Special News

උසස්පෙළ ප්‍රායෝගික පරීක්ෂණ ගැන දැනුම්දීමක්

2022 උසස් පෙළ විභාගයේ පෙරදිග සංගීත විෂයේ ප්‍රායෝගික පරීක්ෂණ අද (28) ආරම්භ නොකරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. අද (28) සිට අප්‍රේල් මස 06 වනදා දක්වා අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට සැළසුම් කර තිබුණි. කෙසේවෙතත් විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගෘහ ආර්ථික විද්‍යාව, නාට්‍ය හා රංග කලාව යන විෂයන්හි ප්‍රායෝගික පරීක්ෂණ අද (28) සිට නියමිත පරිදි පවත්වන බවයි.

LPL පැවැත්වෙන දිනය මෙන්න

2023 LPL තරගාවලිය ජුලි මස 31 වනදා සිට අගෝස්තු මස 22 වනදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. කණ්ඩායම් 5ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ එක් කණ්ඩායමක් සඳහා ක්‍රීඩකයින් 20ක් ඇතුළත් බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. එහිදී එක් කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු ඇතුළත් වෙයි.

විදෙස් සමාගම් 3කට මෙරට සිල්ලර ඉන්ධන වෙළෙඳපොළට පිවිසීමට කැබිනට් අනුමැතිය

විදෙස් සමාගම් 3ක් සඳහා මෙරට සිල්ලර ඉන්ධන වෙළෙඳපොළ සඳහා පිවිසීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව මෙලෙස අවසර හිමිව ඇත්තේ Sinopec, United Petroleum සහ RM Parks of USA යන සමාගම් වෙතටයි. අදාළ සමාගම් වෙත වසර 20 ක් දක්වා ක්‍රියාත්මක වන බලපත්‍රයක් හිමිවන අතර එමගින් ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය කිරීමට, ගබඩා කිරීමට, බෙදා හැරීමට Read More

දේශබන්දුට එරෙහි රිට් පෙත්සමක් නිෂ්ප්‍රභා කෙරේ

බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි රිට් පෙත්සමක් නිෂ්ප්‍රභා කිරීමට අභියාචනාධිකරණය අද (27) නියෝග කරන ලදි. ගාලුමුවදොර ගෝඨා ගෝ ගම අරගලයට පහරදීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කෙරුණු රිට් පෙත්සමක් Read More

ලංකාවට බිලියන 07ක ණයක්

විදෙස් බැංකු 02කින් මෙරටට තවත් ඩොලර් බිලියන 07ක ණය මුදලක් ලැබීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සදහන් කරයි. එම විදෙස් බැංකු ලෙස ලෝක බැංකුවෙන් හා ආසියානු සංවර්ධන බැංකුවෙන් එලෙස ණය මුදල ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සදහන් කරයි. නැවතත් ජාත්‍යන්තර ගනුදෙනුවලට ශ්‍රී ලංකාව විස්වාසවන්ත රටක් ලෙසත් මෙය අනෙක් ගනුදෙනුකරුවන්ට හොඳ මගපෙන්වීමක් බවද Read More

පුටින් න්‍යෂ්ටික අවි ස්ථානගත කරයි

යුක්‍රේන සහ රුසියා යුද ගැටුම් අතරතුර රුසියාවෙන් යම් න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කරනු ඇති බවට බටහිර රටවල් චෝදනා කරමින් සිටින පසුබිමක රුසියාව දැඩි තීන්දුවක් ගෙන ඇත. ඒ රුසියාව සතු උපක්‍රමික න්‍යෂ්ටික අවි, බෙලරුස් රාජ්‍යය තුළ ස්ථාපනය කරන බවට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් තීන්දු කර ඇත. නේටෝ සාමාජිකත්වය දරන පෝලන්තය සමග ඇති බෙලරුස් දේශසීමාවේ මෙම න්‍යෂ්ටික අවි Read More

මී උණ රෝගීන් වැඩි වෙයි – සෞඛ්‍ය අමාත්‍යාංශය

මී උණ රෝගීන් වාර්තා වීමේ වැඩිවීමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එහි වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ, තුෂානි දාබරේ මහත්මිය සඳහන් කළේ ,වසරේ ගතවූ කාලය තුළ මී උණ රෝගීන් 1400 දෙනෙකු වාර්තා වී ඇති බවයි. කුඹුරු, වගුරුබිම්, ඇලවේලි සහ පතල්වල වැඩකරන පුද්ගලයින් ඒ පිළිබඳව දැඩි විමසිල්ලෙන් කටයුතු කළ යුතු බව ද ඇය Read More

ඉදිරි වසර 25 තුළ මෙරට දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙලක්

ශ්‍රී ලංකාව ඉදිරි වසර 25 තුළ ඉන්දියන් සාගරයේ සෙසු රටවල් සහ දකුණු ආසියාව සමඟ එක්ව ඉදිරියට යමින් දැවැන්ත සංවර්ධන ඉලක්කයක් සපුරාගනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. රජයේ 25 වසරක නව ප්‍රතිසංස්කරණවාදී වැඩපිළිවෙළ එම ඉලක්කය කරා රට ඔසවා තබනු ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ හාවඩ් විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කරන Read More

අමෙරිකාවේ, මිසිසිපි හා ඇලබාමා ප්‍රාන්ත සුන්බුන් ගොඩක් වෙයි

අමෙරිකාවේ, මිසිසිපි හා ඇලබාමා ප්‍රාන්තවලට බලපෑ දරුණු ටොනාඩෝ තත්ත්වයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 26දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. තවත් පිරිසක් අතුරුදන්ව ඇති අතර මුදාගැනීමේ හා සහන සැලසීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක බව ප්‍රාන්ත බලධාරීන් පවසයි. ටොනාඩෝ තත්ත්වය හේතුවෙන් මිසිසිපි ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ද පියවර ගෙන තිබේ.

අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 29 ක් සඳහා නොමිලේ සහල්

හෙට (27) දින සිට අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 29 ක් සඳහා නොමිලේ සහල් බෙදා දීමේ වැඩසහටන ආරම්භ කිරීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යංශය ප්‍රකාශ කොට සිටී. මුල් අදියර යටතේ දැනට ඉල්ලුම් කර ඇති කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, රත්නපුර, ගාල්ල, මාතර සහ තවත් දිස්ත්‍රික්ක කිහිපයකට සහල් බෙදාදීම සිදුවනු ඇති අතර හෙට දිනයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඟුණකොළපැලැස්ස සහ වීරකැටිය Read More

t

o

p