Special News

චීනයෙන් මෙරටට අඛණ්ඩව සහය

මෙරට සංවර්ධනයට චීන රජයේ සහය අඛණ්ඩව හිමිවන බව චීන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ නියෝජ්‍ය සභාපති ඩෙන් බෝසින් පවසයි. ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සමඟ චීන තානාපති කාර්යාලයේ පැවති හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියි. මෙම හමුවට එම ඒජන්සිය නියෝජනය කරමින් එහි ආර්ථික හා වාණිජ උපදේශකවරුන් පිරිසක්ද එක්ව තිබේ. එහිදී මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ Read More

බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාවට මාස 06ක සහනයක්

විදේශ මුදල් හුවමාරු පහසුකම යටතේ ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ලබාගෙන ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදල ආපසු ගෙවීම සඳහා තවත් මාස 06ක කාලයක් ලබාදීමට බංග්ලාදේශ රජය තීරණය කර තිබේ. වොෂින්ටනයේ පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වසන්ත රැස්වීම් වලට සමගාමීව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සමඟ පැවති හමුවකින් පසුව මාධ්‍ය වෙත Read More

තුර්කියේ තවත් භූ කම්පනයක්

තුර්කියේ අෆ්සින් ප්‍රදේශයේ භූ කම්පනයක් හටගෙන තිබේ. එය රිච්ටර් මාපකයේ ඒකකයේ ඒකක 4.0ක ප්‍රබලත්වයක් සටහන් වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මෙම භූ කම්පනය අෆ්සින් ප්‍රදේශයේ කිලෝමීටර් 10ක පමණ ගැඹුරක හටගෙන ඇති අතර එය නගර රැසකට දැනී තිබේ. ඒ හේතුවෙන් ඇතැම් ජනතාව නිවෙස් අතහැර ආරක්ෂිත ස්ථාන වෙත යොමුව ඇති බව සඳහන් වෙයි.

සංචාරයට සුදුසු රටවල් අතරට ශ්‍රී ලංකාවත් එක්වෙයි

2023 වසරේ සංචාරය කිරීමට හොඳම ස්ථාන 23න් එකක් ලෙස ශ්‍රී ලංකාව ලැයිස්තුගත වී තිබේ. ෆෝබ්ස් ලැයිස්තුවේ මෙම නව ලැයිස්තුගත කිරීම සිදු කර ඇති බවයි ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය සඳහන් කරන්නේ. සම්මානලාභී සංචාරක චිත්‍රපට නිෂ්පාදකවරියක් සහ ලොව පුරා වික්‍රමාන්විත හා විනෝදජනක දේවල් ප්‍රදර්ශනය කරන මෙන්ම ජාත්‍යන්තර සංචාරක කර්මාන්තයේ ප්‍රධාන සාමාජිකාවක් වන Juliana Broste විසින් ද ශ්‍රී Read More

රජයේ සියලුම පාසල් අද ඇරඹෙයි

සිංහල හා දෙමළ පාසල්වල 2023 වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අද(17) ආරම්භ වේ. එය ලබන මස 26 වැනිදා දක්වා ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි. මැයි මස 29 වැනිදා සිට ජුනි මස 08 වැනිදා දක්වා අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්විමට විධිවිධාන යොදා තිබේ. මේ අතර අද (17)සිට නැවතත් විශ්වවිද්‍යාල දේශන ඇතුළු Read More

ලෝකෙටම විවෘත අවුරුදු උළෙලක් ලබන 22 වනදා ගාලු මුවදොර දී

ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඇතුළු සියලු අමාත්‍යාංශ හා රාජ්‍ය අංශයේ ආයතන ගණනාවක කාර්ය මණ්ඩලවල එකමුතුවෙන් සියලු ශ්‍රී ලාංකිකයන්ට විවෘත තරග හා විදේශිකයන් සඳහා තරගවලින් සමන්විතව පැවැත්වෙන “වසත් සිරිය 2023” සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය අප්‍රේල් 22 වන සෙනසුරාදා කොළඹ ගාලු මුවදොර හරිත භූමියේ දී පැවැත් වේ. පෙ.ව 7.00 සිට ප.ව 5.00 Read More

චාල්ස් රජුගේ රාජාභිෂේකයට 5,000ක බලඇණියක්

තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකයේ ආචාර පෙළපාලිය සඳහා හමුදා සාමාජිකයන් 5,000 කට අධික පිරිසක් සහභාගි කරගැනීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර තිබේ. ඊට පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල 30 කට වැඩි සංඛ්‍යාවක ආරක්ෂක අංශ නිලධාරින්ද එක්කරගැනීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලබන මස 06වන දා ලන්ඩන් වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයේ සිදුකෙරෙන මෙම රාජකීය උත්සවය වෙනුවෙන් යානා 60 කට වැඩි Read More

ලංකාව ගැන ලෝක බැංකුව සතුටින්

ක්‍රියාත්මක කරණු ලබන ප්‍රතිස්ංස්කරණ ඇතුලු සියලු කාරණා සාර්ථකවීමට නම් විනිවිදභාවයකින් යුතුව එය සිදුකළ යුතු බව දකුණු ආසියාව පිළිබඳ ලෝක බැංකුවේ උප සභාපති මාර්ටින් රේසර් සදහන් කර ඇත. ජත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ රැස්වීම් අතර මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සහ මාර්ටින් රේසර් අතර හමුවක් සිදුව ඇති අතර පුනර්ජනීය බලශක්තිය සහ ඩිජිටල් ආර්ථිකය පිළිබඳව මෙන්ම Read More

අධික උණුසුම් කාලගුණ තත්ත්වයෙන් තවදුරටත් බලපෑම්

දිවයිනට බලපා ඇති අධික උණුසුම් කාලගුණ තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර, දකුණ, නැගෙනහිර, උතුරු මැද පළාත් මෙන්ම කුරුණෑගල, කිලිනොච්චි, වව්නියා සහ මුලතිව් දිස්ත්‍රිකවලට ඉන් වැඩි බලපෑමක් එල්ල විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එම පළාත්වල මිනිස් සිරුරට දැනෙන උණුසුම, අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බවයි කාලගුණ Read More

එළු පාලනයට කැමැති රැකියා විරහිත තරුණ තරුණියන්ට නොමිලේ එළුවන්

මෙම වසර තුළ ග්‍රාමීය වශයෙන් එළු පාලනය ඉහළ නැංවීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් එළුවන් 70,000ක් ග්‍රාමීය අංශයේ රැකියා නොමැති මෙන්ම එළු පාලනයට කැමැති තරුණ ප්‍රජාව අතර බෙදා දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි. මෙම වැඩ සටහන සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් වැය කිරීමට යෝජිත මුදල රුපියල් මිලියන 150ක්. රැකියා විරහිත තරුණ තරුණියන් රැසක් Read More

t

o

p