රජයේ සියලුම පාසල් අද ඇරඹෙයි

April 17, 2023

සිංහල හා දෙමළ පාසල්වල 2023 වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අද(17) ආරම්භ වේ.

එය ලබන මස 26 වැනිදා දක්වා ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි. මැයි මස 29 වැනිදා සිට ජුනි මස 08 වැනිදා දක්වා අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්විමට විධිවිධාන යොදා තිබේ.

මේ අතර අද (17)සිට නැවතත් විශ්වවිද්‍යාල දේශන ඇතුළු අධ්‍යයන කටයුතුවලට සහභාගී වන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

එම සම්මේලනය පැවසුවේ, කෙසේ වෙතත් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ ක්‍රියාවලියෙන් තවදුරටත් ඉවත්වී සිටින බවයි.

ආසාධාරණ බදු ප්‍රතිපත්තිය ඇතුළු ගැටලු කිහිපයකට විරෝධය පල කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පසුගිය මාර්තු 9 වැනිදා සිට විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතුවලින් ඉවත්වී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේ ය.

මේ අතර, 2022 උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගැයීම් කටයුතු මේ වනවිට ප්‍රමාදවී ඇත්තේ , විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ය.

t

o

p