Special News

කබ්රාල් සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

කැබිනට් අමාත්‍යවරුන් සියල්ල සිය තනතුරු අත්හැර ඇති මේ මොහොතේ තමන් ද මහබැංකු අධිපති ධූරයෙන් ඉල්ලා අස්වීම්ට තීරණය කළ බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි. සිය පෞද්ගලික ට්විටර් ගිණුම ඔස්සේ පණිවිඩයක් තබන මහ බැංකු අධිපතිවරයා පවසන්නේ තමන් මේ වන විටත් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බවයි.

අලුත් ඇමතිවරු දිවුරයි

නව කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් කිහිප දෙනෙකු දිවුරුම් දීම දීම සිදුවෙයි. ජනාධිපති ලේකම් කාර්යාලයේ ඒ සදහා අවශ්‍ය කටයුතු සිදුවෙමින් ඇත. මුදල් ඇමති – අලි සබ්රි අධ්‍යාපන ඇමති – දිනේෂ් ගුණවර්ධන විදේශ ඇමති – ජී.එල්. පීරිස් මහාමාර්ග ඇමති – ජොන්ස්ටන් ප‍්‍රනාන්දු

ඇඳිරි නීතිය කඩ කල පුද්ගලයන් 664 දෙනෙකු අත්අඩංගුවට

රට තුළ දැනට පනවා ඇති ඇඳිරි නීතිය කඩ කල පුද්ගලයන් 664 දෙනෙකු බස්නාහිර පළාතෙන් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ මෙම පුද්ගලයන් අත් අඩංගුවට ගන්නා ලද්දේ ඊයේ රාත්‍රී දහය අද පෙරවරු හය අතර කාලයේ දී බවයි. ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළදී පොදු මහා මාර්ග, දුම්රිය මාර්ග ඇතුළු කිසිදු පොදු ස්ථානයක රැදී නොසිටිය Read More

ඇදිරි නීතිය නොතකා විරෝධතා

ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙහෙයන විරෝධතාවක් මේ වන විට මහරගම නගර මධ්‍යයේ පැවැත්වෙයි. එම පිරිස් සටන් සහිත විශාල පුවරු සහිතව මෙසේ විරෝධතාවයේ යෙදී සිටිති.

සියළු සමාජ ජාලා අවහිරයි

සියලු සමාජ මාධ්‍ය ජාලාවල ක්‍රියාකාරීත්වය තාවකාලිකව අත්හිටුවා තිබේ. තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා මහතා පැවසුවේ, ආරක්ෂක අමාත්‍යාංශය කළ ඉල්ලීමකට අනුව මෙම ක්‍රියාමාර්ගය ගත් බවය.

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 500 කින් ඉහළට

කිලෝ 50 ක බරකින් යුත් සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 500 කින් ඉහළ නංවා තිබේ. ඒ අනුව සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 2350 දක්වා ඉහළ යයි. මෙම මිල ඉහළ නැංවීම දේශීය සහ ආනයනික සිමෙන්ති වර්ග දෙකටම අදාළව ක්‍රියාත්මක වෙයි.

රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

කල්ඉකුත් වන රියදුරු බලපත්‍රවල වලංගු කාලසීමාව දීර්ඝ කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව,ඊයේ (01) දිනයෙන් ආරම්භවී ජුනි මස 30වනදායින් කල්ඉකුත් වීමට නියමිත සියලු රියදුරු බලපත්‍රවල වලංගු කාල සීමාවන්, කල්ඉකුත් වීමේ දිනයේ සිට මාස 06ක කාලයක් දක්වා දීර්ඝ කර තිබේ. එමෙන්ම ජූලි මස 01වනදායින් ආරම්භ වී සැප්තැම්බර් මස 30 වනදායින් කල් ඉකුත්වීමට Read More

ගෑස් නැවක් ආපසු යයි

මෙරටට ගොඩ බෑම සඳහා රැගෙන විත් තිබූ ගෑස් සහිත නෞකාවක් මුදල් ගෙවා නිදහස් කර ගැනීම නොහැකි වීම මත ආපසු හරවා යවා තිබේ. ගෑස් මෙට්‍රික් ටොන් 5500 ක් වන මෙය ගෙන්වා ඇත්තේ ලාෆ් ගෑස් සමාගම විසිනි.

මහජන හදිසි අවස්ථා තත්ත්වයක්

දිවයින පුරා හදිසි නීතිය බලාත්මක කරමින් ජනාධිපතිවරයා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ජනාධිතිවරයා නිකුත් කර ඇති ගැසට් නිවේදනය අනුව අප්‍රේල් 01 වැනිදා(ඊයේ) සිට දිවයින පුරා හදිසි නීතිය පැනවෙන බවයි. රට තුළ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් උද්ගත වී ඇති හෙයින් මහජන ආරක්ෂාව සහ රටේ යහ පැවැත්ම සුරක්ෂිත කිරීම සඳහාත්, Read More

නුවරඑළිය වසන්ත උදානයට මහජන විරෝධයක්

අද දින නුවර එලිය නගරාධිපතිවරයා උත්සව භූමිය විවෘත කරන අවස්ථාවට කඩාවැදුණ පිරිසක් ආරක්ෂක නිලධාරීන්ගේ බාධක බිදගෙන භූමියට ඇතුළුවී ‘හොරා හොරා මහින්ද හොරා’ කියමින් මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ නම කියමින් විරෝධය පළ කළ අතර අද දින උත්සවයට ශිරන්ති රාජපක්ෂ අගමැති ආර්යාව සහභාගීවන ආරංචිය නිසා එම පැමිණීම මෙන්ම උත්සවයද නතර කරන ලෙස ඉල්ලා විරෝධය පළ කර තිබේ.

t

o

p