Special News

වෙබ් අඩවි නියාමනයට සුදානම් වෙයි

වෙබ් අඩවි නියාමනයට පාලනයක් අවශ්‍ය බවත්, ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් ඉදිරි සති 02 තුළ ක්‍රියාත්මක කරන බවත් ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට පාර්ලිමේන්තුවේදී (21) එක් වෙමින් පැවසීය . පුරවැසියන්ගේ ආත්ම ගෞරවය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීම වෙනුවෙන් පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කළ යුතු බව අමාත්‍යවරයා උපදේශක කාරක සභාවේදී Read More

නුවර අධිවේගයේ වැඩ ඇරඹීමේ පමාවෙන් කෝටි 800ක් පාඩුවෙයි

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා පළමු කොටසේ වැඩකටයුතු ආරම්භ කිරීම 2015 සිට 2019 දක්වා ප්‍රමාද වීම හේතුවෙන් රුපියල් බිලියන 8ක (කෝටි 800) අලාභයක් සිදුව ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී 20දා හෙළි විය. මෙම අධිවේගී මාර්ගය ඉදි කිරීමේදී අක්‍රමිකතා රැසක් සිදුව ඇති අතර, එහි ශක්‍යතා අධ්‍යයනයට පමණක් රුපියල් බිලියන 1.7කට (කෝටි 170)වැඩි Read More

අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 99 කින් සම්මතයි

අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද  99කින් ඊයේ(21) පාර්ලිමේන්තුවේදී සම්මත විය. පසුගිය 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2021 සඳහා වන අයවැය යෝජනාවලියේ දෙවැනි වර කියවීමේ විවාදය 18 වැනිදා සිට අද දක්වා පාර්ලිමේන්තුවේදී පැවැති අතර ඒ සඳහා වන ඡන්ද විමසීම අද පස්වරු 5ට පැවැත්විණි. එහිදී අයවැයට පක්ෂව ඡන්ද  151ක් ද විපක්ෂව ඡන්ද  52ක් ද හිමිවිය.

තවත් කොවිඩ් මරණ 9ක්

කොවිඩ් රෝගීන් 9 දෙනෙකුගේ මරණ අද (21) දින වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. ඒ අනුව මෙරටදී වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 83කි.

හෙට හුදකලා තත්ත්වයෙන් ඉවත් කරන ප්‍රදේශ

හෙට(23) දිනයේ අලුයම 5.00 ට බොරැල්ල, වැල්ලම්පිටිය, කොළඹ කොටුව, කොම්පඤ්ඤ වීදිය, ජා- ඇල සහ කඩවත පොලිස් බල ප්‍රදේශ හුදකලා කිරීම ඉවත් කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේය. නමුත් බොරැල්ල, වනාතමුල්ල ග්‍රාම නිලධාරී වසම සහ කොම්පඤ්ඤ වීදිය, වෑකන්ද ග්‍රාම නිලධාරී වසම තවදුරටත් හුදකලා කර තිබේ.

මහ නායක හිමිගේ ආදාහන පූජෝත්සවය අද

අපවත් වී වදාළ රාමඤ්ඤ මහ නිකායේ මහ නායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි නා හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන අද (22) පස්වරුවේ මහනුවර ප්‍රදේශයේ වාහන ධාවනය සීමා කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ආදාහන පූජෝත්සවය පැවැත්වෙන ජාතික පාසල් ක්‍රීඩාංගණය මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගය අසල පිහිටා ඇති බැවින් අද Read More

කොළඹ දිස්ත්‍රික්කය පිළිබද වැඩි අවධානයක්

කොවිඩ්-19 වෛරසය මේ වන විට වැඩි වශයෙන් පවතින කොළඹ දිස්ත්‍රික්කය පිළිබද වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ශෙනාල් ප්‍රනාන්දු මහතා පවසයි. සංගමයේ ලේකම් වෛද්‍ය ශෙනාල් ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් පෙන්වා දෙන්නේ දැනට වැඩි අවදානමක් පවතින කොළඹ දිස්ත්‍රක්කය තුළ කොවිඩ් දත්ත රැස් කිරීමේ කටයුතු නිසි පරිදි නොකළහොත් එය ඉදිරියේදී Read More

රනිල්ට ආ යෝජනාව

ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රිදූරය භාරගනිමින් එක්සත් ජාතික පක්‍ෂයට අඛණ්ඩව නායකත්වය ලබාදෙන්නැයි එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින් පිරිසක් රනිල් වික්‍රමසිංහ මහතා වෙත අවධාරණය කර තිබෙනවා. පක්‍ෂ නායකත්වයෙන් ඉවත්වීමෙන් රටට හෝ පක්‍ෂයට අත්වන යහපතක් නොමැති බවද අවධාරණය කර ඇති එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දී ඇත්තේ ශ්‍රී ලංකාව මේ වන විට දැවැන්ත ආර්ථික අර්බුදයක් දක්වා Read More

හැටෙන් පැන්ෂන් ගියොත් තරුණ තරුණියන්ට රැකියා ප්‍රශ්න

අයවැයේ යෝජනාව අනුව පෞද්ගලික අංශයේ සේවක විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා ඉහළ දැමීම හේතුවෙන් දැනටමත් 18%ක් වන මෙරට ‘තරුණ විරැකියාව’ තවදුරටත් ඉහළ යනු ඇතැයි නිදහස් වෙළෙඳ කලාප නිර්මාපකයන්ගේ සංගමය (FTZMA) පෙන්වා දෙයි. එම නිසා එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට පෙර එහි වාසි අවාසි පිළිබඳව නිසි අධ්‍යයනයක් සිදු කරන ලෙසද FTZMA රජයෙන් ඉල්ලා සිටී. FTZMA යනු Read More

පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව වීඩියෝ තාක්ෂණය ඔස්සේ තොරතුරු විමසීමක්

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) සවස රැස්විය. එම රැස්වීමට සභානායක හා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හා අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, උදය ගම්මන්පිල, කෙහෙලිය රඹුක්වැල්ල, නිමල් සිරිපාල ද සිල්වා, විදුර වික්‍රමනායක සහ රමේෂ් පතිරණ යන මහත්වරුන්ද, පාර්ලිමේන්තු Read More

t

o

p