Special News

ත්‍රිකුණාමලයේ සිංගප්පූරුවේ අනුග්‍රහයෙන් කර්මාන්ත කලාපයක්

ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිත ප්‍රදේශයේ සිංගප්පූරුවේ අනුග්‍රහයෙන් කර්මාන්ත කලාපයක් ඇති කිරිමට තිබෙන සැලසුම තුළ නාවික හමුදාවේ හා ගුවන් හමුදාවේ ඉඩම්වලට කිසිදු බලපෑමක් නොකරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (24) ප්‍රකාශ කළේය. සිංගප්පූරුවේ සභාර්නා සමාගමට අයත් කර්මාන්ත කලාපයක් එම ප්‍රදේශයේ ඉදි කෙරෙන බවද අගමැතිවරයා කීවේය. මේ වන විට ඊට අදාල ඉඩම් හදුනා ගැනීම ආරම්භකර ඇති Read More

කෝප් කමිටුවේ කටයුතු මාධ්‍යයට විවෘත කිරිම සැප්තැම්බර් මාසය අවසානයේ

කෝප් කමිටුවේ කටයුතු මාධ්‍යයට විවෘත කිරිම සැප්තැම්බර් මාසය අවසානය වන විට කළ හැකි වෙතැයි කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (24) විශ්වාසය පළ කළේය. කෝප් කමිටුවේ කටයුතු මාධ්‍යයට විවෘත කරන ලෙස සභානායක ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් කතානායකවරයා මේ බව කීවේය. කෝප් කමිටු සාමාජිකයෙකු නොවන ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එහි සිදුවන â මාධ්‍යයට Read More

සාලාව කඳවුර පුපුර යාමෙන් ආපදාවට ලක්වූ අයට රජය නියම කළ සම්පූර්ණ වන්දි මුදල ලබාදෙන්න…

සාලාව කඳවුර පුපුර යාමෙන් හානි සිද්ධ වූ නිවාස හමුදාව පිළිසකර කළ පසු හානිය වෙනුවෙන් රජය නිවසට වෙන් කළ මුදල හමුදාව වැය කළ මුදලක් යැයි පවසා නිවෙස් හිමියට ලැබෙන වන්දිය අඩු කිරිම අසාධාරණ බව ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) ප්‍රකාශ කළේය. මෙම ආපදාවට ලක්ව නිවාස අහිමිවූවන්ට රජය නියම කළ සම්පූර්ණ වන්දි මුදල Read More

මාමා බෑනා ප්‍රශ්නයක් සභාවට නැහැ. ඒක මෙතනට අවශ්‍ය නැහැ

සභාව තුළ ෙ මාමා බෑනාෙ සම්බන්ධතාවයක් නැතැයි කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) ප්‍රකාශ කළේය. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා වැවිලි කර්මාන්ත ඇමති නවීන් දිසානායක මහතාගෙන් ඇසු වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නයකට පිළිතුරු දෙන අවස්ථාවේ ඇතිවූ විවාදයකදී මතු කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් කතානායකවරයා මේ බව කීවේය. එම අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් ෙ Read More

අලි ජාවාරමට සම්බන්ධ අයට දඩුවම් දීමට කටයුතු කරනවා – ගාමිණි ජයවික්‍රම

අලි ජාවාරමට සම්බන්ධ වූ වනජීවි නිලධාරින් සොයා ඔවුන්ට දඩුවම් පැමිණවිම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට බාර දුන් බව තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (24) ප්‍රකාශ කළේය. ඊට අමතරව අලි ජාවාරමට සම්බන්ධ නිලධාරින්ට එරෙහිව කටයුතු කරන ලෙස නිතීපතිවරයාට සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවද දැනුවත් කර ඇති බවද ඇමතිවරයා සඳහන් කළේය. අලි Read More

ජානක වක්කුඹුර සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වෙයි

රත්නපුර දිස්ත්‍රීක් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා තමන් එතෙක් දැරූ කලවාන ශ්‍රීලනිප ආසන සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ජානක වක්කුඹුර මහතා පසුගිය මහමැතිවරණයේදී රත්නපුර දිස්ත්‍රීක්කය නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ පාර්ලිමේන්තුවට තේරී පත්විය.

ඉතාලි භූ කම්පනයෙන් 63ක් මරුට

මධ්‍යම ඉතාලියේ ඇති වූ රික්ටර් පරිමාණ 6.2ක භූ කම්පනයෙන් සිදුවූ ජීවිත හානි සංඛ්‍යාව 63 දක්වා ඉහළ ගොස් තිබේ. භූ කම්පනයෙන් පසුව සුන්බුන් අතර සිරවී අතුරුදන්ව සිටින පුද්ගලයන් සංඛ්‍යාව 150 ඉක්මවනු ඇති බව ඉතාලි බලධාරීහු පවසති.

ළාබාලතම වෙබ් නිර්මාණවරිය

තොරතුරු තාක්ෂණය පිළිබඳ බීසීඑස් උපාධිය වයස අවුරුදු 11 දි සම්පුර්ණ කළ සහ වයස අවුරුදු නවයේ දී වෙබ්  අඩවියක්  නිර්මාණය කරමින්  මෙරට ළාබාලතම වෙබ්  නිර්මාණවරිය බවට  පත්වු  මහනුවර   කොළඹ ජාත්‍යන්තර  පාසලේ  අධ්‍යාපනය ලබන වෂින්‍යා  ප්‍රේමානන්ද සිසුවිය  සිය දෙමාපියන් සමඟ අද (23) ජනාධිපති  මෛත්‍රිපාල සිරිසේන මහතා  හමු විය. සිසුවියගේ  දක්ෂතා  අගය කරමින් ඇයට  දිප්තිමත්  අනාගතයකට  සිය Read More

නේපාලයේ ආයෝජනයට ලංකාව සැරසෙයි

නේපාලයේ අධ්‍යාපන හා යටිතල පහසුකම් සඳහා ආයෝජනයට ශ්‍රී ලංකාවේ අවධානය යොමුව ඇති බව, නේපාලයේ නව ශ්‍රී ලංකා තානාපතිනි ඩබ්. එස්. පෙරේරා මහත්මිය පැවසීය. නේපාලයේ වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කර තිබූ පිළිගැනීමේ උත්සව අවස්ථාවකට එක්වෙමින් පෙරේරා මහත්මිය මේ බව සඳහන් කරන ලදී. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නව ශ්‍රී ලංකා තානාපතිනිය, දෙරට අතර ආර්ථික, සාමාජයීය හා සංස්කෘතික Read More

කොළඹ ක්‍රියාදාමයේ පස්වන සමුළුව 25දා

කොළඹ ක්‍රියාදාමයේ රටවල අමාත්‍යවරුන්ගේ පස්වන සමුළුව ලබන 25 වැනිදා කොළඹ දී පැවැත්වීමට නියමිතව තිබේ. කොළඹ ක්‍රියාදාමයේ රටවල වත්මන් සභාපතීත්වය ශ්‍රී ලංකාව විසින් දරන අතර විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය වත්මන් සභාපතිනිය ලෙස කටයුතු කරයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙවර සමුළුව සඳහා සාමාජික රටවල් 11ක් නියෝජනය කරමින් අමාත්‍යවරුන් සහභාගී වීමට නියමිතය. ඒ අනුව Read More

t

o

p