Sports

ඔස්ට්‍රේලියාවට ලකුණු 413 ක ඉලක්කයක්

සංචාරක ඔස්ට්‍රේලියාව සමගින් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා ඉනිම ලකුණු  237 කට සීමා කිරීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත් විය. ඔස්ට්‍රේලියාවට තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 412 ක ඉලක්කයක් ලබා දීමට ශ්‍රී ලංකාවට හැකි විය.

හේරත්ගේ කඩුලු ත්‍රිත්වය

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර ගාල්ල ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේදී තේ පාලනය සඳහා තරගය නිමා කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු හයකට ලකුණු 143ක් රැස්කරගෙන සිටියි. ඩිල්රුවන් පෙරේරා හා ධනංජයද සිල්වා නොදැවී පිටියේ රැඳී සිටිති.   ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් රැස් කළ ලකුණු 281ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායම Read More

ඔලිම්පික් උළෙලට සුදානම් වන බ්‍රසීලයේ රියෝ ද ජනෙයිරෝ නුවර

31 ඔලිම්පික් උළෙල බ්‍රසිල් ජාතිකයන්ට පමණක් නොව දකුණු ඇමෙරිකානු සියළුම රටවල් වලට එය වැදගත් උත්සවයකි.  වසර 120 කට පසුව දකුණු ඇමෙරිකානු රටකට ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වීමට වරම් හිමිව ඇත. විශාලත්වය අතින් ලොව පස්වන ස්ථානයෙහි පසුවන බ්‍රසීලය ලංකාව මෙන් 130 ගුණයකින් පමණ විශාලය. සීනි , කෝපි වැනි කෘෂිකාර්මික බෝග වලට ලොව අංක 1 ස්ථානයක් හිමිකරගැනීමට බ්‍රසීලය සමත්ව Read More

ලංකාව 281යි

ගාල්ලේදී අද ආරම්භ වූ ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා දෙවන ටෙස්ට් තරගයේදී පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 281ට සීමා කිරීමට ඔස්ට්‍රේලියාව සමත් විය. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් යළිත් සාර්ථක පිතිහරඹයක නිරත වූ කුසල් මෙන්ඩිස් ලකුණු 86ක් ලබාගත් අතර ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 54ක්, කුසල් ජනිත් ලකුණු 49ක්, ධනංජය ද සිල්වා ලකුණු 37ක් වශයෙන් වැඩිම ලකුණු ලාභිහූ බවට පත්වූහ. මිචෙල් Read More

ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායම බ්‍රසීලය බලා පිටත්ව යයි

බ්‍රසීලයේ රියෝද ජැනැයිරෝහිදී පැවැත් වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව යයි. 9 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙනු ලබන්නේ මැරතන් ඉසව්වෙන් තුන් වැනි වරට ඔලිම්පික් වරම් දිනාගත් අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ විසිනි.

ජනපතිගෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට සුබ පැතුම්

මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් මහතා  (30දා) පස්වරුවේ දුරකථනයෙන් ඇමතූ ජනාධිපතිවරයා සිය සුබ පැතුම් පළ කළ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉදිරි ජයග්‍රහණ වෙනුවෙන් Read More

පළමු ටෙස්ට් තරඟයේ ජය ලංකාවට

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් තරඟය ලකුණු 106කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට ‍ටික වේලාවකට පෙර සමත් විය. මෙම තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව ලකුණු 117ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාව ලකුණු 203ක් ලබාගත්තේය. නැවත පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ලකුණු 353ක් ලබාගත් අතර එහිදී කුසල් මෙන්ඩිස් Read More

ශ්‍රී ලංකා /ඔස්ට්‍රේලියා තීරණාත්මක දිනය අද

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන වෝන් – මුරලි කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ තීරණාත්මක අවසන් දිනය අද (30)යි. ඊයේ (29) තරඟය නතර කරන විට දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම කඩුලූ 3ක් දැවී ලකුණු 83ක් ලබාගෙන සිටියේය. ඒ අනුව තරඟය ජයගැනීම සඳහා ඔවුන් තවත් ලකුණු 185ක් ලබාගත යුතුව ඇත.

සංගාගේ වාර්තාව බිඳ වැටෙන්න කුසල්ට ගත යුතුව තිබුනේ ලකුණු 17යි

ක්‍රිකට් වංශ කතාවේ විශිෂ්ට දක්ෂතා දක්වන ඔස්ට්‍රේලියානුවන් හෙවත් සාමාන්‍ය වහරේ කියන පරිදි කැංගරුවන්ට මහනුවර පල්ලේකැලේදී දිගට හරහට බැට දී ලකුණු 150 සීමාව ඉක්මවා ගිය ලොව දෙවැනි යෞවනයා ලෙස වාර්තා පොත් අතරේ නම සනිටුහන් කර ගැනීමට  කුසල් මෙන්ඩිස් සමත්ව තිබෙනවා. ඒ ශ්‍රී ලංකාවෙන් බිහිවූ තවත් සුපිරි පිතිකරුවෙකු මෙන්ම කඩුළු රකින්නකු ද වූ රොමේෂ් කළුවිතාරණ සතුව තිබූ Read More

කැංගරුවන්ට 268ක අභියෝගයක්

ඔස්ට්‍රේලියාවට ලකුණු 268ක ජයග්‍රාහි ඉලක්කයක් ලබාදෙමින් ශ්‍රී ලංකා දෙවන ඉනිම මීට ටික වේලාවකට පෙර අවසන් විය. පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරඟයේ වැඩි වාසි අත්කර ගැනීමට ශ්‍රී ලංකාව ඒ අනූව සමත්ව තිබේ. ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලබාගත් ලකුණු 117 ලබාගත් අතර ඔස්ට්‍රේලියාව පිළිතුරු ලෙස ලකුණු 203ක් ලබා ගත්තේය. නැවත ශ්‍රී ලංකාව ලකුණු 353ක් ලබාගත් අතර එම Read More

t

o

p