Life Style

ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පෙළ පොත් සකස් කිරීමට අවධානය

පාසල් සිසුන් සඳහා ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳ පෙළපොත් සකස් කිරීමටත් ඊට අදාළ විවිධ පාර්ශ්ව දැනුවත් කිරීමටත් අධ්‍යාපන අමාතා්‍යංශයේ සම්බන්ධීකරණයෙන් විශේෂ කමිටුවක් පත්කරන ලෙස ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය එම අමාත්‍යංශයේ බලධාරීන්ට දැනුම් දී තිබේ. ඒ, එම කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී විජේරත්නගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි. එම විශේෂ කමිටුවට සෞඛ්‍ය සහ Read More

සමලිංගිකයන් අපරාධකරුවන් ලෙස සලකා සිරගත කෙරේ

සමලිංගිකයන් ලෙස හඳුනාගන්නා පුද්ගලයන් අපරාධකරුවන් ලෙස සලකා සිරගත කිරීමට බලය ලබා දෙන පනත් කෙටුම්පතක් උගන්ඩාවේ පාර්ලිමේන්තුව සම්මත කර තිබේ. ජනාධිපති යෝවේරි මුසෙවිනි ඊට අත්සන් තැබීමෙන් පසු එය බලාත්මක වනු ඇත. මෙම නීතිය යටතේ ඉහත කී ආකාරයෙන් චෝදනාවලට ලක්වන්නන්ට ඉතා දීර්ඝ සිර දඬුවම් ලබා දීමට හැකි බව වාර්තා වේ. මෙම පනත සම්මත කිරීමේදී එරට පාර්ලිමේන්තුවේ සියලු Read More

වසර 23ක දුම්රිය ගමනට සමුදුන් එන්ජින් රියදුරා

වසර 38ක් දුම්රිය එන්ජින් රියදුරෙකු ලෙස සේවය කළ එච්. එල් සිරිල් සුගතදාස සිය සේවාවට සමුදීමේ දී රාජකාරිය කළ දුම්රියට දණ නමා වැඳ ආචාර කර තිබේ. 23 වසරකට අධික කාලයක් උඩරට මාර්ගයේ රාජකාරී සිදුකළ සුගතදාස එන්ජින් රියදුරා විශ්‍රාම යාම නිමිත්තෙන් දුම්රිය ස්ථාන කිහිපයකදීම පිළිගැනිමේ උත්සව ද සංවිධාන කර තිබුණි.

“සුනාමියට පෙරහුරුවක් ” අදින් අවසන්

“සුනාමියට පෙරහුරුවක් ” සුනාමි ආපදා අවදානම් පාසැල් සදහා සුනාමි ආපදා පෙරසුදාම් පෙරහුරු වැඩසටහන මේ මාර්තු මස 01 දින සිට මාර්තු 03 දින දක්වා දකුණු පළාත තුළ සුනාමි ආපදා අධි අවදානම් පාසැල් මුලික කරගනිමින් ක්‍ අවසන් විය. එබැවින් මේ දිනවල සුනාමි ආපදා තත්වයක් පිළිබද පුර්ව අවදානම් නිවේදනයක් ඔබ වෙත ලැබුණ හොත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් එහි සත්‍ය Read More

ශ්‍රී ලාංකිකයින්ට ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා අවස්ථා 2000 ක්

ඊශ්‍රායලයේ සාත්තු සේවක ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා දෙදහසක් මේ වසරේදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ලබාදීමටත්, සාත්තු සේවිකාවන්ට එහිදී ප්‍රමුඛතාව ලබාදීමටත්, මෙරටට පැමිණ සිටින විශේෂ නියෝජිත කණ්ඩායම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාරට සහතික වී තිබේ. ඒ ඊශ්‍රායලයේ සාත්තු සේවක අංශයේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාදෙන ලෙසට අමාත්‍යවරයා, ඊශ්‍රායලයේ ජනගහන හා සංක්‍රමණික ආයතනයේ අධ්‍යක්ෂ ෂියලි රයිසින් ඇතුළු Read More

ළමා පිළිකාවට වාර්ෂිකව මෙරට ළමුන් 900 ක් ගොදුරු වේ!

