Special News

මත්ද්‍රව්‍ය පාලනයට කාරක සභාවක් ස්ථාපිත කිරීමට අනුමැතිය

මත්ද්‍රව්‍ය පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබඳව කරුණු සොයා බැලීමට විශේෂ කාරක සභාවක් ස්ථාපිත කිරීමට අනුමැතිය හිමිව තිබේ. මෙම කාරක සභාව හරහා මත්ද්‍රව්‍ය පාලනය පිළිබඳව නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම පැවැත්වෙයි

නියාමන අධිකාරියක් ස්ථාපිත කිරීමට අවශ්‍ය කාලරාමුවක් සකස්කරන තෙක් ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත සලකාබැලීම කල් යයි. නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරයේ පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රැස් වන රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම පසුගියදා (7) පැවැත්වුණි. මෙහිදී ඔට්ටු ඇල්ලීම හා සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ඡා Read More

ඉන්ධන වෙළෙඳපොළට එන නව සමාගම්

ශ්‍රී ලංකාව තුළ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කරමින් ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ආර්.එම්. පාර්ක්ස් සමාගම (RM Parks Inc) අතර දිගුකාලීන ගිවිසුමකට අත්සන් තැබීම ඊයේ (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් එම්.යූ.ඩී.පී.කේ. මාපා පතිරණ සහ Read More

ස්වර්ණමහල් තැන්පතුකරුවන්ට වන්දි ගෙවීම අද සිට

ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පී.එල්.සී. ආයතනයේ තැන්පතුකරුවන්ට මුදල් ගෙවීම අද (9) සිට ජූලි මස 12 වැනි දින දක්වා සිදුකරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පී.එල්.සී. ආයතනයේ තැන්පත්කරුවකුට ශ්‍රී ලංකා තැන්පත් රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ උපරිම වශයෙන් ලක්ෂ 11 ක් බැගින් වන්දි මුදලක් හිමිවන බව ද ශ්‍රී ලංකා මහ Read More

දූෂණ විරෝධී පනත් කෙටුම්පත 21 වනදා විවාදයට

යෝජිත දූෂණ විරෝධී පනත් කෙටුම්පත ලබන 21 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු කාරක සභාව තීරණය කර තිබේ. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කාරක සභාව රැස්වූ අවස්ථාවේදී යි මෙම තීරණය ගෙන ඇත. අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් පසුගිය අප්‍රේල් මාසයේදී දූෂණ විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි. යෝජිත දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ ඇතැම් Read More

කෘෘස් නෞකාවක් ත්‍රිකුණාමලයට

සංචාරකයින් පිරිසක් රැගත් විශාල ප්‍රමාණයේ කෘෘස් නෞකාවක් ත්‍රිකුණාමලය වරායට සේන්දුවී තිබේ. සංචාරකයින් 744 දෙනෙකු රැගත් MS Empress නම් මෙම නෞකාව හම්බන්තොට වරායේ සිට මෙලෙස ත්‍රිකුණාමලය වරාය වෙත පැමිණ ඇත. මෙම නෞකාවෙන් පැමිණි සංචාරකයන් පිරිස අද (08) දිනයේ ත්‍රිකුණාමලය අවට සංචාරය කර පසුව නෞකාව යාපනය බලා පිටත්වීමට නියමිතය.

මල්ලවපොර ශූර ‘Iron Sheik’ මියයයි

‘Iron Sheik’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ඉරාන ජාතික මල්ලවපොර ශූරයෙකු වන Hossein Khosrow Ali Vaziri මියගොස් තිබේ. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 81ක් වූ බවයි වාර්තා වන්නේ. 1973දී ඇමෙරිකාවේ පැවැත්වෙන World Wrestling Entertainment (WWE) තරගාවලිය හා එක්වූ ඔහු පුරා වසර 30කට ආසන්න කාලයක් එම තරගාවලිය නියෝජනය කරන ලදි.

බස්නාහිරට රතු එළියක්.. ඩෙංගු මරණ 25යි

ඩෙංගු රෝගීන් 41,000 කට අධික සංඛ්‍යාවක් මෙම වසරේ මේ වනවිට වාර්තා වී ඇති බවත් ඩෙංගු හේතුවෙන් මරණ 25 ක් සිදුව ඇති බවද සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය නිමල්කා පන්නිලහෙට්ටිගේ සදහන් කරයි. මේ වනවිට දිවයිනේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බවත් කොළඹ නගරයෙන් වාර්තා වන එම රෝගීන්ගේ ගණන සතියෙන් සතිය වැඩි වෙමින් පවතින බවද වෛද්‍ය Read More

මීළඟ පාසල් වාරය ගැන දැනුම්දීමක්

මීළඟ පාසල් වාරය 12 වැනි දා ආරම්භ වේ. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ, ළමුන්ට බෙදා දීම සඳහා මේ වනවිට පෙළපොත් සහ නිල ඇඳුම් රෙදි පාසල්වලට ලබා දී ඇති බවයි. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඇණවුම් කළ පෙළපොත් සහ නිල ඇඳුම් රෙදි ලැබී නොමැති පාසල්වලට ඒ පිළිබඳ ලබන 12 වැනි දායින් පසු දැනුම් දිය හැකි බවයි.

අවසන් එක්දින තරඟයත් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හම්බන්තොට, සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති තෙවැනි සහ අවසාන එක්දින ජාත්‍යන්තර තරගය කඩුලු 9කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දු ඕවර 22.2කදී සියලුදෙනා දැවී රැස්කළේ ලකුණු 116කි. පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර ලකුණු 63කට කඩුලු 4ක් දවාගත් අතර වනිඳු හසරංග ලකුණු 7ට කඩුලු 3ක් Read More

t

o

p