ශබ්දවාහීනී යොදාගනිමින් ආගම් මගින් කොරෝනා රෝගය මර්ධනය කරන්න බැහැ – සෞඛ්‍ය අවවාද පිළිපදින්න…!!

March 24, 2020


මේ දිනවල කොරෝනා ආසාදනය මැඩපැවැත්වීම සඳහා ඇඳිරිනීතිය පනවා ඇති නිසා වෙනදා තොරතෝංචියක් නැතිව ඇසුන වාහන වල ඝෝෂාව ඇහෙන්නේ නැහැ.නගර පාලුවට ගිහින් පරිසරයේ ස්වභාවික නිහඬබව ඉස්මතුකරන්න ස්වභාවධර්මය උත්සාහදරන මොහොතේ මීමැස්සන්,සමනලයන් රෑන් පිටින් පරිසරයේ සුවය විඳිනවා.ඝෝසාව සහ අධික ශබ්දය මෙම කෘමින්ගේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වය අඩපණ කරන බව විද්‍යාත්මකව ඔප්පුකරලා තියෙන  කරුණක්.එහෙත් අවාසනාවකට මෙන් ඒ සියල්ල පරදවා.

ශබ්දවිකාශන යන්ත්‍රවල ශබ්දය පරිසරය සිසාරා පැතිරෙන්න පටන් අරන්.රටපුරා විවිධ විහාරස්ථාන වලින් පිරිත් සූත්‍ර සජ්ජායනාවන් විකාශය කරන්න පටන් අරන්. ඒ. අතරේ පල්ලිවලින් දේව යැදුම්,  වන්දනාවන් විකාශය කරන්න පටන් අරන්.

ආගමික විශ්වාසයන් යනු ඒ ඒ පුද්ගලයා විසින් අදහනු ලබන ලබ්දියක්.සෑම පුද්ගලයෙක්ම සිය ආගම අදහන්නේ එය පරම සත්‍ය ලෙස අදහමින්. ලොව පරම සත්‍ය්‍යන් කිහිපයක් තිබිය නොහැකි අතර තිබ්ය යුත්තේ එක් පරම සත්‍යයක් පමනි.ආගම සහ විද්‍යාව යනු නිරතුරුවම පරස්පර විරෝධී සන්ධර්භයන් දෙකකි විද්‍යාත්මක ක්‍රමය පරීක්ෂණ නිරීක්ෂන සහ නිගමන මත පැවතියද ආගම් එලෙස නොව භක්තිය මත ප්‍රශ්ණකිරීමකින් තොරව අදහන්නක් වේ..

ගැටලුව වන්නේ. මෙලෙස එක් එක් පුද්ගල කණ්ඩායම් අදහන ආගම් මත පදනම්ව දේව යාතිකා,ස්ත්‍රෝත්‍ර,පිරිත් හෝ වෙනත් ආගමික වතාවත් ශබ්දවිකාශණ භාවිතාකරමින් විකාශය කිරීම ආගම් අතර ගැටුම් ඇතිවීමට හේතුවනවා. එසේ වන්නේ එක් ආගමක් අදහන අයෙක් අනෙක් සියලු ආගම්.ප්‍රතික්ෂේප කරන නිසා එම ආගමික වතාවත් මහ හඬින් ශබ්දවිකාශන යන්ත්‍ර මගින් ප්‍රචාරය.

කරන විට එම පුද්ගලයාගේ යටිහිතෙන් ඇතිකරවන ප්‍රතික්ෂේප කිරීම නිසයි.නිරතුරුව තමන් යටිහිතෙන් ප්‍රතික්ෂේප කරන දෙයක් ඇසීමට සැලැස්වීම නිසා පුද්ගලයන් තුල මානසික ආතතිය ඇතිවී ඒ හේතුවෙන්ම ඔවුන්ගේ ප්‍රතිශක්තියද අඩාලවීමෙන් බෝවෙන රෝගවලට පහසුවෙන් ගොදුරුවීමේ හැකියාව පවතිනවා.

ආගම් ඇදහීම සිදුකළයුතුවන්නේ පෞද්ගලිකව හෝ ආගමික ස්ථානයක් තුල සිටයි.එවිට එම ආගම අදහන්නන් සඳහා පමණක් ඇසෙන පරිදි අවශ්‍යනම් ප්‍රභලතාවයෙන් අඩු ශබ්දවිකාශන උපකරණ භාව්තා කළ හැකි වනවා.

