ජනපති ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් තොරතුරු විමසීමට ඉන්දියාවෙන් විශේෂ ඉල්ලීමක්

October 18, 2018

ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඝාතනය කිරිමේ කුමන්ත්‍රණයක් ඉන්දිය රහස් ඔක්තු සේවය හරහා ක්‍රියාත්මක වන බවට කෙරුණු ප්‍රකාශ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමසිම සඳහා අවස්ථාව දෙන ලෙස ඉන්දිය රජයේ ආරක්ෂක ප්‍රධානිහු ශ්‍රී ලංකාවෙන් විශේෂ ඉල්ලිමක් කර සිටියි.
ඉන්දිය රජයේ ආරක්ෂක ප්‍රධානිහු ඉහත ඉල්ලිම ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය හරහා අග්‍රාමාත්‍ය කාර්යාලයටත් විදේශ කටයුතු අමාත්‍යාංශයටත් ඊයේ (17) රාත්‍රිය වන විට නිල වශයෙන් දැනුම් දි තිබින.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය නිල සංචාරය අද (18) ආරම්භ කරන අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා 20 දා රනිල් වික්‍රමසිංහ මහතා හමුවිමට නියමිතය.
යහපාලනය සඳහා වූ ජාතික රජය ඉන්දියාව සමඟ එකත්වයට පැමිණි උතුරේ නිවාස තැනිම, මහා මාර්ග ඉදිකිරිම, උතුරු දුම්රිය මාර්ගය සහ අනෙකුත් ආයෝජන ව්‍යාපෘතිවල ප්‍රගතිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දිය සංචාර්යේදි සමාලෝචනයක යෙදිමට නියමිතය.
ඉහත කරුණුවලට අමතරව ශ්‍රී ලංකා ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි අවධානය යොමු කර තිබෙන හෙයින් එරට ආරක්ෂක ප්‍රධානින්ගේ ඉල්ලීම අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දිය සංචාරය අතරවාරයේදි ඝාතන කුමන්ත්‍රණ සිද්ධියට ප්‍රමුඛ ස්ථානයක්දීමට සිදුවනු ඇතැයි ද විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

t

o

p