Special News

පානදුරේ පෞද්ගලික රෝහලකටත් සීල්

පානදුර ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක් මුද්‍රා තැබීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබෙනවා. ඒ එම රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි ගර්භණි කාන්තාවකට කොවිඩ් – 19 හෙවත් කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු වීමත් සමගයි. පානදුර ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාවගේ නිවසට විදේශ රටක සිට මෙරටට පැමිණි ඥාතීන් පිරිසක් නතරව සිට පිටව ගොස් ඇත. මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා Read More

වෛරසයෙන් ආරක්ෂා වීමට වැඩිහිටියන්ට උපදෙස් මාලාවක්

Covid-19 වෛරසයේ ව්‍යාප්තිය සමග වැඩිහිටියන් ඉන් ආරක්ෂා කර ගැනීම සඳහා උපදෙස් මාලාවක් ශ්‍රී ලංකා වෘද්ධ වෛද්‍ය විද්‍යා සංගමය විසින් නිකුත් කර තිබේ. 0‍1. මෙම වෛරසය වැඩිහිටි ඔබට ඉතා අවදානම් සහිත බැවින් අන් අයට සමීප වීමෙන් වළකින්න. 02. රෝහ‍ල් සායන වෙත යෑම අවම කර ඔබගේ ඖෂධ අන් අයකු මගින් සමීපයේ ඇති ඔසුසලකින් ලබා ගෙන නිතිපතා භාවිතා Read More

විදුලි බිල්පත් බෙදාහරින්නැයි මනු කියවන්නට කර ඇති නියෝගය වහාම අවලංගු කරන්න

කොරෝනා වසංගතය මර්ධනය සදහා සමස්ත ජාතියම පියවර ගෙන ඇති මොහොතක ලංකා විදුලිබල මණ්ඩලය විදුලි බිල්පත් බෙදාහරින්නැයි මනු කියවන්නට කර ඇති නියෝගය වහාම අවලංගු කරන ලෙස අප සංවිධානය ඔබතුමාගෙන් කරැණාවෙන් ඉල්ලා සිටිමු.   ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා කර ඇති නියෝගයකට අනුව සියළු    ප්‍රදේශවල විදුලි මනු කියවන්නන් හෙට සිට බිල්පත් බෙදාහැරීමට නිවෙස් වලට යාමට නියමිතය. ජනරාශිය නැවත්වීම Read More

ශබ්දවාහීනී යොදාගනිමින් ආගම් මගින් කොරෝනා රෝගය මර්ධනය කරන්න බැහැ – සෞඛ්‍ය අවවාද පිළිපදින්න…!!

මේ දිනවල කොරෝනා ආසාදනය මැඩපැවැත්වීම සඳහා ඇඳිරිනීතිය පනවා ඇති නිසා වෙනදා තොරතෝංචියක් නැතිව ඇසුන වාහන වල ඝෝෂාව ඇහෙන්නේ නැහැ.නගර පාලුවට ගිහින් පරිසරයේ ස්වභාවික නිහඬබව ඉස්මතුකරන්න ස්වභාවධර්මය උත්සාහදරන මොහොතේ මීමැස්සන්,සමනලයන් රෑන් පිටින් පරිසරයේ සුවය විඳිනවා.ඝෝසාව සහ අධික ශබ්දය මෙම කෘමින්ගේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වය අඩපණ කරන බව විද්‍යාත්මකව ඔප්පුකරලා තියෙන  කරුණක්.එහෙත් අවාසනාවකට මෙන් ඒ සියල්ල පරදවා. ශබ්දවිකාශන යන්ත්‍රවල Read More

COVID-19 වයිරස් තත්වය යටතේ අන්තර්ජාල සේවාව ප්‍රමිතියකින් යුතුව ලබාදීමට කටයුතු කරන්න

COVID-19 වයිරසය සමග මේ දිනවල ශ්‍රී ලංකාවේ සියලුම අන්තර්ජාල සම්බන්ධතා වලින් සමාජ මාධ්‍ය වෙබ් අඩවි වෙත පිවිසීමේදී යම් මන්දගාමී ස්වරුපයක් ගන්නා බව අන්තර්ජාල පරිශීලකයන් විසින් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වෙත පැමිණිලි සිදුකොට ඇත. මේ වන විට බොහෝ අන්තර්ජාල සේවා සපයන සමාගම් විසින් Deep Packet Inspection නොහොත් DPI ක්‍රියාවලියක් සිදුකරන බවක් දැකගත හැකි අතර Read More