ආගම ඇදහීම සාමූහිකව කිරීමට අවශ්‍ය අයට එවිට තම තමන්ගේ ආගමික මධ්‍යස්ථාන වෙත ගොස් එසේ කළහැකි අතර අනෙක් අයට තම නිවසේ හෝ වෙනත් කැමති ස්ථානයක සිට වෙනත් කිසිදු අයෙකුට කරදරයක් නොවන ලෙස සිය ආගම් ඇදහීමේ හැකියාව තියෙනවා.අපගේ සවනට පීඩාවක් නොවන අන්දමින් ඇසිය හැකි හඬ සීමාව වන්නේ ඩෙසිබල් 70 පමණ වනවා. දිගුකාළයක් ඉහල තීවෘතාවයකින් යුතු ශබ්දවලට නිරාවරණය වීමෙන් ශ්‍රවන ඉන්ද්‍රියයන්ට හානි සිදුවෙනවා.

මේ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ඉහල තීවෘතාවයෙන් යුතු ශබ්දවලට දිනකට උපරිමව නිරාවරණය වියහැකි කාළසීමාවක් නිර්දේශ කරලා තියනවා. මේ අනුව ඩෙසිබල් 85ක් සඳහා දිනකට පැය 8ක් ද ඩෙසිබල් 90කට පැය 4ක් ද ඩෙසිබල් 95කට පැය 2 ද ආදී ලෙස වැඩිවන සෑම ඩෙසිබල් 5කටම නිරාවරන කාළය අඩකින් අඩුවන අයුරින් තමා නිර්දේශය ලබාදී තියෙන්නේ.

දැරියහැකි උපරිම තීවෘතාව ඩෙසිබල් 140දී එක් තත්පරයක් පමණක් වන අතර කුඩාදරුවන්ට මෙම උපරිම අගය ඩෙසිබල් 120ක් වනවාශ්‍රීලංකාවේද 1980අංක 47 දරණ ජාතික පාරිසරික පනත යටතේ ශබ්ද දූෂණය සම්බන්ධ සීමාවන් පනවා තිබුණද ඒවා නිසි පරිදි ක්‍රියාත්මකවීමක් දකින්නට නැහැ. බස් රථවල මහ හඬින් ගීත යැයි කියනා විලාපයන් වාදනය කිරීමේ නීතිමය හැකියාවක් නැහැ.එය මහජන කරදරය නැමැති දණ්ඩනීති සංග්‍රහයේ 261වගන්තිය යටතේත්,ජාතික පාරිසරික පනත යටතේත් දඬුවම් ලැබියහැකි වරදක්.

ආගමික වතාවත් ශබ්දවිකාශන යන්ත්‍රමගින් ප්‍රචාරය කිරීම අපගේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) හි දක්වාඇති නීතිය සැමට සමානවේ යන මූලික අයිතිවාසිකම උල්ලංගනය කිරීමක් බව 2007 වසරේදී අපගේ ශ්‍රේෂ්ඨාධිකරනය නඩු තීන්දුවක දැක්වෙනවා.

ආෂික් එරෙහිව බන්ධුල සහ තවත් අය නම් නඩුවේදී සරත්නන්ද සිල්වා අගවිනිසුරුතුමා ඉන්දියාවේද නඩු තීන්දු කීපයක් උපුටා දක්වමින් ආගමික ශබ්ද දූෂණය පිළිඹඳව මනා විශ්ලේෂණයක් සිදුකර තිබෙනවා. කිසිදු ආගමක් ශබ්දවිකාශණවලින් ප්‍රචාරය කළයුතුබව කිසිම ආගමක සඳහන් නොවන බවත් කවරෙකුට හෝ කවර. හෝ යහපතක් සිදුවනවා යන්න මෙලෙස ආගමික ශබ්දදූෂණයට නිදහසට කරුණක් නොවන බවත් භාෂණයේ නිදහස යන්නට ශබ්දවිකාශන යන්ත්‍ර භාවිතයෙන් හඬ ප්‍රචාරය කිරීම අයත් නොවන බවත් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරන නඩුතීන්දුවල මනාව පැහැදිලිව දක්වාතියෙනවා.

පූජ්‍ය පියදස්සී හිමියන්ගේ දහම් පොතක් උපුටා දක්වමින් අගවිනිසුරුතුමා ප්‍රකාශකර සිටියේ පිරිත් ශ්‍රවණයකිරීම සඳහා මනාව සිත එක්තැන්කොට, පිරිතේ තේරුම සිහිකරමින් පිරිත් දේශනාකරන ස්ථානයේ දේශනා කරන ස්වාමින්වහන්සේ අභිමුව සිට පිරිත් ඇසිය යුතු බවයි.එම නිසා ඒ සඳහා ශබ්දවිකාශණයන්ත්‍ර භාවිතාකිරීමක් අනවශ්‍ය බව ප්‍රකාශකොට තියෙනවා.ඒ අනුව පොලිස් ආඥාපනතේ 80 (1) වගන්තිය ක්‍රියත්මක කිරීම අත්හිටුවා,ශබ්දවිකාශන යන්ත්‍ර භාවිතය සඳහා බලපත්‍ර නිකුත්කිරීම පිණිස නව නීති පනවන ලදී.

