Foreign News

විදේශිකයන්ට කුවේට් රාජ්‍යය වැසේ

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් හඳුන්වාදීමට නියමිත නව කොන්දේසි යටතේ ලබන 07 වනදා සිට විදේශිකයින්ට රට විවෘත නොකිරීමට කුවේට් රජය තීරණය කර ඇත. කෙසේවෙතත් කූවේට් වැසියන්ගේ සමීප ඥාතීන් සහ එරට සේවයේ නිරත පුද්ගලයින් සඳහා මෙම තීරණය අදාළ නොවන බව විදෙස් මාධ්‍ය වැඩ්දුරටත් වාර්තා කරයි.

පර්ත් නගරයට ලැව් ගිනි

කොරෝනා වසංගතය නිසා වසා දමා තිබෙන බටහිර ඕස්ට්‍රේලියාවේ පිහිටා ඇති නගරයක් වන පර්ත් වසා දමා තිබිය දී ලැව් ගිනි තර්ජනයකට ලක් වී තිබේ. දැඩි සුළං නිසා වේගයෙන් පැතිරී යන මේ ගින්න, කිලෝ මීටර් 75ක පමණ ප්‍රදේශයක පැතිර ගොස් ඇත, නිවාස 30ක් පමණ ගින්නෙන් විනාශ වී තිබේ. වසා දැමීම් ක්‍රියාත්මක වෙතත් ප්‍රදේශයේ වාසය කරන ජනතාවට ආරක්ෂාව Read More

ඉන්දීය ජනරජ දිනයේ දී ගොවීහු දිල්ලියට කඩා වදියි

ඉන්දීය ජනරජ දිනයේ දී ගොවීහු දිල්ලි අගනුවරට කඩා වැදුණහ. ඉන්දියානු ආණ්ඩුවේ කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ යෝජනාවන්ට එරෙහිව සටන්වැදී සිටින ගොවි ජනතාව, එරට ජනරජ සැමරුම් ආරම්භ වෙද්දී ට්‍රැක්ටර් පෙළපාළියකින් දිල්ලි අගනුවරට ඇතුළුවීමට උත්සාහ කිරීමත් සමඟ පොලිසිය සහ ගොවීන් අතර ගැටුමක් ඇතිවිය. ගොවීන්ගේ ප්‍රයත්නය වූයේ මාර්ග බාධක බිඳ හෙළමින් අගනුවරට ඇතුළුවීමය. එහෙත් එම අවස්ථාවේ පොලිසිය විසින් ගොවීන් ඉලක්ක කර Read More

කොරෝනා ආසාදිතයන් හඳුනා ගන්න ‘ගුද’ මාර්ගයත් යොදා ගනියි

දැඩි අවධානමක් සහිත කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා මෙලෙස ගුද මාර්ගයෙන් සාම්පල් ලබා ගැනීමට චීනය කටයුතු කර තිබේ.  පසුගිය සතිය තුළදී බිජීං නුවරින් හමු වූ කොරෝනා ආසාදිතයන් පිරිසක් හඳුනා ගැනීම සඳහා මෙම පරික්ෂාව සිදුකර ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයන් හඳුනා ගැනීම සඳහා ද මෙම පරික්ෂාව කර ඇති බවට චීන මධ්‍යම රූපවාහිනී සේවය වාර්තා කරයි.

87 හැවිරිදි ලැරී කිං ජීවිත ගමන නිම කරයි

CNN වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස ප්‍රකටව සිටි ලැරී කිං කොවිඩ් හේතුවෙන් අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් රෝහලකදී මිය ගොස් තිබේ. මිය යනවිට ඔහු 87 වැනි වියේ පසුවිය. මීට සති කිහිපයකට පෙර කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් ඔහු ව රෝහල්ගත කළේය.

