Special News

කුණු කන්ද මෙම ස්ථානයෙන් ඉවත් කරනවා ; අගමැති රනිල් මීතොටමුල්ලේ සිට කියයි

මීතොටමුල්ල කුණු කන්ද නාය යාමේන් සිදුවූ විපත බැලීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද ඒ ප්‍රදේශයේ සංචාරයක නිරත විය. එහිදී සිදුවී ඇති විපත දැක අසරණ වූ ජනතාව සමඟ කතා කිරීමට කොළොන්නාව රාහුල විද්‍යාලයට පැමිණ ඔහුන් සමඟ අදහස් හුවමාරු කර ගත්හ. එහිදී අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා.. අද අපි ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් මේ පිළිබඳව මූලික සාකච්ඡාව පැවැත්වුවා. Read More

මහල් 75 කින් යුත් ශී‍්‍ර ලංකාවේ උසම ගොඩනැගිල්ල ඉදිකිරීම ඇරඹේ

මහානගර සංවර්ධන සැලැස්මට අනුව ශ‍්‍රී ලංකාවේ ඉදිවන විශාලතම නේවාසික ගොඩනැගිල්ලට මුල්ගල තැබීම මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරුණි. නො. 37, හෝර්ටන් පෙදෙස, කොළඹ 07 යන ස්ථානයෙහි ඇමරිකානු ඩොලර් මිලියන 250 ක වියදමින් මෙම ගොඩනැගිල්ල ඉදිවන අතර, මහල් 75 කින් සමන්විතය. මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු 2020 වන විට අවසන් කිරීමට නියමිත අතර හෝර්ටන් ස්කවෙයාර් (Horton Square) පුද්ගලික සමාගම මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබයි. Read More

මීතොටමුල්ල ඛේදවාචකය ගැන වියට්නාමය දුක් වෙයි

මීතොටමුල්ලේ සිදු වූ ඛේදවාචකය සම්බන්ධයෙන්, ශ්‍රී ලාංකේය ජනතාව සහ රජය වෙත සිය සාතීශය සංවේගය පළ කරන බව වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති ට්‍රැන් ඩයි ක්වන් (Tran Dai Quang) මහතා සහ වියට්නාම් කොමියුනිස්ට් පක්‍ෂයේ මහලේකම් ගුයෙන් ෆු ට්‍රොං (Nguyen Phu Trong) මහතා පැවසූහ. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත අදහස් දක්වමින් වියට්නාම් ජනාධිපතිවරයා සහ කොමියුනිස්ට් පක්‍ෂ Read More

මීතොටමුල්ල ඛේදවාචකය සිදුවුණේ මේ ආණ්ඩුවේ වරදින් – ඒකාබද්ධ කැඳවුම්කරු

මීතොටමුල්ලේ අසරණ ජනතාව මුහුණ දුන් ඛේදවාචකය සිදුවූයේ වත්මන් ආණ්ඩුවේ වරදින් බවත් එම සිදුවීමට ආණ්ඩුව සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවත් බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන ඇමැති සහ ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය. කොළඹ කුණු ඉවත් කිරීමට ඉකුත් රජය සමයේ සැලසුම් කළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව උනන්දු වූයේ නම් මෙවැනි විපතක් සිදුනොවන බව පැවසූ රණතුංග මහතා Read More

නොරොච්චෝලේ කැඩුනට විදුලිය කපන්නේ නෑ – ඇමති සියඹලාපිටිය

නොරොච්චෝලේ බලාගාරයේ ඒක යන්ත්‍රයක් බිඳ වැටීම හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදු කිරීමට ආණ්ඩුව සූදානම් නොමැති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. එමෙන්ම වැසි රහිත සමයේදී විදුලිබල නිෂ්පාදනයට වැඩි පිරිවැයක් වැය වුවද විදුලි බිල ඉහළ දැමීමටද ආණ්ඩුව සූදානම් නොමැති බවයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය තවදුරටත් පැවසීය. විදුලිබල අමාත්‍යංශ මගීන් නිකුත් Read More

