Special News

2022 උ/පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 (2023) අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට මුදා හැර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි. ඒ අනුව www.doenets.lk යන වෙබ් අඩවි ඔස්සේ ප්‍රතිඵල ලබා ගත හැකිය. මෙම විභාගය පසුගිය පෙබරවාරි මස 17 වැනිදා අවසන් විය. කෙසේ වෙතත් පිළිතුරු පත්‍ර සමීක්ෂණ ක්‍රියාවලියේ දී පැවති ගැටලු හේතුවෙන් එම කටයුතු ආරම්භ කරනු ලැබුවේ මැයි Read More

සමරිසි ප්‍රජාව සඳහා සංචාරක උපදේශන නිකුත් කරයි

කැනඩාව විසින් LGBTQ+ ප්‍රජාව වෙත ඇමරිකාවට යාම අවදානම් බවට අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ. ඒ, LGBTQ+ පුරවැසියන් වෙනස් කොට සැලකීමේ නීති ගණනාවක් රාජ්‍ය මට්ටමින් සම්මත කරගැනීම හේතුවෙන්. ඒ අනුව ඇමරිකාවේ රාජ්‍ය නීති සහ ප්‍රාන්ත නීති පිළිබඳව සැලකිලිමත් වන ලෙස කැනඩාව විසින් දැනුම්දී තිබේ.

ජල විදුලි නිෂ්පාදනය 14% දක්වා ඉහළට

ජල විදුලි නිෂ්පාදනය 14% දක්වා ඉහළ ගොස් ඇතැයි විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ , බොහෝ ප්‍රදේශවලට වර්ෂාව පැවැතිය ද ජල විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී නොමැති බවයි. වියළි කාලගුණයත් සමග පසුගිය දිනවල ජල විදුලිය නිෂ්පාදනය 11% ත් 12% ත් අතර ප්‍රතිශතයක පැවතියේ ය.

අදත් දිවයිනට ගිගුරුම් සහිත වැසි

බස්නාහිර,සබරගමුව,දකුණ,වයඹ සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර සහ සබරමුව පළාත්වලත් ගාල්ල,මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50 වැඩි තරමක වැසි ඇති වේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති විය හැකියි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්,ප්‍රදේශවලත්, බස්නාහිර, දකුණ,වයඹ සහ උතුරු – මැද පළාත්වලත් විටින Read More

සිනොපෙක් සමාගමෙන් සහතිකයක්

සිනොපෙක් සමාගම හම්බන්තොට ඉදිකිරීමට බලාපොරොත්තු වන නව පිරිපහදුව වෙනුවෙන් ආයෝජනය කිරීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. ඒ, සඳහා වන ව්‍යාපෘති යෝජනාව ලබන සතිය තුළ ඉදිරිපත් කරන බවඅමාත්‍යවරයා පැවසීය. සැප්තැම්බර් මස අවසන් වන විට දිවයින පුරා මෙහෙයුම් ආරම්භ කරන බවට සිනොපෙක් ඉන්ධන සමාගම මෙහිදී සහතික වී තිබේ.

කුකුළේ ගඟ වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාවත් සමඟ කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු තුන අද (03) පෙරවරුවේ විවෘත කර තිබේ. විදුලි උත්පාදනයේ දී පිටකරන ජල පරිමාව ද සමඟ තත්පරයට ඝන මීටර් 80ක ජල පරිමාවක් ජලාශයෙන් මුදාහරින බව වාර්තා වේ. ඒ, අනුව කුඩා ගඟේ සහ කළු ගඟේ ජල මට්ටම ද ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බැවින් කුඩා ගඟ දෙපස පහත් බිම්වල Read More

මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම ඉහළට

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට අධික වර්ෂාව ඇද හැලෙමින් පවතියි. මාවුස්සාකැලේ ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන මස්කෙළිය ඔය ආරම්භ වන මීරියාකෝට්ටේ හා ශ්‍රීපාද රක්ෂිතයට අධික වැසි ඇද හැලීමෙන් මස්කෙළිය ඔයේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහල ගොස් ඇත. මාවුස්සාකැලේ ජලාශයට ජලය සැපයෙන මරේ හා ගාඩ්මෝර් දිය ඇලිවල ජල මට්ටමද ඉහල ගොස් තිබේ. Read More

ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳව මන්ත්‍රීවරුන් දැනුවත්බව වැඩිකිරීමේ සැසියක්

ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ දැනුවත්බව වැඩිකිරීමේ සැසියක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. ස්ත්‍රී-පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් මෙම සැසිය සංවිධානය කොට තිබිණි. මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට එහි සභාපතිනිය වන (විශේෂඥ වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය Read More

ලක්මව බැබළ වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පළමු වරට එංගලන්තයට එරෙහිව ක්‍රිකට් තරගයක් ජය ගත්තේ ය. ඒ එංගලන්ත කාන්තා කණ්ඩායම සමග පැවති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය කඩුලු 8කින් ජය ගනිමිනි. එංගලන්තයේ චෙල්ම්ස්ෆර්ඩ්හිදි පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කාන්තා කණ්ඩායමට පන්දුවාර 18ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 104ක් පමණයි. ලකුණු Read More

හදිසි මිලදී ගැනීම් යටතේ ඖෂධ වර්ග 400ක් රෝහල් වෙත

ඖෂධ වර්ග 400 ක් හදිසි මිලදී ගැනීම් යටතේ මිලදී ගෙන රෝහල් වෙත බෙදා හැර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එහි අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළේ, ඉන්දියානු ණය යෝජනා ක්‍රම යටතේ ලැබුන ඖෂධ වර්ග 378 ක් ද රෝහල් වෙත බෙදාහැර ඇති බවයි. කෙසේ වෙතත් රෝහල්වල ඖෂධ වර්ග 77ක හිඟයක් පවතින බව, ඔහු ප්‍රකාශ කළේ Read More

t

o

p