ජාතික පිළිකා මර්දන ව්‍යාපාරය පවසන්නේ වාර්ෂිකව මෙරට ළමුන් 900 ක් පමණ පිළිකා රෝගයට ගොදුරු වන බවත්, ඉන් බහුතරය වන ලේ පිළිකාවට හෙවත් ලියුකෙමියාවට ගොදුරු වන ප්‍රතිශතය වැඩි බවත් විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා සඳහන් කරයි. අස්ථි ආශ්‍රීත, මොළය ආශ්‍රීත වැනි පිළිකා ළමුන් අතර බහුලව වාර්තා වන අතර, විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසුවේ, බොහෝ Read More

ආදරවන්තයින්ගේ සංකේතය වන රෝස මල් කළඹක් රුපියල් 12,000යි

බොහෝ ආදරවන්තයින් එම ආදරයේ සංකේතය ලෙස යොදා ගන්නේ රෝස මල්. වෙනත් වසරවලදී රෝසමල් අලෙවිය සුලබව දැකිය හැකි දසුනක් වුණත් රටේ උග්‍ර ආර්ථික අර්බුදය අදවන විට ඊට හරස්වී තිබෙනවා. ආදරවන්ත හිත් එකතු කරන පෙම්වතුන්ගේ දිනයේදී ආදරණීය සැමරුමක් තමන්ගේ ආදරවන්තියට හෝ ආදරවන්තයාට ලබා දීම සම්ප්‍රදායක් වන තරමට අද ලෝකය වාණිජකරණය වෙලා. ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් මෙරට බොහෝ නගරවල Read More

ෆේස්බුක් දෛනිකව භාවිතා කරන පිරිස ඉහළට

පසුගිය දෙසැම්බර් මාසය වනවිට ෆේස්බුක් දෛනිකව භාවිතා කරන පිරිස ඉකුත් වසරට සාපේක්ෂව සියයට 4කින් ඉහළ ගොස් ඇත. මේ අනුව ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ දිනපතා භාවිත කරන සංඛ්‍යාව බිලියන දෙකේ සීමාව දක්වා ඉහළ ගොස් තිබේ. එය ලෝක ජනගහනයෙන් හතරෙන් එකකට ආසන්නයි. ෆේස්බුක් හිමි මෙටා සමාගම පවසන්නේ මෙය අපේක්ෂා නොකළ තරම් ඉහළ වර්ධනයක් බවයි. ෆේස්බුක් සමාගම ඉකුත් Read More

මැටි කර්මාන්තයට මැටිත් හිඟ වෙයි

ගාල්ල -වැලිගම, කුඹල්ගම මැටි කර්මාන්තකරුවන් මේ වන විට දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා. ඒ , නිෂ්පාදන සඳහා භාවිතකරන මැටි ඇතුළු අමුද්‍රව්‍ය මිල ඉහළ යාම හේතුවෙන්. කඩිනමින් මැදිහත් වී සිය ගැටලුවලට විසදුම් ලබාදෙන ලෙසයි ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ.

ඇපල් සමාගමෙන් පරිශීලකයන්ට අනතුරු ඇගවීමක්

ඇපල් සමාගම විසින් මිලියන ගණනක් වන සිය පරිශීලකයන්ට අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා. ඒ, පුද්ගලික දත්ත සොරාගැනීමේ අවධානමක් ඇති බව අඟවමින්. Apple Watch, iPhone, iPad සහ Apple TV යන නිෂ්පාදන සඳහා එය අදාළ වන බවයි ඔවුන් නිවේදනය කරන්නේ. මෙම තත්වයෙන් බේරීමට වහා තමන්ට අදාළ ඇපල් නිෂ්පාදනයට නියමිත මෘදුකාංග යාවත්කාලීන කර ගැනීම සිදුකරන ලෙස එම සමාගම පාරිභෝගිකයන්ට Read More

t

o

p