ඉන්දීය කොවැක්ස් එන්නත ගැන අනතුරු ඇඟවීමක්

දුර්වල ප්‍රතිශක්තිකරණයක් සහ ආසාත්මිකතාව, උණ හෝ රුධිර ගැලීම් වැනි වෙනත් රෝගවලින් පීඩාවිඳින පුද්ගලයින්, භාරත් බයෝටෙක් සමාගම විසින් නිෂ්පාදනය කළ කොවිඩ්-19 මර්දන එන්නත ලබා ගැනීමට ප්‍රථම වෛද්‍ය උපදෙස් පැතීම හෝ එන්නත ලබානොගෙන සිටීම වැදගත් බව එම සමාගම පවසයි. එන්නතෙහි සාර්ථක බව පිළිබඳ දත්ත ලැබීමට ප්‍රථම ව ඉන්දීය රජය විසින් එම සමාගම විසින් නිෂ්පාදනය කළ එන්නත ජනතාවට Read More

කොවිඩ් ව්‍යාප්ත රටවල් අතර තෙවැනි තැන බ්‍රසීලයට

මේ වන විට කොරෝනා රෝගීන් 8,326,115ක් සිටින මරණ 207,160ක් සිටින බ්‍රසීලයේ කොරෝනා රෝගීන් අතරින් සුවය ලබා සිටින්නේ 7,339,703කි. එය වර්තමානයේ කොවිඩ් ආසාදන අතින් 3 වන ස්ථානයේ පසුවේ. එරට වර්තමානය වන විට සිටින කොරෝනා රෝගීන් ගණන ලක්ෂ 8කට ආසන්න වේ. බ්‍රසීලයේ කොරෝනා වසංගතය ඔඩු දිවීමට හේතු වූ එක් කරුණක් නම් එරට ජනාධිපති බොල්සනාරෝගේ වගකීමක් නැති හැසිරීම Read More

නව කොන්දේසි සමග හවුල් නොවුනොත් වට්ස් ඇපි නෑ

නව කොන්දේසි සමග එකඟ නොවුනොත් වට්සැප් යෙදුම ලබන මස සිට භාවිතා කිරීමේ අවස්තාව ගිලිහී යාමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි. එහි සබපති රජීව් යසිරු කුරුවිටගේ මැතිව් විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ මෙසේද සදහන් වේ.ජංගම දුරකථන පරිශීලකයන් අතර වඩාත් ප්‍රචලිත සන්නිවේදන යෙදුමක් වන වට්සැප් සමාජ මාධ්‍ය යෙදුමෙහි කොන්දේසි සහ පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව Read More

අතුරුදන් වු ඉන්දුනීසියාවේ ගුවන් යානාව මුහුදට වැටෙයි

අතුරුදන්වූ බෝයිං 737 වර්ගයේ මගී ගුවන් යානය කඩාවැටුණු ස්ථානය හඳුනාගත් බව ඉන්දුනීසියානු බලධාරීන් සදහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.    ඉන්දුනීසියාවේ ජාකර්තා අගනුවරින් යානය ගුවන්ගත කර මිනිත්තු හතරකට පසුව එය රේඩාර් පථයෙන් අතුරුදන් වී තිබුණි.  අනතුරට පත් බෝයිං 737 වර්ගයේ යානය වසර 26ක් පැරණි බවද සදහන් වේ.   

චීනයේ නගරයක් හුදකලා කෙරේ

චීනයේ ” ශිජිආශුආන්ග් “නම් නගරය මිලියන 11 ක ජනතාවක් සමග හුදකලා කිරිමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම නගරයෙන් කොරෝනා ආසාදිතයින් 100 අධික පිරිසක් හදුනා ගැනීමත් සමගයි. මේ අනුව නගරයට දැඩි ලෙස සංචරණ සීමා පනවා තිබෙන අතර එම නගරවාසීන්ට එම නගරයෙන් පිට වීම සම්පුර්ණයෙන්ම තහනම් කර තිබේ.

t

o

p