ශ්‍රී ලංකාවේ අනාගත සංක්‍රාන්ති සිතියම ඩාවෝස් නුවරදී එළි දක්වයි

January 18, 2017

ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන ක්‍රියාවලීන් සඳහා නව තාක්‍ෂණික ප්‍රවේශයන් ලබා ගැනීමේ ක්‍රමවේදයන් පිළිබඳව පදනම් කරුණු පැහැදිලි කරමින්, ලෝක ආර්ථික සමුළුවේ ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය විසින්,  “ශ්‍රී ලංකාවේ අනාගත සංක්‍රාන්ති සිතියම” මැයෙන් ඉදිරිපත් කිරීමක් සිදු කෙරිණි.

රටක ආර්ථක ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමේ දී ඒ පිළිබඳ ලොවට තොරතුරු හෙළිදරව් කිරීමට මෙන්ම, ආර්ථික සැලසුම් පිළිබඳ සියළු දත්ත හා තොරතුරු පදනමක් සකස් කිරීමට ද හැකි වන අයුරින් මෙම ක්‍රමවේදය පිළිබඳ කරුණු ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය විසින් පැහැදිලි කළ අතර, අවසානයේ ශ්‍රී ලංකා දූත පිරිස නැගූ ප්‍රශ්න සඳහා ද පිළිතුරු සැපයිණි.

ලෝක ආර්ථික සමුළු මධ්‍යස්ථානයේ විශේෂ කුටියක දී මෙම පැහැදිලි කිරීම් සිදු කෙරිණි.

මුදල් අමාත්‍ය රවි කරුණානායක, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම සහ විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු යන මහත්වරු ප්‍රධාන ශ්‍රී ලංකා දූත පිරිස මේ අවස්ථාවට එක්වූහ.

 

 

t

o

p