මහජන හදිසි අවස්ථා තත්ත්වයක්

April 2, 2022

දිවයින පුරා හදිසි නීතිය බලාත්මක කරමින් ජනාධිපතිවරයා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ජනාධිතිවරයා නිකුත් කර ඇති ගැසට් නිවේදනය අනුව අප්‍රේල් 01 වැනිදා(ඊයේ) සිට දිවයින පුරා හදිසි නීතිය පැනවෙන බවයි.

රට තුළ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් උද්ගත වී ඇති හෙයින් මහජන ආරක්ෂාව සහ රටේ යහ පැවැත්ම සුරක්ෂිත කිරීම සඳහාත්, ජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයුම් හා සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහාත් , මහජන ආරක්ෂක පනත යටතේ ජනාධිපතිවරයාට පැවරි ඇති බලතල ප්‍රකාරව මෙම පියවර ගෙන ඇති බව එම නිවේදනයේ සඳහන් ය.

t

o

p