පානදුරේ පෞද්ගලික රෝහලකටත් සීල්

March 25, 2020

පානදුර ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක් මුද්‍රා තැබීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබෙනවා. ඒ එම රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි ගර්භණි කාන්තාවකට කොවිඩ් – 19 හෙවත් කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු වීමත් සමගයි.

පානදුර ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාවගේ නිවසට විදේශ රටක සිට මෙරටට පැමිණි ඥාතීන් පිරිසක් නතරව සිට පිටව ගොස් ඇත. මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වීමෙන් අනතුරුව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් එම කාන්තාවගේ නිවසට ගොස් ඇයට දින 14ක කාලයක් ස්වයං නිරෝධායනය වන ලෙස දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

t

o

p