Sports

ධනංජය මංගල ටෙස්ට් ශතකය ලබා ගනී

සංචාරක ඔස්ට්‍රේලියාව සමගින් පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිිතිකරු ධනංජය ද සිල්වා සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් විය. පළමු දිනය නිමා වන විටදී ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුළු 5 ක් දැවී ලකුණු 215 ක් ලබා සිටියි. නොදැවී කඩුල්ලේ රැඳී සිටින ධනංජය ද සිල්වා ලකුණු 116 ක් හා දිනේෂ් චන්දිමාල් ලකුණු Read More

පෙල්ප්ස් සමුගැනීම ප්‍රකාශ කරයි

ඇමෙරිකානු පිහිනුම් ශූර මයිකල් පෙල්ප්ස් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර තිබේ. රියෝ ඔලිම්පික් උළෙලේ මීටර 100 සමනල ආර ඉසව්වේ අද පැවති තරගයෙන් පරාජයට පත් වීමත් සමග ඔහු මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සුසන්තිකාට ක්‍රීඩා අමාත්‍යංශයේ තනතුරක්

ඔලිම්පික් රිදී පදක්කම්ලාභී  සුසන්තිකා ජයසිංහ මහත්මිය ජාත්‍යන්තර තරඟ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීමේ හා පුහුණු කිරීම් පිළිබඳ උපදේශක තනතුරට පත්කිරීමට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පියවර ගෙන ඇත‍. පත්වීම ප්‍රදානය සඳහා ක්‍රීඩා අමාත්‍යංශයේ අතිරේක ලේකම්සෝමරත්න විදානපතිරණ සහ සහකාර ලේකම් එම්. එම්. විජයසේන යන මහත්වරුන් සහභාගී විය.

තවත් බලාපොරොත්තුවක් බිඳවැටේ

රියෝ ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ ශ්‍රී ලංකාවේ තවත් බලාපොරොත්තුවක් ඊයේ (11දා) බිඳවැටුණි. බැඩ්මින්ටන් පිරිමි ඉසව්වේ ‘පී’ කාණ්ඩයෙන් තරග කළ නිලූක කරුණාරත්න චීන ක්‍රීඩක චෙන් ලොන්ග් හමුවේ තරග වට 2 -0කින් පරාජය වීමට සිදුවිය.

ඔලිම්පික් ඉතිහාසයේ වැඩිම රන් පදක්කම් ලාභියා මයිකල් පෙල්ප්ස්

ඔලිම්පික් ඉතිහාසයේ වැඩිම රන් පදක්කම් ප්‍රමාණයක් (19ක්) ඇතුළුව සමස්ථ පදක්කම් 23ක් හිමිකරගෙන ඇති මයිකල් පෙල්ප්ස් ඔලිම්පික් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයා ලෙසින් පිළිගැනෙයි.

කැරිබියන් ශූරතාව සංගාගේ තලවාස් කණ්ඩායමට

බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලදී පැවැති ‘කැරිබියන් ප්‍රිමියර් ලීග්’ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි අදියරේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර ක්‍රීඩා කරන ක්‍රිස් ගේල්ගේ නායකත්වයෙන් යුතු ජැමෙයිකා තලවාස් කණ්ඩායම සමත්විය.

ඔලිම්පික් බිමේ ලංකාව එක්වන පළමු තරගය

රියෝ ඔලිම්පික් කී‍්‍රඩා උළලේ ශී‍්‍ර ලංකාව සහභාගි වන පළමු තරග ඉසව්ව අද (07) පැවැත්වෙනවා. ඊට සහභාගි වන්නේ කිමිකෝ රහීම්. මීටර් 100 පසුපස ආර කාන්තා පිහිනුම් ඉසව්වේ මූලික වටයේ තරගයකටයි ඇය මෙලෙස අද එක්වන්නේ. එම පිහිනුම් ඉසව්ව ශී‍්‍ර ලංකා වේලාවෙන් රාතී‍්‍ර 09.35ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. කිමිකෝ රහීම් මෙවර රියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළලේ ශී‍්‍ර ලංකාව නියෝජනය Read More

ඔස්ට්‍රේලියාව පරදා ටෙස්ට් තරඟාවලිය ජය ගනි

ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් හි අංක 1 කණ්ඩායම පරාජයට පත් කරමින් වෝන් – මුරලි ටෙස්ට් තරඟාවලිය ජයග්‍රහණය කිරීමට ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ ගාල්ලේදී පැවැති ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා දෙවන ටෙස්ට් තරඟය ලකුණු 229කින් ජය ගැනීමත් සමගය. ඔස්ට්‍රේලියාවට එරෙහිව 1999දී ශ්‍රී ලංකාව ලද ටෙස්ට් තරඟාවලි ජයග්‍රහණයෙන් පසුව වසර 17ට පසුව දෙවන වතාවට Read More

t

o

p