COVID-19 වයිරස් තත්වය යටතේ අන්තර්ජාල සේවාව ප්‍රමිතියකින් යුතුව ලබාදීමට කටයුතු කරන්න

March 24, 2020

COVID-19 වයිරසය සමග මේ දිනවල ශ්‍රී ලංකාවේ සියලුම අන්තර්ජාල සම්බන්ධතා වලින් සමාජ මාධ්‍ය වෙබ් අඩවි වෙත පිවිසීමේදී යම් මන්දගාමී ස්වරුපයක් ගන්නා බව අන්තර්ජාල පරිශීලකයන් විසින් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වෙත පැමිණිලි සිදුකොට ඇත.

මේ වන විට බොහෝ අන්තර්ජාල සේවා සපයන සමාගම් විසින් Deep Packet Inspection නොහොත් DPI ක්‍රියාවලියක් සිදුකරන බවක් දැකගත හැකි අතර ශ්‍රී ලංකාවෙහි පවතින මෙම DPI පද්ධතිය වත්මන් අන්තර්ජාල පරිශීලකයන් ප්‍රමාණයට සරිලන්නේ නොමැති බැවින් සමාජ මාධ්‍ය වෙබ් අඩවි වලට පිවිසීමේදී යම් මන්දගාමී ස්වභාවයක් ගැනීමට හැකි බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පෙන්වා දෙමු.

කෙසේ වෙතත් අන්තර්ජාලය වැනි ජනතාවට අත්‍යවශ්‍ය සේවාවක් කිසිදු බාදාවකින් තොරව ජනතාවට පරිහරණය සදහා අවශ්‍ය තාක්ෂණික මෙවලම් ශ්‍රී ලංකාව සතුවිය යුතු අතර ඒවා කාලයත් සමගම ශ්‍රී ලංකාවෙහි සිටින අන්තර්ජාල පරිශීලකයන් ප්‍රමාණය අනුව යාවත්කාලීන විය යුතුය.

COVID-19 වයිරසය හේතුවෙන් ඉදිරි කාල සීමාවේදී ශ්‍රී ලංකාව තුල සිදුකරනු ලබන සියලුම ව්‍යාපාරික හා අනෙකුත් අත්‍යවශ්‍ය කටයුතු අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය පදනම්ව සිදුකිරීමට සිදුවන බැවින් අන්තර්ජාල සේවාව ප්‍රමිතියකින් යුතුව මහජනතාව වෙත ලබාදීමට කටයුතු කරන ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස අදාළ බලධාරීන්ගෙන් සහ රජයෙන් ඉල්ලා සිටිමු.

t

o

p