දස ලක්ෂ වැනි සංචාරකයාත් මෙරටට එයි

September 27, 2023

ලෝක සංචාරක දිනය අදට (27) යෙදී තිබේ.

ජනවාරි සිට මේ දක්වා කාලයේදී මෙරටට පැමිණි විදේශීය සංචාරකයන් සංඛ්‍යාව මිලියනය (දසලක්ෂය) සනිටුහන් කරමින් රුසියානු ජාතිකයකු ඇතුළු ඔහුගේ පවුලේ පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියහ.

දස ලක්ෂය වැනි සංචාරකයා සහ ඔහුගේ පවුලේ අය පිළි ගැනීමට විශේෂ උත්සවයක් ඊයේ (26) ගුවන්තොටුපළේදී පැවැති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ලෝක සංචාරක දිනයට සමගාමීව මෙම සංචාරක පැමිණීම සමරා තිබෙන අතර මෙය ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයට විශේෂ සංධිස්ථානයක් බව ද එය සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ගේ නොපසුබස්නා උත්සාහයේ ප්‍රතිඵලයක් බව ද එම අධිකාරිය සඳහන් කරයි.

ලෝක සංචාරක දිනයේ තේමාව සංචාරක කර්මාන්තය හා තිරසාර ආයෝජනය යන්නයි.

ශ්‍රී ලංකාව ඈත අතීතයේ සිටම සාංචාරක ආකර්ශනය නොමදව ලද දිවයිනකි.

මෙරට ස්වභාව සෞන්දර්ය, සංස්කෘතිය හා අතීත පෞඪත්වය දැක විඳ ගනු රිසියෙන් ලොව රටවල් රැසකින් මෙරටට සංචාරකයින් පැමිණේ.

t

o

p