Special News

ලාංකිකයන් කිසිවෙකු ඇමෙරිකාවේ සිරවී නෑ

ශ්‍රී ලාංකිකයන් කිසිවකු, අමෙරිකාවට  ඇතුළුවීමට නොහැකිව එරට කිසිදු ගුවන් තොටු‍පොළක සිර වී නොසිටින බව මෙරට විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි.එසේම අමෙරිකාව ඇතුළු වීමට නොහැකිව  එරට ජෝන් එෆ්. කෙනඩි ගුවන් තොටු‍පොළේ ශ්‍රී ලාංකිකයන් පිරිසක් සිර වී සිටින බවටද කිසිදු තොරතුරක් මෙතෙක් වාර්තා වී නොමැති බව විදේශ අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශිකා මහේෂිනී කොළොන්නේ  මහත්මිය සඳහන් කරයි. කෙසේ වෙතත් ඇමෙරිකාවේ  Read More

වැඩිම විදෙස් ප්‍රේෂණ 2016 වසරේ ලැබුණා

ඉතිහාසයේ වාර්තාවූ වැඩිම විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය 2016දී ලැබි තිබෙන බවත් එය 2015 වසරට සාපේක්ෂව ඇමෙරිකන් ඩොලර් මිලියන 261.3ක වැඩි වීමක් බව විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මිය පවසයි. මෑත ඉතිහාසයේ වැඩිම විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය වාර්තා වූ වර්ෂය 2016 බවත් එම ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් මිලියන 7241.5ක් වන අතර එම ප්‍රමාණය ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 1054.5කි. Read More

වරාය සේවකයන්ට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියානු සහ ඇමෙරිකානු ඒකාබද්ධ සමාගමක් වෙත පවරා දීමට ආණ්ඩුව කටයුතු කරන බවට චෝදනා කරමින් ඊට එරෙහිව වරාය සේවකයන් අද (01) පැවැත්වූ උද්ඝෝෂණයට ‍පොලීසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර විසුරුවා හරිනු ලැබිණ. මෙහිදී වරාය විකිණීම නතර කරන ලෙසටත්, ඊට අදාළ ගිවිසුම අත්සන් නොකරන ලෙසටත් ඉල්ලා සිටිමින් ජනාධිපතිවරයාට සංදේශයක් බාර Read More

දේශයක් ලෙස ලැබූ නිදහස වඩාත් අර්ථවත් කරගනිමු

යටත්විජිත පාලනයෙන් නිදහස ලබා වසර 69 ක් ගත වීම අද අපි සමරනු ලබන්නේ, පැවති දුර්දාන්ත පාලන සමය පරදවා යහපාලන රජය බලයට පත් වී වසර දෙකක් නික්මෙන තැන වීම සුවිශේෂ අවස්ථාවකැයි සිතමි. දේශයක් ලෙස අප ලබා ඇති නිදහස වඩාත් අර්ථවත් කර ගැනීම අප සැමගේ වගකීමක් වන අතර, වත්මන් රජය රටේත්, ජනතාවගේත් ආර්ථික, සමාජයීය, අධ්‍යාත්මික නිදහස පිළිබඳ Read More

“උදා වන සූර්යයා සම්මානය” ලැබූ පලමූ ශ්‍රී ලාංකිකයා

ජපන් රජය විසින් ලොව විශිෂ්ඨතමයන් උදෙසා පිරිනමනු ලබන ජපානයේ “උදා වන සූර්යයා” (Rising Sun) ගෞරව සම්මානය 2017-01-31 දින ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ පැවැති විශේෂ උත්සවයකදී ජපන් තානාපති කෙනිචි  සුගනුමා  (Mr.Kenitchi Suganuma) මහතා විසින් කථානායකවරයා වෙත පිරිනැමු ලැබීය. උදා වන සූර්යයා සම්මානය ජපන් අධිරාජයා විසින් පුද්ගලයෙකුට පිරිනමන උසස්ම සම්මානය වන අතර, එය  ශ්‍රී ලාංකිකයෙකුට පිරිනැමූ පළමු අවස්ථාව Read More

ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාව වැඩි කිරිමට මයික්‍රොසෝ‍ර්ට් සහාය

ශ්‍රී ලංකාවේ පරිගණක සාක්‍ෂරතාව වැඩි දියුණු කරලීම සහ ඩිජිටල්කරණය වේගවත් කරලීම සඳහා අවශ්‍ය සහය සහ උපදෙස් ලබා දීමට තමන් සූදානම් බව මයික්‍රොසොෆ්ට් සමාගමේ සභාපති ෂේන් පිලිප් කර්ටෝස් (Jean Philippe Courtois) මහතා පැවසීය. 17 වන දා සන්ධ්‍යාවේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස හමුවෙමින් මයික්‍රෝසොෆ්ට් සභාපතිවරයා වැඩිදුරටත් පැවසූයේ අනාගතයේ කඩදාසි ලිපිගොනු වලින් තොර Read More

ලෝකයේ වෙළෙද පොලවල් හතරක් සඳහා ලංකාව විවරවේ

ලෝකයේ විශාලතම වෙළඳපොලවල් හතරකට ශ්‍රී ලංකාවේ නිෂ්පාදන විවර කරලීම සඳහා අවස්ථාව ළඟදීම උදාවන බැවින්, ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙස ජාත්‍යන්තර හා දේශීය ආයෝජකයන්ට ආරාධනා කරන බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඩවොස් නුවර ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීමට පැමිණ සිටින තුන්සියයකට අධික ව්‍යවසායකයින්ට වික්‍රමසිංහ මහතා දන්වා සිටියේ මේ ආයෝජන සහ නව වෙළඳපොල Read More

සමාගම් අධ්‍යක්ෂකට නහයෙන් ලේ දමන්න පහරදුන් තරුණයින් දෙදෙනාට ඇප

කොළඹ වෝඞ් ප‍්‍රදේශයේදී ආයෝජන මණ්ඩලයේ ලියාපදංචි සමාගමක කළමණාකාර අධ්‍යක්ෂකවරයකුට පහර දුන් බව කියන සිද්ධියකට අදාළ සැකකරුවන් දෙදනකුට රුපියල් පනස් දහස බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලාල් බණ්ඩාර මහතා ඊයේ (17) නියෝග කළේය. මෙලෙස ඇප මත මුදාහැරුණේ අනුරාධපුරයේ පදිංචි හේරත් මුදියන්සේලාගේ අජිත් ප‍්‍රසන්න හේරත් සහ හේරත් මුදියන්සේලාගේ රම්‍ය ශී‍්‍ර මහීම Read More

ශ්‍රී ලංකාවේ අනාගත සංක්‍රාන්ති සිතියම ඩාවෝස් නුවරදී එළි දක්වයි

ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන ක්‍රියාවලීන් සඳහා නව තාක්‍ෂණික ප්‍රවේශයන් ලබා ගැනීමේ ක්‍රමවේදයන් පිළිබඳව පදනම් කරුණු පැහැදිලි කරමින්, ලෝක ආර්ථික සමුළුවේ ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය විසින්,  “ශ්‍රී ලංකාවේ අනාගත සංක්‍රාන්ති සිතියම” මැයෙන් ඉදිරිපත් කිරීමක් සිදු කෙරිණි. රටක ආර්ථක ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමේ දී ඒ පිළිබඳ ලොවට තොරතුරු හෙළිදරව් කිරීමට මෙන්ම, ආර්ථික සැලසුම් පිළිබඳ සියළු දත්ත හා තොරතුරු Read More

t

o

p