ශ්‍රේෂ්ඨාධිකරණ බලතල කැපෙයි. නව ව්‍යවස්ථා අධිකරණයක් එයි

December 15, 2016

ශ්‍රේෂ්ඨාධිකරණයේ බලතල කිහිපයක් ඉවත් කොට ඒවා ඇතුළත් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ස්ථාපිත කෙරෙන බව කොළඹදී ඊයේ (14) පැවැති වැඩමුළුවකදී අනාවරණය විය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව විසින් ස්ථාපිත කළ අධිකරණය පිළිබඳ අනුකාරක සභාවේ වාර්තාව මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයක් පිහිටුවිමට යෝජනා කර තිබේ.
මෙම අධිකරණය සඳහා විශ්‍රාමික අධිකරණ විනිසුරුවරුන් හෝ ව්‍යවස්ථාපිත දැනුම සහිත ජ්‍යෙෂ්ඨ නිතිඥයින් පත් කළ යුතු බවත් ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් මේ සඳහා විනිසුරුවරුන් පත් කෙරෙනු ඇත.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව අධිකරණයෙහි අධිකරණ බලයට යටත් වන කිසියම් ගැටලූවක් රටෙහි කිසියම් අධිකරණයක් ඉදිරියෙහි විභාග වන නඩුවකදී පැන නගිනු ලබයි නම්, එකී ගැටලූව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය වෙත යොමු කළ යුතුවේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයෙහි අධිකරණ බලය ලෙස කරුණු හයක් පෙන්වා දී තිබේ. ඒ අනුව කිසියම් කරුණක්/ ගැටලූවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරිමේ විෂය පථයට ඇතුළත් වේද යන්න තීරණය කිරීමේ බලය ඇතුළුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපනය කිරිමේ බලය හිමිවේ.
පනත් කෙටුම්පත්වල අධිකරණ සමාලෝඤනය, නීති හා ව්‍යවස්ථාවල අධිකරණ සමාලෝචනය, මධ්‍යම ආණ්ඩුව සහ/ හෝ පළාත් අතර ඇති වන ගැටලූ, පාර්ලිමේන්තුවෙහි වරප්‍රසාද කඩ කිරිම, තම අධිකරණය විසින්ම ලබා දෙන තීන්දු සමාලෝචනය කිරිම යනාදි අධිකරණ බලයන් මේ අධිකරණයට හිමිවේ.
පාර්ලිමේන්තුව විසින් සම්පාදනය කරන යම් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් අර්ථ නිරූපනය කර ගැනිම යනාදී බලතල මේ අධිකරණයට හිමිය.

පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබු පනතක් සම්බන්ධයෙන් වුවත් අවුරුදු 10 කට පසුව වුවද මේ අධිකරණය හමුවේ නැවත විභාග කිරිමේ හැකියාව පවතින බවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කොළඹදි පැවැති වැඩමුළුවේදි වැඩිදුරටත් හෙළිදරව් විය.

t

o

p