Special News

ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක වල සියලුම පාසල් වැසේ

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලුම පාසල් සඳුදා(09) සහ අඟහරුවාදා(10) වසා දැමීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙයි. අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට බලපා ඇති ගංවතුර සහ නායයෑම් ආපදා තත්ත්වයන් හමුවේ පාසල් දරුවන්ගේ ආරක්ෂාව ගැන සිතා මෙම තීරණය ගත් බවයි, දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කරයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තීරණයට කෝප් කමිටුවේ විරෝධය

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට ජාතික ඖෂධ නියාමන අධිකාරිය කැඳවා තිබිණි. මෙහිදී 2019 සහ 2020 වර්ෂ සදහාවන විගණකාධිපති වාර්තා හා වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට නියමිතව තිබූණි. නමුත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් 2023.08.18 දින ගත් තීරණයක් මත විගණකාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලය විසින් අධිකාරියෙන් තොරතුරු ඉල්ලා Read More

තද වැසි ගැන අවවාදාත්මක නිවේදනයක්

තද වැසි පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත් සඳහා අද පස්වරුවේ නිකුත් කළ මෙම නිවේදනය හෙට පස්වරු 2 දක්වා වලංගු වෙයි. එහි දැක්වෙන්නේ දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවන බවයි. Read More

ඊශ්‍රායලය යුධ තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

ඉස්ලාමීය සටන්කාමී කණ්ඩායමක් වන හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වී ඇති බව වාර්තා වෙයි. ගාසා තීරයේ සිට රොකට් 5000කට අධික ප්‍රමාණයක් මෙලෙස ඊශ්‍රායලයට එල්ල කර ඇති බවයි විදෙස් මධ්‍ය වාර්තා කරයි. මේ හේතුවෙන් ඊශ්‍රායලය ‘යුධ තත්වයක්’ ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වෙයි. ගාසා තීරය අවට ප්‍රදේශයේ පදිංචිකරුවන්ට සිය නිවෙස් Read More

ශ්‍රී ලංකාව අද 2023 ‍ලෝක කුසලානයේ තරඟ බිමට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගීවන පළමු තරගය අද දකුණු අප්‍රිකාව සමඟ දිල්ලි නුවර අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේ දී පස්වරු 2ට ආරම්භ වේ. කණ්ඩායම් දෙකම පෙරහුරු තරගවල දී දැක්වූ දක්ෂතාවලට වඩා මේ ආරම්භක තරගයේදී පෙරට පැමිණීමට උත්සහ දරන බැවින් තරගය ඉතා තියුණු මුහුණුවරක් ගනු ඇත. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරග එක්දින තරග 80ක් Read More

ප්‍රදේශ කිහිපයකට පැය 15ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද(07) පැය 15 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට අද පස්වරු 05 සිට හෙට පෙරවරු 08 දක්වා පැය 15 ක් ජල සැපයුම අත්හිටුවනු ඇති. අඹතලේ ජල සැපයුම වැඩි දියුණු කිරිමේ බලශක්ති සංරක්ෂන ව්‍යාපෘතිය මඟින් සිදු Read More

නිවසේ සිටම වාහන ආදායම් බලපත්‍රය ලබාගන්න අද සිට අවස්ථාව

අද (07) දිනයේ සිට ජනතාවට නිවසේ සිටම වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීමේ හැකියාව පවතින බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් සඳහන් කරයි. පසුගිය දා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරනලදි. ඒ, අනුව බස්නාහිර පළාතේ ජනතාවට හැර සෙසු සියලු පළාත්වල ජනතාවට අද (07) සිට එම පහසුකම ලබාගැනීමට හැකියි. මේ අතර ඉදිරියේ Read More

අමාත්‍යාංශ ලේකම්වරයෙකු, ඇතුළු නව පත්කිරීම් 7ක් සඳහා කාරක සභාවේ අනුමතිය

අමාත්‍යාංශ ලේකම්වරයෙකු, තානාපතිවරයෙකු ඇතුළු නව පත්කිරීම් 7ක් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය පවසනලදි. ඒ අනුව ඊජිප්තුවේ ශ්‍රී ලංකා තනාපති ලෙස එම්.ඊ.එම්. ජෝසප් වෙනින්ගර් මහත්මියගේ පත්වීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබේ. එසේම ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් ලෙස ඩබ්ලිව්. එම්. ධර්මපාල මහතාගේ Read More

මන්ත්‍රී නාමල් රාජපක්ෂගෙන් විදේශ අමාත්‍යාංශයට උපදෙසක්

විදේශ ආයෝජනයන්ට හා සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට බාධා වන ගැටලු හා නව ආයෝජන අවස්ථා හඳුනාගැනීමට අදාළ සියලු පාර්ශව සමග සම්බන්ධිකරණයෙන් විධිමත් යාන්ත්‍රණයක් සකස් කිරීමට මූලිකත්වය ගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විදේශ කටයුතු අමාත්‍යාංශයට උපදෙස් ලබා දී තිබෙනවා. විදේශ අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, වාණිජ දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය Read More

ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසද වාර්ෂික හමුව කොළඹදී

2023 ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ වාර්ෂික හමුව මෙවර කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙවර ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසද හමුවේ තේමාව වී ඇත්තේ “ආසියාවේ පාර්මේන්තුවල ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය තුල සමාන ප්‍රවේශයන් ඇති කිරීම සහ විවිධත්වය” යන්නයි. ඒ අනුව මෙම හමුව හා ඊට අදාළ වැඩසටහන් මාලාව ඔක්තෝබර් මස 9 වැනිදා සිට 11 දක්වා පැවැත්වේ. මෙහි සමාරම්භක උත්සවය Read More

t

o

p