අධික උණුසුම් කාලගුණ තත්ත්වයෙන් තවදුරටත් බලපෑම්

April 16, 2023

දිවයිනට බලපා ඇති අධික උණුසුම් කාලගුණ තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර, දකුණ, නැගෙනහිර, උතුරු මැද පළාත් මෙන්ම කුරුණෑගල, කිලිනොච්චි, වව්නියා සහ මුලතිව් දිස්ත්‍රිකවලට ඉන් වැඩි බලපෑමක් එල්ල විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එම පළාත්වල මිනිස් සිරුරට දැනෙන උණුසුම, අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් නිවේදනය කළේ.

මේ අතර සිරුර සිසිල් කරවන ආහාර මෙම දිනවල වැඩි වශයෙන් ලබාගත යුතු බව සෞඛ්‍ය අංශ දැනුම් දෙයි.

මේ අතර උණුසුම් කාලගුණයෙන් සතුන් ආරක්ෂා කරගත යුතු බව ද සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

t

o

p