කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ගොවීන්ට දැනුම්දීමක්

April 6, 2023

මඩපොහොර හෙවත් ටී.එස්.පී. පොහොර මෙතෙක් ලබා නොගත් සියලුම ගොවීන් අප්‍රේල් 10 වනදාට පෙර ඒවා ලබාගන්නා ලෙසට කෘෂිකර්ම අමාත්‍යාංශය ඉල්ලා සිටියි.

යල කන්නය සඳහා මඩ පොහොර ගොවීන් වෙත නොමිලේ බෙදා හැරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණ තිබේ.

ලබන 10 වනදායින් පසු ගොවිජන සේවා මධ්‍යස්ථානවල ඇති මඩපොහොර තොග ආපසු ප්‍රධාන ගබඩාවලට යොමු කිරීමට කටයුතු කරන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.

කොමර්ෂල් පොහොර සමාගම ටී.එස්.පී මෙටි්‍රක් ටොන් 36,000 ක් සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත බෙදා හැර ඇති අතර ගොවිජන බල ප්‍රදේශ 38 කට ඒවා බෙදා හැර අවසන් කර තිබේ.

t

o

p