මුහුදු යාමට ධීවරයින්ට හවස 06 දක්වා අවසර

අද උදෑසන 6.00 සිට සවස 6.00 දක්වා කාලය තුළ දිවයින පුරා සියලුම ධීවරයන්ට මුහුදු යාමට අවසර ලබාදී ඇතැයි ධීවර අමාත්‍යාංශය පවසයි. ධීවර අමාත්‍යාංශය පැවසුවේ, නාවික හමුදාව සමග සාකච්ඡා කර මෙම තීරණයට එළැඹි බවය.

ජනපතිගෙන් ජනතාවට සහන රැසක්

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය නිසා අපහසුවට පත් ජනතාවට ජනාධිපතිවරයාට පැවරී තිබෙන බලතල යටතේ සහන රැසක් ප්‍රදානය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  තීරණය කර ඇත.    සියලු සහන ඊයේ (23) සිට ක්‍රියාත්මක වේ.   මේ සහන ජනතාවට ලබාදීමට පියවර ගන්නැයි ශ්‍රී  ලංකා මහ බැංකුවේ අධිපති, සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන් සහ සියලුම බැංකු, මූල්‍ය Read More

සජිත් කොරෝනා ඇන ගනීයි

කොරෝනා රෝගීන්ට හයිඩ්‍රෝක්සික්ලොරෝකුවීන් නොව ප්ලැකනිල් නම් ඖෂධය ලබා දිය යුතු බව පවසමින් සජිත් ප්‍රේමදාස මහතා ඔහුගේ මුහුණු පොතේ වීඩියෝවක් පළ කර ඇත. මේ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා වෙත විද්‍යුත් තැපැල් ලිපියක් යොමු කරන ඖෂධවිද්‍යා මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා පෙන්වා දෙන්නේ ප්ලැකනිල් යනු හයිඩ්‍රෝක්සික්ලොරෝකුවීන්ම බවයි. හයිඩ්‍රෝක්සික්ලොරෝකුවීන් යනු අදාල ඖෂධ නාමයයි. ප්ලැකනිල් යනු එම ඖෂධය නිෂ්පාදනය Read More

බේකරි නිෂ්පාදන ජංගම රථවලින් නිවෙස් වෙත යෑම දැඩි අවධානමක්

ඇඳිරි නීතිය පනවා ඇති වේලාවේදී බේකරි නිෂ්පාදන රැගෙන යන ජංගම රථ සඳහා අවසර ලබාදීමටද පොලිසිය තීරණය කර තිබුණද මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් පවසන්නේ එය අවදානම් කි‍්‍රයාවක් බවයි. ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පෙන්වා දෙන්නේ මෙම සංචාරක වෙළෙන්දන් නොදැනුවත්කමින් නිරෝධායනයට ලක් කර ඇති නිවෙස්වලටත් මෙම බේකරි නිෂ්පාදන අලෙවි කිරීමෙන් දැඩි අවධානම් තත්ත්වයක් මතු Read More

යුරෝපය කොරෝනා පාලනයට ගත් ක්‍රියාමාර්ග අසාර්ථකයි

කොරෝනා වෛරසය පාලනයට යුරෝපය ගත් කි‍්‍රයාමාර්ග මේ දක්වා අසාර්ථක වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. දිගින් දිගටම යුරෝපයේ රටවලින් වෛරස් ආසාදිතයින් සහ පුද්ගල මරණ වාර්තාවීමත් සමගයි. ගත වූ පැය 24 වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉතාලියෙන්. එම සංඛ්‍යාව 651 ක්. ඒ අනුව ඉතාලියෙන් වාර්තා වන මුළු පුද්ගල මරණ සංඛ්‍යාව 5,476 ක්. ඉතාලියෙන් අලූතින් කොරෝනා රෝගීන් Read More

t

o

p