නැපෝලියන්ගේ බයිකෝන් තොප්පියට යුරෝ මිලියන 1.9 ක ලන්සුවක්

November 21, 2023

Fontainebleau හි Osenat වෙන්දේසි සමාගම පැරීසියේදී පසුගියදා පැවැත්වූ වෙන්දෙසියකදී ප්‍රකට රණශූරයෙක් වන නැපොලියන් බොනපාට් විසින් භාවිත කළ තොප්පියක් යූරෝ මිලියන 1.9 කට අලවි වී ඇත. විසින් මෙම වෙන්දේසිය පවත්වා ඇත .

මෙම තොප්පිය කළුපැහැති බීවර් සත්ව ලෝමයන්ගෙන් කර ඇති අතර මේ මාදිළිය ”බයිකෝන් තොප්පි” ලෙස හැඳින්වෙයි. තොප්පිය මිලදී ගත් පුද්ගලයාගෙ අනන්‍යතවය හෙළිව නැති වුවද ඔහු ප්‍රධාන පෙලේ කෞතුක භාණ්ඩ එක් රැස්කරන්නෙක් විය හැකිබව විදෙස් මධ්‍ය පවසයි.

ඉතිහාසඥයන් පවසන පරිදි නැපෝලියන් අධිරාජ්‍යයා වසර ගණනාවක් පුරා බයිකෝන් තොප්පි 120ක් පමණ භාවිත කර ඇත . මේවන විටත් විවිධ ස්ථාන වල ඉන් කිහිපයක් පමණක් ඉතිරිව ඇති බව ඕවුහු පවසති .

1815 දී වෝටර්ලූ සටනේදී ජෙනරාල් වොෂිංටන් හමුවෙ පරාජයට පත් වීමෙන් පසු නැපෝලියන් සතුව තිබූ භාණ්ඩ විශාල ලෙස කොල්ලකන ලදි . ඒවා විවිධ අවස්ථාවන්හීදී වෙන්දෙසි කරනු ලැබීය . රිදී පිඟානක් සහ රේසර්, රිදී දත් බුරුසුවක්, කතුර සහ වෙනත් බඩු බාහිරාදිය සමඟ ඔහු සතුව තිබූ ලී වැනටි පෙට්ටියක් මෙම වෙන්දේසියේදී අලවි කර තිබේ .

t

o

p