Special News

සිගිති අපට සවිය දෙන්න

ආපදා අවස්ථාවකදී, ආපදාවට පෙර මෙන්ම ආපදාවට පසු කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ වැඩිහිටියන් වශයෙන් අපගේ අවධානය එල්ල විය යුතු කරුණු බොහොමයක් පවති. ආපදාවක දී ජාතික මට්ටමේ සිට ග්‍රාමීය මට්ටම දක්වා ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම සදහා පුර්ව අනතුරු ඇගවීමේ නිවේදන ලබාදීම, අපාදා තත්වයක දී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ආපදා අවදානම් ප්‍රදේශවල මහජනතාව, රාජ්‍ය නිළධාරීන් සහ Read More

සියයට 25 ක තරුණ නියෝජනයට අනුමැතිය

යෝජිත පළාත් පාලන ජන්ද විමසීමේ පනත් කෙටුම්පත යටතේ සියයට 25ක තරුණ නියෝජනය සදහා ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ එකගත්වය හිමිව තිබේ. ඒ, නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදි එය රැස්වූ අවස්ථාවේදියි. එහිදි පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් ලෙස ඉදිරිපත් කරන ලද පළාත් පාලන ජන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත් ද්විත්වයක්, අමාත්‍යාංශ වාර්තා ද සමගින් සලකා බලා එකගත්වය Read More

භූමිකම්පා හා සුනාමි ආපදා පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක්

පසුගිය වකවානුව තුළ තුර්කි සිරියානු දේශ සීමාව තුළ සිදු වු භූමිකම්පාව හා ඒ ආශ්‍රිතව සිදු වූ මිනිස් ජීවිත හා දේපළ විනාශය හේතුවෙන් භූමිකම්පා පිළිබඳව ගෝලීය වශයෙන් වැඩි අවධානයක් යොමු විය. එමෙන්ම පෙබරවාරි මාසය තුළ මොනරාගල දිස්ත්‍රික්කයේ බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව අවස්ථා කීපයක දී ඇති වු සුලු භූචලන හේතුකොට ගෙන අප රට තුළ ද භූමිකම්පා පිළිබඳව වැඩි Read More

ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ගේ ජාවාරම මාට්ටූ

තායිලන්තයේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයින් සංචාරක වීසා මත ලාඕසයට රැගෙන ගොස් අතරමං කර රුපියල් ලක්ෂ විස්සකට ආසන්න මුදලක් වංචා කිරීමේ චෝදනාව මත විමර්ශන අංශ මගහරිමින් සිටි අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා අද (09) සවස අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශය විසින් විමර්ශන Read More

ඩොලරය තවත් පහළ යයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද(09) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව පෙර දිනට සාපේක්ෂව ඩොලරයේ ගැණුම් මිල සහ විකුණුම් මිල තවත් පහළ ගොස් ඇත. මහ බැංකුව විසින් අද(09) දින නිකුත් කරනු ලැබ ඇති විනිමය අනුපාතිකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 307.36 ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල 325.52 ලෙස සටහන් විය. ඒ අනුව Read More

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වායූ විමෝචන අංශය මඟින් අධික ලෙස දුම් පිට කරන වාහන සම්බන්ධයෙන් ‪070 350 0525‬ යන වට්ස්ඇප් දුරකථන අංකයට දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. දිනපතා ධාවනයේ යෙදෙන පෞද්ගලික බස් රථ මෙන්ම ලංකා ගමන ගමන මණ්ඩලයේ බස් රථ, රජයේ වාහන මෙන්ම පොලීසියේ වාහන සම්බන්ධයෙන්ද එලෙස පැමිණිලි රැසක් ලැබී ඇති බවද මෝටර් රථ Read More

රුසියාවේ රිච්ටර් ඒකක 5.8 ක භූ කම්පනයක්

රුසියාවේ කුරිල් දූපත් අසල රිච්ටර් ඒකක 5.8 ක භූ කම්පනයක් හටගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම භූ කම්පනය සිදු වී පැය 3 කට පසුව පසු කම්පන 2 ක්ද වාර්තා වී ඇති අබවයි. කෙසේවෙතත් භූ කම්පනයෙන් සිදු වූ හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අක්‍රමිකතා විමර්ශනය කිරීම සඳහා කමිටුවක්

මධ්‍යම සංස්කෘතික අරමුදලේ ක්‍රියාකාරීත්වය පිළිබඳ විශේෂ විගණන වාර්තාව මගින් මතු කරන කරුණු පිළිබඳ විමර්ශනය කිරීම කොට පසුගිය නොවැම්බර් 24 වැනිදා පැවති කෝප් කමිටුව විසින් ලබාදෙන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සොයාබැලීම පිණිස පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ගරු මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් රැස් විය. උක්ත විශේෂ විගණන වාර්තාවෙන් මතු කරන ලද කරුණු විමර්ශනය කිරීම Read More

ආසියාවෙන්ම ඉදිරියෙන් සිටින්නේ ලාංකික කාන්තාවයි

ආසියානු කලාපයේ අනෙක් රටවලට සාපේක්ෂව ශ්‍රී ලාංකීය කාන්තාව ඉදිරියෙන් සිටින බවත් එම තත්ත්වය තවදුරටත් පුළුල් කර ලෝකයේ දියුණු රටවල මෙන් කාන්තා අයිතිවාසිකම් දිනා දීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. “ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව හා කාන්තා සවිබල ගැන්වීමේ ජාතික ප්‍රතිපත්තිය” සහ “කාන්තාව, සාමය හා ආරක්ෂාව පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්ම” ඒ සඳහා පිටිවහලක් වනු Read More

තිරිඟු පිටි, පරිප්පු හා සුදු සීනි මිල පහළට

අද (08) සිට තිරිඟු පිටි මිල අඩු කිරීමට ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් තීරණය කර තිබේ. ඒ අනුව ප්‍රීමා සහ සෙරන්ඩිබ් තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 15කින් අඩු කෙරෙනු ඇත. සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 30 කින් සහ පරිප්පු කිලෝවක තොග මිල රුපියල් 40 කින් අඩු කර ඇතැයි පිටකොටුව තොග වෙළෙන්දෝ පවසති. රුපියල ශක්තිමත් වීම Read More

t

o

p