Special News

රිිමාන්ඩ් කළ විමල් බන්ධනාගාර ඊ වාට්ටුවට යවයි

රිමාන්ඩ් බාරයට පත් වු හිටපු ඇමැති විමල් වීරවංශ මහතා ඊයේ (10) සවස වැලිකඩ බන්ධනාගාරයේ ‘ඊ‘ වාට්ටුවට යොමු කළ බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි. මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව සිටිය දී රිමාන්ඩ් බාරයේ සිටියේ ද, හිටපු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රිමාන්ඩ් බාරයේ සිටියේ ද මෙම ‘ඊ‘ වාට්ටුවේ බව සදහන්ය. රිමාන්ඩ් කැරුණු වීරවංශ මහතා බැලීමට හිටපු Read More

ආසියා පැසිපික් කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා රවි = බ්‍රිතාන්‍ය ‘ද බෑන්කර් ‘ සඟරාව නම් කරයි.

නව ආර්ථික ප්‍රතිසංස්කරණ යුගයක් කරා ශ්‍රී ලංකාව රැගෙන යාම හා ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා සමාජය මානසික වශයෙන් සූදානම් කිරීමට ගත් උත්සාහය ඇගයීමට ලක්කරමින් බ්‍රිතාන්‍යයේ පළවන ප්‍රසිද්ධ මූල්‍ය සඟරාවක් වන ‘ද බෑන්කර් ‘ සගරාව විසින් ආසියා පැසිපික් කලාපයේ 2016 වසරේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා නම් කර තිබේ.

පොලිස් කොමිසමේ සභාපති ඉල්ලා අස්වෙයි

පොලිස් කොමිසමේ සභාපති සිරී හෙට්ටිගේ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ පිළිබඳ ලිපිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කර ඇති බව ජාතික පොලිස් කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

කටුනායක ගුවන් තොටුපොළේ අලුත්වැඩියා අරඹයි

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ධාවන පථයේ අලුත් වැඩියා කටයුතු අද උදෑසන 8.30ට අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා හා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරනු ලැබිය. එහි අලුත්වැඩියා කටයුතු චීන සමාගමක් විසින් සිදුකරන අතර උදෑසන 8.30 සිට සවස 4.30 දක්වා ගුවන් ගමන් සිදුනොවනු ඇත. අප්‍රේල් මස දක්වා මෙහි අලුත්වැඩියා කටයුතු සිදුකරයි.

ආණ්ඩුවේ විකිණීමට එරෙහි ජවිපෙ විරෝධතාවයක

ජනතාවගේ දේපල විදේශිකයින්ට විකිණීමට තීරණය කිරීම හදිසියේ ඇති වූවක් නොව ආණ්ඩුවේ දිගු කාලීන ප්‍රතිපත්තියක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. හම්බන්තොට වරාය චීනයට විකිණීමට හා හම්බන්තො‍ට ඉඩම් අක්කර 15000ක් චීන ආයෝජකයින්ට ලබා දිම සඳහා ආණ්ඩුව ගෙන ඇති තිරණයට විරෝධය පළකරමින් අම්බලන්තොට ලැයිම හන්දියෙන් විරෝධතා පා ගමන ඇරඹූහ. මහ සංඝරත්නය, ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්, කලාකරුවන් ඇතුළු බොහෝ Read More

අපි ගාව ඉන්ටවල් නැහැ – චක්‍රලේඛය අහෝසි කරනතුරු සටන් කරනවා

බාහිර උපාධිය කප්පාදු කිරීමට ආණ්ඩුවෙන් ගෙනආ 2016/13 චක්‍රලේකය අහෝසි කොකර රැවටිලිකාර විසඳුම් ලබාදීමට එරෙහිව විරෝධය පාමින් බාහිර උපාධිය සුරැකීමේ සංවිධාන එකතුව විසින් ඊයේ (24) කෑගල්ල නගරයේදී උද්ඝෝෂණ පාගමනක් පැවැත්විය. ඒ සඳහා බාහිර උපාධි ශිෂ්‍යයන්, ආචාර්යවරුන්, දෙමව්පියන් හා විවිධ සංවිධාන රැසක් ඒ සඳහා එක්විය. කෑගල්ල පොලීසිය විසින් විරෝධතාවයට එරෙහිව අධිකරණ නියෝගයක් ලබාදුන්නද පැය 2කට ආසන්න කාලයක් පාගමක් Read More

හම්බන්තොට සිරකර ගත් නැවකට ඩොලර් ලක්ෂ 4 ක් ගෙවන්න වෙලා – අගමැති

හම්බන්තොට වරායේ නැව් දෙකක් සිරකර ගැනිමෙන් පසු ඇති වූ උණුසම් තත්ත්වය පිළිබද වාර්තාවක් නාවික හමුදාපති රියර් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණවර්ධන මහතා විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අරලියගහ මන්දිරයේදි අද (15) භාර දුන්නේය.

සිරි පා හිමේ අතුරුදහන් වූවන් සොයා ගැනේ

සිරිපා වන්දනාවේ ගොස් සිටියදී නල්ලතන්නිය රක්ෂිතයේ අතරමංවූ  කාන්තාවන් දෙදෙනකු ඇතුළු වන්දනාකරුවන් පස් දෙනකු දවසකට පසු සොයාගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමත් විය.   බෙල් 412 හෙලිකොප්ටර් යානයකින් කළ සෝදිසියකින් පසු නල්ලතන්නියෙන් මේ පිරිස සොයාගත් බව වාර්තාවේ. ලක්ෂපාන වතුයායෙන් ශ්‍රී පාද අඩවියට ඇතුළු වී ඇති එම පිරිස අඟහරුවාදා (13) පෙරවරුවේ අතුරුදන්වී ඇතැයි දැනගන්නට ලැබී ඇත. එහි Read More

ශ්‍රේෂ්ඨාධිකරණ බලතල කැපෙයි. නව ව්‍යවස්ථා අධිකරණයක් එයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ බලතල කිහිපයක් ඉවත් කොට ඒවා ඇතුළත් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ස්ථාපිත කෙරෙන බව කොළඹදී ඊයේ (14) පැවැති වැඩමුළුවකදී අනාවරණය විය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව විසින් ස්ථාපිත කළ අධිකරණය පිළිබඳ අනුකාරක සභාවේ වාර්තාව මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයක් පිහිටුවිමට යෝජනා කර තිබේ. මෙම අධිකරණය සඳහා විශ්‍රාමික අධිකරණ විනිසුරුවරුන් හෝ ව්‍යවස්ථාපිත දැනුම සහිත Read More

t

o

p