්‍රේල් මාසයේ පෙරේදා (24) දක්වා දින Read More

සිමෙන්ති රුපියල් 500 කින් ඉහළ දමයි

දේශීය සහ ආනයනික සිමෙන්ති කිලෝ ග‍්‍රෑම් 50 කොට්ටයක මිල අද(26) දිනයේ සිට රුපියල් 400කින් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 2750-2850 ක් දක්වා මිල යයි.

අරලියගහ මැදුර අසල මල්වඩම් හා සුදු කොඩි

ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය නිල නිවස වන අරලියගහ මන්දිරය ඉදිරිපිටට අද අවමංගල්‍ය පෙරහැරකින් පැමිණි විරෝධතා කරුවන් පිරිසක් එහි ඇතුළුවීමේ දොරටුවේ සහ තාප්පයේ රුධිර පැල්ලම් සිහිපත් කරන රතු තීන්ත සහිත සුදු කොඩි ඔසවා විරෝධතාවක් පැවැත්වූහ. එමෙන් ම රැගෙන ආ මල්වඩම් රැසක් අරලියගහ මන්දිරය ඉදිරිපිට තැබූ ඔවුහු සාමකාමී උද්ඝෝෂණයක නිරතවූහ. එම ස්ථානයේ පොලිස් නිලධාරීන් රැසක් සිටිය ද ඔවුන් Read More

සම්බා සහල් හිඟයක් ?

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල වෙළඳපොලේ දේශීය සම්බා සහල්වල හිඟයක් පවතින බවට වාර්තා වනවා. පාරිභෝගිකයන් සඳහන් කළේ දේශීය සම්බා සහල් කිලෝවක මිලද රුපියල් 280 ක් පමණ දක්වා ඉහළ ගොස් ඇති බවයි.

අසත්‍ය ප්‍රකාශ ගැන අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

තමා කිසිදු අසනීප තත්ත්වයකින් පසු නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ, සමාජ මාධ්‍යවල පැතිර යන ප්‍රචාරයන් සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්. ඇතැම් මාධ්‍ය වාර්තාවල දැක්වුණේ අග්‍රාමාත්‍යවරයා අසනීප තත්තවයෙන් පසුවන බවත්, පෞද්ගලික රෝහලකට ඇතුලත් කර ඇති බවත්ය. කෙසේවෙතත් එම ප්‍රකාශ අසත්‍ය බවයි අග්‍රාමාත්‍යවරයා පැවසුවේ.

ලිට්රෝ ගෑස් මිල ඉහළ දැමීම රිවර්ස් වෙයි

ඊයේ (22)මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල ඉහළ දමන බව ලිට්‍රෝ ගෑස් සමාගම පැවසුවත් එම සමාගමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ගැස් මිල වැඩි කිරීමට රජයේ අනුමැතිය නොලැබීම හේතුවෙන් මිල ඉහළ දැමීම රිවර්ස් කල බවයි. ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කර තීරණයක් දැනුම් දීමට නියමිත බවයි ලිට්‍රෝ ගෑස් සමාගම පැවසුවේ.

t

o

p