STF සත්ව කරුණාව

March 24, 2020

මේ දිනවල නගරබද ප්‍රදේශ වල පවත්නා ජනශුන්‍ය තත්වය මුල්කොට නිවාස අහිමි සුනඛයන් දැඩි ආහාර හිඟයකින් පෙළෙන බව ප්‍රකට කරුණකි.

එවන් පසුබිමක් තුළ පොළොන්නරුව ප්‍රදේශයේ රාජකාරියේ යෙදෙන පොලිස් විශේෂ කාර්‍ය බලකා STF සෙබළුන් තමන්ට කඳවුරෙන් එවන බත් පතින් කොටසක් එම ප්‍රදේශ වල සැරිසරන නිවාස අහිමි සුනඛයන්ට දීම පුරුද්දක් කොට ඇත.

මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ පොළොන්නරුව ප්‍රදේශයේ රාජකාරියේ යෙදුණු STF සෙබලෙකු තම බත් පතින් කොටසක් කා ඉතිරිය ආහාර අහේනියෙන් පෙළෙන සුනඛයෙකුට ලබා දුන් ආකාරයයි.

තිලක් සේනාසිංහ

t

o

p