Special News

අවුරුදු සමය වෙනුවෙන් ලංකා සතොස පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩු කරයි

සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් පාරිභෝගිකයින්ට සහන ලබාදීමේ අරමුණින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල ලංකා සතොස මගින් අඩු කර ඇත. ඒ අනුව අත්‍යවශ්‍ය භාණ්ඩ 03ක මිල ගණන් මෙලෙස පහළ දමා ඇති අතර අද (07) දිනයේ සිට දිවයින පුරා සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම මිල සහනය ලබාගත හැකිය. ඒ අනුව ටින් මාළු (425g) Read More

එළවළු මිල සීඝ්‍රයෙන් පහළට

එළවළු මිල සැලකිය යුතු ලෙස පහත වැටීම නිසා ගොවීන් දැඩි අසීරුතාවට පත්ව ඇත. ආර්ථික මධ්‍යස්ථාන ඇතුළු වෙළෙදසැල්වල එළවළු මිල පහළ ගොස් ඇති බව පාරිභෝගික ජනතාව පවසයි. පසුගිය කාලයේ ඉහළ මිළ ගණන් යටතේ අලෙවි වූ කැරට්, බෝංචි,  මාළු මිරිස් ඇතුළු සියලු එළවළු මිල පහළ ගොස් ඇති බවයි වෙළෙදුන් ද පෙන්වා දෙන්නේ. විශේෂ ආර්ථික මධ්‍යස්ථානවලට තොග එළවළු Read More

ඉන්ධන බවුසර් වලට GPS සවි කරයි

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතු සියලුම ටැංකි රථ වෙනුවෙන් GPS මෙවලම් සවි කිරීම අප්‍රේල් 15වන දා වන විට අවසන් කරන බව අමාත්‍ය කංචන විජේසේකර පවසයි. අමාත්‍යවරයා සදහන් කළේ පෞද්ගලික ටැංකි රථ වෙනුවෙන්ද එය ඉදිරියේදී ක්‍රියාත්මක කෙරෙන බවයි. සියලුම ඉන්ධන පිරවුම්හල් සම්බන්ධයෙන් අද පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබෙනවා. පසුව අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කර Read More

අලුත් අවුරුද්දට ගමේ යන්න බස් රථ සේවාවක්

අලුත් අවුරුදු නිවාඩුව සඳහා ගමට යන මඟී ජනතාවගේ පහසුව වෙනුවෙන් අතිරේක බස් සේවා ලබන 10 සිට යොදවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවැසීය. කොළඹ සිට දිවයිනේ සියලු ප්‍රදේශවල ගමනාන්ත සඳහා මෙම විශේෂ බස් රථ මගී ජනයාගේ ඉල්ලුම අනුව යොදවන බවයි ඔහු වැඩිදුරත් පැවසීය. අවශ්‍ය තරම් බස් රථ ඇණියක් පවතින බව කියා Read More

පළාත් පාලන ආයතන අධීක්ෂණයට විශේෂ කමිටුවක්

පළාත් පාලන ආයතනවල කටයුතු අධීක්ෂණය කිරීම වෙනුවෙන් සුදුසු වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා වන කමිටුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී රැස් විය. මෙම කමිටුව ආණ්ඩුකාරවරු, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු, පළාත් ප්‍රධාන ලේකම්වරු, දිස්ත්‍රික් ලේකම්වරුන් නියෝජනය කරයි. පළාත් පාලන ආයතනවල නිල කාලය ඉකුත් මාර්තු මස 19 වැනි දා අවසන් වූ බැවින් එහි ඉදිරි කටයුතු පවත්වාගෙන Read More

කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ගොවීන්ට දැනුම්දීමක්

මඩපොහොර හෙවත් ටී.එස්.පී. පොහොර මෙතෙක් ලබා නොගත් සියලුම ගොවීන් අප්‍රේල් 10 වනදාට පෙර ඒවා ලබාගන්නා ලෙසට කෘෂිකර්ම අමාත්‍යාංශය ඉල්ලා සිටියි. යල කන්නය සඳහා මඩ පොහොර ගොවීන් වෙත නොමිලේ බෙදා හැරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණ තිබේ. ලබන 10 වනදායින් පසු ගොවිජන සේවා මධ්‍යස්ථානවල ඇති මඩපොහොර තොග ආපසු ප්‍රධාන ගබඩාවලට යොමු කිරීමට කටයුතු කරන බවයි Read More

බ්‍රික්ස් සංවිධානයෙන් අලුත් මුදල් ඒකකයක්

බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවලින් සමන්විත බ්‍රික්ස් සංවිධානයේ රටවල් වෙළඳාම් කිරීමේ පහසුව වෙනුවෙන් නව මුදල් ඒකකයක් හඳුන්වාදීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස් වාර්තා පවසන්නේ රුසියානු – යුක්රේනය යුද ගැටුමත් සමග බටහිර රටවලින් රුසියාව වෙත ආර්ථික සම්බාධක පැනවීමත් සමග ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින රුසියාව මෙම නව මූල්‍ය ඒකකයක් Read More

පාඩු ලබන රාජ්‍ය ආයතන ගැන දැඩි තීරණයක්

පාඩු ලබන හෝ අපේක්ෂිත ඉලක්ක කරා ළගා නොවූ රාජ්‍ය ආයතන තව දුරටත් රැක ගැනීමට භාණ්ඩාගාරයට නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. උපාය මාර්ගික වශයෙන් වැදගත් රාජ්ය ආයතන 52 අතරින් 39ක් ලාභ ලබන අතර 13ක් පාඩු ලබමින් පවතින බවද අමාත්‍යවරයා එහිදී පැවසීය. අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ එම අලාභ ලබන රාජ්‍ය ආයතන 13හි අලාභය රුපියල් Read More

හිටපු ජනපති ට්‍රම්ප් අත්අඩංගුවට

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊයේ (04) දින අධිකරණය හමුවේ පෙනී සිටීමට පැමණීමෙන් අනතුරුව එසේ අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය 2016 ජනාධිපතිවරණයට පෙර අසභ්‍ය චිත්‍රපට නිළියකට මුදල් ගෙවීමේ චෝදනාවට ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව අපරාධ චෝදනා එල්ල වී ඇත.

නව ඔම්බුඩ්ස්මන්වරයා ලෙස කේ.බී.කේ හිරිඹුරේගම මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙන ලදි

පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු මහ කොමසාරිස්වරයා ලෙස පත් කෙරුණු (ඔම්බුඩ්ස්මන්) විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කේ.බී.කේ හිරිඹුරේගම මහතා ඊයේ (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 156(2) ව්‍යවස්ථාව සහ 1981 අංක 17 දරණ පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් පනතේ 3(1) වගන්තිය අනුව ජනාධිපති රනිල් Read More

t

o

p