මෛත්‍රී පොදු අපේක්ෂක කළේ ඉන්දීය රෝ ඔත්තු සේවයයි

October 18, 2018

වර්ෂ 2015 විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් කිරිමට ප්‍රධාන භූමිකාව රගපෑවේ ා වන රෝ ඔත්තු සේවය බව මෙරට තානාපති අංශ ප්‍රකාශ කරයි.
ඉන්දිය රහස් ඔත්තු සේවය වන රෝ ඔත්තු සේවය එවකට කළ සමීක්ෂණයේදි හෙළි වූ තොරතුරු පදනම් කරගනිමින් පොදු අපේකෂක යෝජනාව ඉන්දියාව සෘජුවම එවක විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කරනු ලැබීය.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්විමට ගෙන තිබු තීරණය වෙනස් කිරිමට හේතු වූයේද ඉන්දිය රෝ ඔත්තු සේවය කළ දැනුම් දීමට අනුව බවද තානාපති අංශ වාර්තා කරයි.
මෙවැනි තත්ත්වයක් යටතේ ඉන්දිය රහස් ඔත්තු සේවය තමා මරන්නට සිටින බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් තානාපති අංශ විමතිය පළ කර සිටියි.
කෙසේ නමුත් ඇතිවූ අර්බුදකාරි තත්ත්වය හමුවේ ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයේදී කළ එම ප්‍රකාශය වහාම නිවැරදි කරමින් නිවේදන නිකුත් කළද රාජ්‍යතාන්ත්‍රිකව ඇතිවු කළු පැල්ලම මැකිය නොහැකි වි ඇතැයිද තානාපති අංශ සඳහන් කරයි.

t

o

p