වෛරසයෙන් ආරක්ෂා වීමට වැඩිහිටියන්ට උපදෙස් මාලාවක්

March 25, 2020

Covid-19 වෛරසයේ ව්‍යාප්තිය සමග වැඩිහිටියන් ඉන් ආරක්ෂා කර ගැනීම සඳහා උපදෙස් මාලාවක් ශ්‍රී ලංකා වෘද්ධ වෛද්‍ය විද්‍යා සංගමය විසින් නිකුත් කර තිබේ.

0‍1. මෙම වෛරසය වැඩිහිටි ඔබට ඉතා අවදානම් සහිත බැවින් අන් අයට සමීප වීමෙන් වළකින්න.

02. රෝහ‍ල් සායන වෙත යෑම අවම කර ඔබගේ ඖෂධ අන් අයකු මගින් සමීපයේ ඇති ඔසුසලකින් ලබා ගෙන නිතිපතා භාවිතා කරන්න.

03. දෑත් සබන් දා නිතර සෝදන්න.

04. අන් අය සමග කතා කරන විට අවම වශයෙන් අඩි 3 ක පරතරයක් තබා ගන්න.

05. දරු මුණුබුරන් ඇතුළු පවුලේ අය සිප වැළඳ ගැනීමෙන් වළකින්න.

06. කහින විට හා කිවිසුම් යන විට මුඛය හා නාසය වැලමිටෙන් ආවරණය කර ගන්න.

07. අමුත්තන් නිවෙසට ගෙන්වා ගැනීමෙන් හා පිරිස් වශයෙන් රැස්වීමෙන් වළකින්න.

08. අත්‍යවශ්‍ය කරුණක් සඳහා නිවෙසෙන් පිටවන සෑම විටම මුඛ ආවරණයක් පළඳින්න.

09. නිතර උණුසුම් ජලය පානය කරන්න. සිසිල් බීම පානය කිරීමෙන් වළකින්න.

10. සිත සැහැල්ලුවෙන් තබා ගන්න. සුව නින්දක් හා පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා ගන්න.

t

o

p