Foreign News

ළාබාලතම කතක් තායිලන්තයේ අගමැති ධූරයට

තායිලන්ත අගමැති ධූරයෙන් ඉවත් කිරීමත් සමඟ හිස් වූ ධූරයට පියු තායි පක්ෂ නායිකා පේටොන්ටාන් ෂිනවත්‍රා පාර්ලිමේන්තු ඡන්ද විමසීමෙන් තේරී පත් වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පාලක පක්ෂය විසින් ඇයගේ නම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ අතර ඊට බහුතර අනුමැතිය හිමි වූ බවයි. මේ වන විට ඇය 37 වන වියේ පසුවන අතර තායිලන්තයේ අග්‍රාමාත්‍ය ධූරයට පත් Read More

ජපානය දුම්රිය සහ ගුවන් සේවා අවලංගු කරයි

බටහිර පැසිෆික් සාගරයේ ඇම්පිල් සුළි කුණාටුව ශක්තිමත් වීමත් සමඟ ජපාන දුම්රිය සහ ගුවන් සේවා අවලංගු කරමින් සිටින බව වාර්තා වනවා. ඒ ඇම්පිල් සුළි කුණාටුව සිකුරාදා උදැසනම විශාල බලපෑමක් කරනු ඇතැයි යන අනතුරු ඇඟවීම මධ්‍යයේයි. ජපාන සුළි කුණාටු අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයේ නවතම උපදේශනයට අනුව, ඇම්පිල් සුළි කුණාටුව පැයට කිලෝමීටර 140 සුළං සහිතව අත්ලාන්තික් ද්‍රෝණිය හරහා ළඟවීමට Read More

බංග්ලාදේශය යළිත් නොසන්සුන් වෙයි

සති කිහිපයක සිට බංග්ලාදේශයේ පැවති නොසන්සුන් තත්ත්වය පහව ගොස් ඇතැයි පෙනී ගියත් අද (10) ශිෂ්‍ය ක්‍රියාකාරීන් ප්‍රමුඛ කරගත විරෝධතාකරුවන් එරට ශ්‍රේෂ්ඨාධිකරණය වටලා විරෝධතාවේ නිරත වී තිබුණි. ඒ අනුව, එරට අගවිනිසුරුවරයා අද (10) සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට පියවර ගත්තේ, පැයක් ඇතුළත අගවිනිසුරු ඇතුළු සියලු විනිසුරුවරුන් ධුරවලින් ඉල්ලා අස්විය යුතු බවට විරෝධතාකරුවන්ගෙන් එල්ල වූ දැඩි පීඩනය හමුවේය. Read More

ගුවන් යානා අනතුරකින් ගමන් ගත් මගින් සියල්ල ජීවිතක්ෂයට

බ්‍රසීලයේ සාවෝපාවුලෝ ප්‍රදේශයේ ගුවන්‍ යානා අනතුරකින් එම යානයේ සිටි සියලුදෙනාම ජීවිතක්ෂයට පත්ව තිබේ. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ එහි කාර්‍ය මණ්ඩලයේ සිව් දෙනෙක් සහ මගීන් 57 දෙනෙක් සිටි බවයි. එම යානය ජනාකීර්ණ ප්‍රදේශයකට කඩාවැටී තිබුණද ඉන් භූමියේ සිටි කිසිවෙකුටත් හානියක් වී නොතිබුණි.

ජපානයට සුනාමි අනතුරු ඇඟවීම්

දකුණු ජපාන වෙරළ තීරයට ඔබ්බෙන් ප්‍රබල භූකම්පනයක් වාර්තා වී තිබෙන බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ7.1ක් ලෙසයි සටහන් වී ඇත. මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමටයි එරට කාලගුණවිද්‍යා ඒජන්සිය කටයුතු කර තිබෙන්නේ.

උතුරු ඊශ්‍රායලයට ඩ්‍රෝන ප්‍රහාර

ඊශ්‍රායල හමුදාව දකුණු ලෙබනනයේ ගම්මාන කීපයකට එල්ල කළ ප්‍රහාරවලට පිළිතුරු වශයෙන් ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරු ඊශ්‍රායලයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ඩ්‍රෝන ප්‍රහාරයෙන් ඊශ්‍රායල හමුදා අංශ සාමාජිකයන් දෙදෙනකුට තුවාලවූ බවත් ඉන් ගින්නක් ඇතිවූ බවත් ඊශ්‍රායල ආරක්ෂක අංශය ප්‍රකාශ කළේය.

ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු අත්අඩංගුවට

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ධීවරයින් සිව් දෙනා කන්කසන්තුරය වරාය වෙත රැගෙනවිත් ඇති අතර ඔවුන් ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතයි. රුපියල් මිලියන 70 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු කිලිනොච්චිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන Read More

මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ අනවසර බෝට්ටුවක් පෙරළීමෙන් ධීවරයෙකු මරුට

නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ ඉන්දීය ධීවරයින් පිරිසක් රැගත් බෝට්ටුවක් අනතුරට පත් වීමෙන් එහි ගමන් ගත් ඉන්දීය ධීවරයෙකු මිය ගොස් තවත් අයෙකු අතුරුදන්ව තිබේ. නාවික හමුදාව සඳහන් කළේ, ඩෙල්ෆ් දූපත ආසන්නයේ මෙරට මුහුදු සීමාවේ දී මෙම අනතුර සිදුව ඇති බවයි. ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඔවුන් ගමන්ගත් යාත්‍රාව පෙරළී මෙම අනතුර සිදුව ඇති Read More

ඔලිම්පික් උලෙළ අති උත්කර්ෂවත් ව ඇරඹෙයි

විශ්වයේ මහා ක්‍රීඩා සැණකෙලිය ලෙසින් හැඳින්වෙන ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ 33 වැනි දිගහැරුම ප්‍රංශයේ පැරිස් නුවරදී අද (27) අළුයම නිල වශයෙන් ආරම්භ විය. ඔලිම්පික් සම්ප්‍රදායන් අතික්‍රමණය කරමින් ඉතිහාසයේ පළමු වරට ක්‍රීඩාංගණයකින් පිටත දී ඔලිම්පික් උලෙළේ සමාරම්භක උත්සවය පැවැත්වීමට පැරිස් ඔලිම්පික් සංවිධායකයින් කටයුතු කර තිබුණි. ඒ අනුව පැරිස් ඔලිම්පික් උලෙළේ සමාරම්භක උත්සවය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුණේ පැරිස් Read More

ලොව පුරා ප්‍රධාන පෙළේ ආයතන රැසක මයික්‍රසොෆ්ට් මෙහෙයුම් පද්ධති වල බිඳවැටීමක්

ලොව පුරා ප්‍රධාන පෙළේ ආයතන රැසක මයික්‍රසොෆ්ට් මෙහෙයුම් පද්ධති වල බිඳවැටීමක් සිදුව තිබේ. ඒ හේතුවෙන් ප්‍රධාන පෙළේ රටවල් රැසකම කොටස් වෙළඳපළ, ගුවන් ගමන්, බැංකු කටයුතුවලට දැඩි බාධා එල්ල වෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම යථා තත්වයට පත් කිරීමේදී යම් අපහසුතාවක් පවතින බව මයික්‍රොසොෆ්ට් සමාගම පෙන්වාදී තිබේ. එසේම මෙලෙස තාක්ෂණික ඇණහිටීම් සිදුවීමට හේතුව මෙතෙක් අනාවරණ Read More

t

o

p