සුපිරි පිතිකරු ක්‍රිස් ගේල්ගෙන් තවත් වාර්තාක්

පන්දුවාර 20 ක‍්‍රිකට් පිටියේ ලකුණු දස දහසේ සීමාව පසු කළ ලොව පළමු ක‍්‍රීඩකයා ලෙස ප්‍රවේග කාරි බටහිර ඉන්දීය කොදෙව් සුපිරි පිතිකරු ක‍්‍රිස් ගේල්  වාර්තා පොත් අතරට එක් විය. ඊයේ පැවති අයි පී එල් ක‍්‍රිකට් තරගාවලියේ ගුජරාට් ලයන්ස් කණ්ඩායමට එරෙහිව පන්දු 44ක දී ලකුණු 72ක් රැස් කිරීමත් සමඟ මෙම වාර්තාව ක්‍රිස් ගේල්ට් හිමිවිය. 2005 වසරේ සිට Read More

අනාගත අපේක්ෂාවන් දියුණු කර ගන්න වියට්නාමයේ පූර්ණ සහය දෙනවා – වියට්නාම් ජනාධිපති

ජාතික සංවර්ධනය සහ සංහිදියාව ඉලක්ක කර ගනිමින්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා රජය ගෙන යන ධනාත්මක වැඩ පිළිවෙල අගය කරන බව පැවසූ වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති ට්‍රැන් ඩයි ක්වන් (Tran Dai Quang) මහතා, ශ්‍රී ලංකාවේ අනාගත අපේක්ෂාවන් සාර්ථක කර ගැනීම උදෙසා වියට්නාමයේ පූර්ණ සහය ලබා දීමට සූදානම් බව ද අවධාරණය කළේ ය. Read More

වියට්නාම් රාජ්‍ය සභාව හා ලංකා පාර්ලිමේන්තුව අතර සබඳතා තර කරන්න විශේෂ වැඩපිළිවෙලක්

සමාජවාදී වියට්නාම ජනරජයේ ජාතික රාජ්‍ය සභාව සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අතර සබඳතා තහවුරු කරලීම උදෙසා විශේෂ වැඩපිළිවෙලක් දියත් කිරීමට පියවර ගන්නා බව ජාතික රාජ්‍ය සභා සභාපතිනි ගුයෙන් ති කිම් ගන් (Nguyen Thi Kim Ngan) මහත්මිය සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවති ද්විපාර්ශවික සාකච්ඡාවන් හි දී තීරණය කෙරිණි. ති කිම් ගන් මහත්මිය සිය Read More

ශ්‍රි ලංකාව හා වියට්නාමය අතර නව අවබෝධතා ගිවිසුම් දෙකක්

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර අවබෝධතා ගිවිසුම් දෙකකට 17 වන දා පෙවරුවේ අත්සන් තැබිණි. “2017 – 2019 වසර සඳහා කෘෂිකාර්මික සංවර්ධන සහයෝගීතාවය සඳහා වූ ක්‍රියාකාරී සැලසුම” පිළිබඳ ගිවිසුම වියට්නාම් කෘෂිකර්ම අමාත්‍ය චඕ ඩුච් ෆට් (Cao Duc Phat) මහතා විසින් ද, අධ්‍යාපන සහයෝගීතාවය සඳහා වූ ගිවිසුම වියට්නාම් අධ්‍යාපන අමාත්‍ය ෆම් වු ලූවන් (Pham Vu Luan) මහතා Read More

මීතොටමුල්ල විපතින් හානියට පත්වූවන්ට ජාතික රක්ෂණභාර අරමුදලෙන් වන්දි

මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් ආපදාවට පත්වූවන්ට වන්දි ගෙවීමට රජය තීරණය කර ඇත. ඒ අනුව එම ආපදාවෙන් ඇති වූ ජීවිත හානියකට රුපියල් ලක්ෂය බැඟින් ද දේපල හානියකට උපරිමය රුපියල් ලක්ෂ 25 දක්වා ද වන්දි ගෙවීමට වහා කටයුතු කෙරේ. මීතොටමුල්ල ප්‍රදේශයේ පසුගියදා සිදු වූ ආපදාවෙන් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති සාකචිඡාවේදී ගනු ලැබූ Read More

t

o

p