ලංකාවේ පළමු ගෝල්ඩ් ගෝස්ට් පදක්කම චතුරංග ගෙන් (ඡායා)

මේ දින වල ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් ගෝස්ට් හි දී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවේ බර උසුලන ක්‍රීඩක චතුරංග ලක්මාල් විසින් ලෝකඩ පදක්කමක් දිනාගැනීමට සමත්වී තිබේ. ඒ, පිරිමි කි.ග්‍රෑ. 56 බර පන්තියෙන් තරග වදිමිනි. මෙය, ගෝල්ඩ් ගෝස්ට් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව ලබා ගත් පළමු පදක්කම වේ. මෙම තරගයේ රන් හා රිදී පදක්කම් දිනාගැනීමට Read More

දකුණු අප්‍රිකාව ජූලි මාසෙ ලංකාවේ

ටෙස්ට් තරග දෙකකට, එක්දින තරග පහකට හා විස්සයි – 20 තරගයක් සඳහා එක්වීමට දකුණු අප්‍රිකා කණ්ඩායම ජුලි 04 දා ශ්‍රී ලංකාවට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. ජුලි 12 දා ගාල්ලේ දී පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් තරගයෙන් තරගාවලිය ආරම්භවීමට නියමිතය. එක්දින තරගාවලියේ අවසන් තරගය ජුලි 29 දා රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. අගෝස්තු Read More

සිරිසේන: හිස සුන් කුකුළෙක් ද, පස්සෙන් සිට පිහියෙන් අනින්නෙක් ද?

(සිරිසේන හෙංචයියාගෙන් තල්ලුව ලත් රාජපක්ෂලාට එරෙහිව යු.එන්.පී සහ එහි හවුල්කරුවෝ) මේ කොලමේ පාත්‍ර වර්ගය වන්නේ, කල් ඉකුත් වූ පතෝලයෙකු සහ බොරු පණ්ඩිතයෙකු, කුමන්ත්‍රණකාරී සහ මොළේ කචල් ග්‍රාම සේවකයෙකුත්, ඒ පස්සෙන් හොල්මන් කරන ප්‍රජාපීඩකයෙකුගේ සෙවනැල්ලකුත් ය. මෙය, ‘මැක්බත්’ රචනයකට ගැලපෙන පිටපතකි. “නිවැරැද්ද වැරැද්ද ය. වැරැද්ද නිවැරැද්ද ය. මීදුම් පටලය සහ දූෂිත වා ගැබ අස්සෙන් සුනංගු වීම.” ජාතිවාදී Read More

දේශපාලන නාටකයක පසුවිපරම

පසුගිය දින අවසන් වූ විශ්වාසභංගය හරහා සිරිසේන හා මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ දෙපාර්ශවය බලාපොරොත්තු වූ අරමුණ ජයග්‍රහණය කිරීමට නොහැකි විය. මේ වනවිට ලාංකීය දේශපාලනය තුල සියලු පාර්ශවයන් සුදානම් වන්නේ 2020 ජනපතිවරණය සඳහාය. ලාංකීය දේශපාලනය තුල ප්‍රධාන දේශපාලන ධාරාව නියෝජනය කරන සිරිසේන, රනිල්, මහින්ද යන තුන් කට්ටුවම මේ වනවිට ඉදිරි ජනපතිවරණය ඉදිරියේ දැඩි ලෙස පරාජිත මුහුණුවරක සිටිනු Read More

ලසන්ත ඝාතනය ගැන ගෝඨාගේ අලුත් බයිලාව

පසුගිය පෙබරවාරි 27 වැනි දා ‘දි අයිලන්ඞ්’ පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වශයෙන් පළවූ “ලසන්ත ඝාතනය පිළිබඳ පරීක්ෂණ අවුලක” නැමැති ප්‍රවෘතියට ප්‍රතිචාර දක්වමින්, ලසන්ත වික්‍රමතුංගව තිරිසන් ලෙස ඝාතනය කර දැමූ අවස්ථාවේ ආරක්ෂක ලේකම් වශයෙන් සිටියා වූ ද, ඝාතනයෙන් ටික දිනකට පසු “ලසන්ත කියන්නේ කවුද?” මැයෙන් බී.බී.සී. ගුවන් විදුලියට කුප්‍රකට සම්මුඛ සාකච්ඡාවක් දුන්නා වූ ද ගෝඨාභය රාජපක්ෂ, සටකපට Read More

ගෝඨාභයගේ අවතාරය

‘‘නිදහස කියා යමක් ඇතොත්, ඒ වනාහී, මිනිසුන් ආසා නොකරන දේවල් ඔවුන්ට කීමට තවත් කෙනෙකුට ඇති අයිතියයි” -ජෝර්ජ් ඕවල්, අමතකයට එරෙහිව කරන මතකයේ අරගලය. අපේ දේශය අරා අවතාරයක් හොල්මන් කරයි. ඒ, 2020 දී ගෝඨාභය ජනාධිපති පදවියට පත්වීමේ අවතාරයයි. 2015 ජනවාරි 8 වැනි දාට කලින්, මේ රටේ බල මර්මස්ථාන ඔස්සේ සිදු කළ ගෝඨාභය රාජපක්ෂගේ කෙරුවාවල් ගැන එදා Read More

තම නායකයාගේ බෙල්ල කපා නායකත්වය ගැනීමට තරම් සදාචාර පිරිහීමක් මට නැහැ -රාජිත

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත්වූ විශ්වාසභංග යෝජනාව අවස්ථාවේ වුවමනාවක් තිබුණා නම් තමන්ටද අගමැතිවීමට තිබූ බව අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කරයි. ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇති අතර ඒ අවස්ථාවේ තමන් පුර්ණ කාළීනව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු යහපාලන ආණ්ඩුව ජයග්‍රහණය කරවීම සඳහා කැපව සිටි නමුත් ප්‍රධාන පක්ෂ තුනේම විවිධ පාර්ශව තමා අමතා Read More

කැබිනට් සංශෝධනය : ‘යන අය ගියාට පසුවයි’ !

සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසු කැබිනට් මණ්ඩල සංශෝධනයක් නියත වශයෙන්ම සිදුවන බවත්, මීළඟ කැබිනට් මණ්ඩල හමුවට ආණ්ඩුවේ අභ්‍යන්තර ගැටලු විසඳාගන්නා බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (10) ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා එබව සඳහන් කළේ, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදීය. ”කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් මට නිශ්චිත දිනයක් කියන්න බැහැ. Read More

තමා අත්අඩංගුවට නොගන්නැයි මහින්දානන්ද ශ්‍රේෂ්ඨාධිකරණයෙනුත් ඉල්ලයි.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් තමන්ව නීති විරෝධී ආකාරයට අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ අභියාචනා අවසර පෙත්සමක් ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ. එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් නම් කර ඇති බවත් පැවසේ. අලුත Read More

t

o

p