මේ අනුව රාත්‍රී 10සිට උදෑසන 6දක්වා කාළය තුල යම් විශේෂ කරුණකට පමණක් ශබ්දවිකාශන යන්ත්‍ර භාවිතා කිරීමට ප්‍රදේශයේ මහෙස්ත්‍රාත්වරයාගෙන් අවසරගතයුතු බවටත් උදාසන 6සිට රාත්‍රී 10දක්වා කාළය තුල ශබ්දවිකාශන යන්ත්‍ර භාවිතටට පොළීසියට. අවසරපත් ලබාදිය හැකි නමුත් එයට ප්‍රදේශයේ ජනතාවගේ අදහස් ලබාගතයුතු බව දක්වා ඇත.

යම් අයෙකුගේ කැමැත්තකින් තොරව ඔහුට යම් යම් දේ ශබ්දවිකාශන යන්ත්‍ර මගින් ඇසීමට සැලැස්වීම නීතිවිරෝධී සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංගනය කරන්නක් බව මේ අනුව අපේ රටේ පමණක් නොව වෙනත් රටවල් වලද පිළිගත් කරුණක් බව මෙම නඩු තීන්දුවෙන් ප්‍රකාශ වෙනවා.රට පුරා ශබ්දවිකාශන යන්ත්‍ර භාවිතා කරමින් මේ දිනවල කොරෝනා රෝගයෙන් මිදීම සඳහා යැයි පවසමින් පිරිත් විකාශනය කිරීම සළකාබැලිය යුත්තේ මේ කරුනු කාරනා සියල්ල මත පදනම්ව සිටයි. බුදුදහම ආගමක් නොව දර්ශානයක්,ජීවිතය හැඩගස්වාගතයුතු ක්‍රමවේදයක් මිස කිසිදුවිටෙක රෝග සුවකරන මන්ත්‍රයක් නොවෙයි.

බුදුරජානන් වහන්සේ පවා රෝගී වූ විට වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබාගත්තා,ගිලනුන්ට උපස්ථාන කළා නමුත් පිරිත් කියලා රෝග සුව කළේ නැහැ. පිරිසිදු බුදුදහමේ සූත්‍රයන් බුදුපරිනිර්වානයෙන් වසර දහසකට පමණ පසුව බුද්ධඝෝෂ හිමියන් විසින්  ඒවා පැහැදිලි කරමින් ලියූ අට්ඨකතා වල අඩංගු බුද්ධාභාෂිතය නොවන කරුනුවලින් වෙන්කොට ගැනීමට බුද්ධිමත් වියයුතු වෙනවා.බුදුදහම භක්තිය මත නොව බුද්ධිය මත පදනම්වූවක් පිරිත් කීවාට කම් නැත.ඒවා ගුවන්විදුලියෙන් හෝ රූපවාහිනියෙන් ඇසුවාට නැරඹුවාටද කම් නැත.

ඉන් ඒවා විශ්වාසකරන අයගේ සිත් ශක්තිමත්වී සිරුරේ ප්‍රතිශක්තිය වැඩිවිය හැකියි. නමුත් ඒ සඳහා ශබ්දවිකාශන යන්ත්‍ර භාවිතා කිරීම සුදුසුවන්නේ නැහැ. පිරිත්,ස්තොත්‍ර යාතිකා, යන්ත්‍ර මන්ත්‍ර හෝ ආයුර්වේද හෝ බටහිර.හෝ වෙනත් කිසිදු ඖෂධයක් මේ මොහොතේ මෙම රෝගයට නැහැ.සෞඛ්‍ය අංශ සහ රජය විසින් දෙන උපදෙස් පමණක් පිළිපදින්න.මෙම රෝගයට අනවශ්‍ය ලෙස බිය නොවන්න.

මින් පුද්ගලයන් ,විශේෂයෙන් කළු සම ඇති පුද්ගලයන් රෝගී වුවත් මියයන්නේ ඉතා කළාතුරකින් බවයි නිරීක්ෂණය වෙලා තියෙන්නේවෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහMBBS (Peradeniya)LL.B (OUSL)වෛද්‍ය නිළධාරි,ජාතික රෝහල මහනුවර



t

o

p